ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් සංවිධානය කෙරුණු මෙම සියලු පිංකම් අනුරාධපුර අටමස්‌ථානාධිපති උතුරු මධ්‍යම දෙපළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස, රුවන්වැලි චෛත්‍යරාමාධිකාරී නුවර කලාවිය ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන හා මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණුවැවේ ධම්මරතන යන නාහිමිවරුන්ගේ අනුශාසනා මත පැවැත්විණි.
මේ අනුව ඊයේ (23 දා) එම විහාරස්‌ථානවලදී දාන, සීල, භාවනා, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, මල් පහන් බුද්ධ පූජා ආදී පිංකම් පැවති අතර ජය ශ්‍රී මහා බෝධිය හා රුවන්වැලි මහා සෑයේ පැවති පිංකම්වලට ඊයේ පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු රජයේ මැති ඇමැතිවරු ද සහභාගි වූහ.
මේ අතර කොළඹ ජනාධිපති මැඳුරේදී සෑම පුන් පෝය දිනකම පැවැත්වෙන ධර්ම දේශනා මාලාවට සමගාමීව සංවිධානය කළ ධර්ම දේශනයක් ඊයේ (23 දා) අනුරාධපුර ජනාධිපති මන්දිරයේදී පැවැත්විණි.
එම අවස්‌ථාවේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය සමඟ උතුරුමැද ප්‍රධාන ඇමැති එස්. එම්. රංජිත් සමරකෝන්, නියෝජ්‍ය ඇමැති එස්. එම්. චන්ද්‍රසේන ඇතුළු රජයේ මැති ඇමැතිවරු සහභාගි වූහ.
අනතුරුව ජනාධිපතිවරයා විසින් අනුරාධපුර පූජා භූමියේ අභිනවයෙන් ඉදිකෙරෙන සඳහිරුසෑයේ නිධන් වස්‌තු තැන්පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවයට එක්‌විය.
මේ අතර ජයශ්‍රී මහා බෝධිය ඇතුළු අටමස්‌ථානය සහ මිහින්තලේ රජමහා විහාරස්‌ථානයේදී පැවති ශීල ව්‍යාපාරවලට පනස්‌දහසකට අධික උවසු උවැසියන් පිරිසක් සහභාගි වූහ. එම සිද්ධස්‌ථාන සුදුවතින් සැරසුණු සැදැහැවතුන්ගෙන් පිරී පැවතිණි.
සැදැහැවතුන් වෙනුවෙන් අනුරාධපුර සහ මිහින්තලේ පූජා භූමි ප්‍රදේශ ආශ්‍රිතව දන්සල් 200 ක් පමණ ක්‍රියාත්මක විය.
අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු සහ සිරිල් බස්‌නායක
http://www.divaina.com/2013/06/24/news04.html
0 comments:
Post a Comment