Pages

Wednesday, June 26, 2013

අපේ දොර වැහුවොත් චීනය දොර අරීවි. පාකිස්ථානෙ දාපුතැනට ලංකාව දාන්න එපා - ඉන්දීය කර්මාන්ත ඇමති

ඉන්දීය වාණිජ හා කර්මාන්ත අමාත්‍ය සුදර්ශන නාචියප්පන් මහතා තමිල්නාඩු විරෝධතා පිළිබඳව සිය නෙසතුට පලකොට තිබේ. "ද හින්දු" පුවත්පත සමඟ සිය අදහස දක්වන ඇමතිවරයා ඉන්දියාව, පකිස්ථානය සමඟ ඇතිකරගෙන ඇති ගැටලු සහගත තත්ත්වය ශ්‍රී ලංකාව සමඟ ඇති නොකරගත යුතු බවත්, ශ්‍රී ලාංකික හමුදා නිලධාරීන්ට ඉන්දියාවේ පුහුණුව ලබාදීම ප්‍රතික්ෂේප කළහොත් චීනය එම අවස්ථාව ලබාදෙනු ඇති බවත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තීරණ ගැනීමේ දී දෙරට අතර පවතින දීර්ඝ කාලීන සම්බදතා පිළිබඳව දැඩි අවධානයක් යොමුකළ යුතු බවත් පවසයි. 
මේ අතර තමිල්නාඩුවේ වෙලින්ටන් ආරක්ෂක මාණ්ඩලික විද්‍යාලයේ පුහුණුව ලබමින් සිටි මෙරට හමුදා නිලධාරීන් දෙදෙනාට දිගින් දිගටම විරෝධතා එල්ල වීම හේතුවෙන් අදාළ ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනා යළි ශ්‍රී ලංකාවට එවීමට පියවර ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. තමිල්නාඩු දේශපාලන අංශ සහ එල්.ටි.ටි.ඊ. හිතවාදී පිරිස් ශ්‍රී ලාංකික ආරක්ෂක අංශ සාමාජිකයින්ට තමිල්නාඩුවේ යුධ පුහුණුව ලබාදීමට එරෙහිව දැඩි විරෝධය පළ කරමින් උද්ඝෝෂණ පවත්වනු ලැබූ අතර එලෙස විරෝධතාවල නිරත වු පිරිස් සිය ගණනින් ඉකුත් දිනවල පොලීසිය විසින් අත්අඩංගුවටද ගනු ලැබීය.

2013 ජුනි 25 03:00 p.m
http://lakbima.lk/index.php?option=com_content&view=article&id=12542:2013-06-25-09-27-21&catid=34:news&Itemid=62

[
සබැඳි ලිපි
චීනයද? ඉන්දියාවද?http://denethharinna.blogspot.com/2012/09/blog-post_4.html
]

0 comments: