Pages

Sunday, June 9, 2013

'ගෝල්ඩන් කී' ඉපැයූ වත්කම් රාජසන්තකයි

සෙලින්කෝ සමාගමේ හිටපු සභාපති ලලිත් කොතලාවල ඔහුගේ බිරිඳ සහ ගෝල්ඩන් කී සමාගමේ ප්‍රධාන අධ්‍යක්‍ෂවරුන් නවදෙනා සතු සියලු වත්කම් මාස තුනක්‌ ඇතුළත පවරාගෙන එහි තැන්පතුකරුවන්ට සහන සලසා දීමට සෙලින්කෝ වත්කම් පවරා ගැනීමේ විශේෂ කාර්ය සාධක බලකාය තීරණය කර ඇත.

ලලිත් කොතලාවල, සිසිලියා කොතලාවල සහ ගෝල්ඩන් කී අධ්‍යක්‍ෂවරුන් නවදෙනා සතු සියලු වත්කම් පිළිබඳව වාර්තාවක්‌ මේ වනවිට සෙලින්කෝ වත්කම් පවරා ගැනීමේ විශේෂ කාර්යය බලකාය මගින් සකස්‌ කරමින් සිටියි. එහෙත් කොතලාවල යුවල සහ අධ්‍යක්‍ෂවරුන් නිවැරැදි වත්කම් වාර්තා මේ වනතුරු ලබාදී නොමැති බව වත්කම් පවරා ගැනීමේ කාර්ය සාධක බලකාය පවසයි.

මෙම පුද්ගලයන්ට අයත් හෙළිනොකළ වත්කම් පිළිබඳව තොරතුරු වෙතොත් වහාම තමන්ට දැනුම් දෙන ලෙස සෙලින්කෝ වත්කම් පවරා ගැනීමේ කාර්ය සාධක බලකාය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ අතර කොතලාවල යුවළ සහ අධ්‍යක්‍ෂවරුන් සතු බැංකු ගිණුම්වල ගනුදෙනු නතර කිරීමටද විශේෂ කාර්යසාධක බලකාය පියවර ගනිමින් සිටියි.

මොවුන් සතු වෙනත් සමාගම්වල ඇති කොටස්‌ පිළිබඳ විස්‌තර මෙන්ම වෙනත් සමාගම්වල කර ඇති ආයෝජන පිළිබඳව ද මේ වනවිට සොයා බලා ගෙන යන බව විශේෂ කාර්ය සාධක බලකාය කියා සිටියි.

සිසිලියා කොතලාවලට අයත් බම්බලපිටිය ෙµdන්සේකා පාරේ පිහිටි ඉඩමක්‌ සහ සය මහල් ගොඩනැගිල්ලක්‌ ඉකුත් 4 වැනිදා මෙම විශේෂ කාර්ය සාධක බලකාය මගින් පවරා ගන්නා ලදී.

සිසිලියා කොතලාවල මේ වනවිට එංගලන්තයේ සැඟවී සිටිනා අතර ඇය අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබාගනිමින් සිටියි.

ගෝල්ඩන් කී මුදල් තැන්පත්කරුවන් 8200 දෙනකු රුපියල් දස ලක්‍ෂ 9179 ක මුදලක්‌ එම සමාගමේ තැන්පත් කර ඇත.

හේමන්ත රන්දුණු

ප.ලි.
කොතලාවල මූලධර්මවාදීන්ට දිට්ඨධම්ම වේදනීය කර්මය පළදී ඇත. 'සොලු යු' (SOLUU) නමින්, NGOවක් අටවාගෙන, යුද්ධය නතර කරන ලෙස කොළඹ ආණ්ඩුවට බලකරමින්, කොටි සාධාරණීය කරණය කරමින් ගෙන ගිය දේශ ද්‍රෝහී ක්‍රියාපිළිවෙත අපට මතකය. 2005 ජනපතිවරණයේදී, සිය 25,000ක් ඉකමවා ගිය සේවකයන්ට, මුසාතතු පවසමින් ('මහින්ද දිනුවොත් ඕගොල්ලන්ට රස්සා නැතිවෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම රනිල්ට ඡන්දය දියයුතුමයි' | කිසිඳු තොරතුරක් සාක්ෂි නොමැතිව නොපවසන ලියුම්කරු, මේ පිළිබඳව හොඳින්ම කරුණු දන්නේ තවමත් සෙලින්කෝ සමූහයේ සේවය කරන ඔහුගේ මිතුරන්ගෙනි), සේවකයන්ට අනිසි බලපෑම් කරමින් මේ නඩය ගෙනගිය වැඩපිළිවෙල අපට හොඳින් මතකය (ලියුම්කරු රාජපක්ෂවාදියෙකු නොවන අතර බොදු උරුමය රැක ගැනුමට ක්‍රියා නොකිරීම සම්බන්ඳයෙන් ආණ්ඩුවට සෘජුවම චෝදනා කරන්නෙකි. 

සිහල බොදු බලයෙන් සිහසුන් වැඩි පාලකයන්ට අමතක වූ කෘතගුණ!
http://denethharinna.blogspot.com/2013/06/blog-post_1.html

සෝම හිමියන්ගේ අපවත් කිරීමටද මේ මූලධර්මවාදී නඩය සම්බන්ඳ බවට වාර්ථා පලවී තිබේ. (ඒ සම්බන්ඳයෙන් ලියුම්කරු සතුව සාක්ෂි නැත)

0 comments: