පූජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියෝ වසර ගණනාවක් තිස්සේ ගවා ඝාතනයට හා අන්‍යාගමික කරණයට එරෙහිව ඉමහත් කැපවීමෙන් මහා ප්රයත්නයක යෙදුනහ. එහෙත් හොර හරක් ලොරි අල්ලා පොලිසියට බාර දෙමින් ගවයන් බේරාගැනීමට දැරූ ප්රයත්නයන් මෙන්ම අන්‍යාගමික කරණයට එරෙහිව ඉන්ද්‍රරතන හිමියන් දැරූ වෙහෙස බලවතුන්ගේ හෝ බහුතර ජනතාවගේ ඇස් අරවන්නට තරම් ප්‍රබල නොවූයෙන් ජාතිය අවදි කරවන්නට සුදුසු යයි තමන් වහන්සේ විශ්වාස කළ ක්‍රියා මාර්ගය තෝරාගත් උන්වහන්සේ ගිනිවැද දිවි පිදූහ. ඉන්ද්‍රරතන හිමියන් තෝරාගත්තේ වියට්නාමයේ ක්වාන්ඩක් හිමියන් නව යටත් විජිතවාදී අමෙරිකානු ආක්රමණික බලයට එරෙහිව ගත් මගයි.
දුප්පත් ගැමියන් ක්රිස්තියානියට හරවා ගැනීම සඳහා තමන් සතු ධන බලය උපයෝගී කරගන්නා ක්‍රිස්තියානි මූලධර්මවාදීන්ගේ ක්‍රියාමාර්ගය නව යටත් විජිත වාදයේම එක් ආකාරයක් බවට සැකයක් නැත. පැරණි යටත් විජිතවාදීන් තම ආක්රමණික හමුදාවන්ගේ අවි බලය උපයෝගී කරගෙන යටත් ජනතාවන් ක්රිස්තියානියට හරවාගත් අතර නව යටත් විජිතවාදීන් අනුගමනය කරන්නේ අවි බලය වෙනුවට ධන බලය යොදා ගැනීමේ ක්‍රියාමාර්ගයයි. ශ්‍රී ලංකාවේ අපේ බහුතර ජනතාවගේ අධිරාජ්‍ය විරෝධී දේශප්‍රේමයේ පදනම් සාධකය වන්නේ සිංහල බෞද්ධකමයි. එහෙයින් අපේ ජනතාවගේ නැතිබැරිකම් උපයෝගී කරගෙන බෞද්ධයන් ක්රිස්තියානියට හරවා ගැනීම නව යටත් විජිතවාදී ක්‍රියාමාර්ගයක් බවට සැකයක් නැත. එහෙයින් සිංහලේ දේශප්‍රේමි ජාතික ආධ්‍යාත්මික පදනම වූ බෞද්ධකම රැකගන්නට ආත්ම පරිත්‍යාගයෙන් කටයුතු කිරීම නව යටත්විජිතවාදී ආධිපත්‍යය පැතිරවීමට එරෙහිවීම බවට සැකයක් නැත.
ධන බලය උපයෝගී කරගෙන දුප්පත් බෞද්ධයන් ක්රිස්තියානියට හරවා ගැනීම සිංහල ජනතාව අතර පමණක් සිදුවන්නක් නොවේ. දුප්පත් හින්දුන්ද ධන බලය උපයෝගි කරගැනීම මගින් ක්රිස්තියානියට හරවා ගනු ලබන හෙයින් අන්‍යාගමික කරණයට එරෙහිව කරන කැපකිරීම්වලින් ප්‍රකාශ වන අධිරාජ්‍ය විරෝධය හා දේශප්‍රේමය බෞද්ධයන්ට මෙන්ම හින්දුන්ටද පොදු වූවකි. අනෙක් අතින් ආගම් බේදයෙන් තොරව ගවයා සියලුම ගොවිජන කොටස්වල අහිංසක කිට්ටුම මිතුරු සිව්පා සත්වයා වන අතර ගවයා හින්දු භක්තිකයන්ට පූජනීය වේ. එහෙයින් දිනපතා දහස් ගණනින් කෙරෙන ගව ඝාතනය නිසැකවම බෞද්ධයන්ගේත් හින්දුන්ගේත් දේශප්‍රේමී ජාතික ආගමික හැඟීම් විනාශ කිරීමේ නව යටත් විජිතවාදී ක්රියාමාර්ගයේම කොටසක් බවට සැකයක් නැත. සිංහල බෞද්ධයන්, ලංකාවේ දෙමළ හින්දුන් සමඟ එක්ව පෘතුගීසි බලයට විරුද්ධව සටන් කළ දේශප්‍රේමී මුස්ලිම්වරුන්ද එදා ගව ඝාතනයට සම්බන්ධ වූයේ නැත. ගෙරිමස් කමින් මත්පැන් බොමින් ලක්වැසියන්ට පීඩා කළ පෘතුගීසින්ට එරෙහිව සටන් කිරීමේදී බෞද්ධ, හින්දු, මුස්ලිම් කව්රුත් එක හදින් එක්ව කටයුතු කළහ. ලන්දේසීන්ගෙන් කතෝලිකයන් ආරක්ෂා කර ගැනීමේදීද භික්ෂුන් වහන්සේලා පෙරමුණ ගත්හ.
කතෝලික බැතිමතුන් මෙන්ම මුස්ලිම්වරුන්ද තම පිලට හරවාගන්නට උපායශීලීව කටයුතු කළේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ උපායට ගොදුරු වූ මුස්ලිම්වරුන්ගෙන් කොටසක් මෙන්ම කතෝලිකයන්ගෙන් කොටසක්ද ගව ඝාතනයට එක්වූවත් පෘතුගීසින්ට එරෙහිව එක්ව සටන් කළ අවදියේ පටන් අද දක්වාම ගවමස් නොකන මුස්ලිම්වරුන්ද ලංකාවේ අප අතර වෙසෙන බව රහසක් නොවේ. ගවයා පූජනීයත්වයෙන් සලකන හින්දුනුත් කෘෂිකාර්මික ශ්‍රී ලංකාවේ බුද්ධභෝගයේ යෙදෙන බෞද්ධයනුත් ගවයන් සලකන්නේ තමන්ගේ කිට්ටුම හිතවත් මිතුරු සිව්පාවුන් ලෙසිනි. එහෙයින් ගව ඝාතනය වැළැක්වීමත් ධන බලය උපයෝගී කරගෙන කරන ක්‍රිස්තියානිකරණයට එරෙහි වීමත් අරමුණු කරගෙන පූජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් කළ ජීවිත පූජාව බෞද්ධ හින්දු සමගිය සඳහා වූ ශක්තිමත් පාලමක් බවට හරවාගත හැකිවනු නිසැකය. ගවමස් නොකන බුද්ධිමත් මුස්ලිම් සුළුතරයද එම දේශප්‍රේමී සමඟි පිළිවෙතට එක්කර ගැනීම මගින් බහුතර මුස්ලිම් ප්‍රජාව මෙන්ම දේශප්‍රේමී කතෝලික ජනතාවද ඒ උතුම් ජාතික අරමුණ වටා එක්වනු ඇත.
http://www.divaina.com/2013/06/08/feature02.html
ඉන්ද්‍රරතන යතිවිරු ජීවිත දානය සබැඳි ලිපි -[බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ දේහය කහ පැහැ චිතකයේදී ගිනි දැල්වලින් වෙලා ගත්තේය...http://denethharinna.blogspot.com/2013/05/blog-post_2445.html
බෝසත් මඟ යමින් පරාර්ථය වෙනුවෙන් තම දිවි දන් දුන් මහා යති විරුවාණෝ... බෝවත්තේ ඉන්ද්‍රසාර බුදු පුතුණ්ට අමා මහ නිවන්සුව අත්වේවා!
http://denethharinna.blogspot.com/2013/05/blog-post_2954.html
බුද්ධ පුත්‍රයාගේ ජීවිත හරණය, මිලිටරි මැදිහත්වීම සහ බොදුනුවන්ගේ අඳුරු අනාගතයhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_1795.html
ඉන්දරතන හිමියන්ගේ අපවත්වීම සිය දිවි හානිකර ගැනීමක් ද?http://denethharinna.blogspot.com/2013/05/blog-post_8830.html
ඉන්ද්‍රරත්න යතිවිරු අවසන් බුහුමන් ගුණකථනhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_5397.html
කෙටිකලක් තුළ ඉන්ද්‍රරතන හිමි කළ සේවය සලකන කළ, තව වසර කිහිපයක් සිටියානම් මොනතරම් සේවයක් කරයිද? - නාපාන පේමසිරි මහනාහිමිhttp://denethharinna.blogspot.com/2013/06/blog-post_3344.html
බොදු උරුමය වෙනුවෙන් සහ ගව ඝාතනය වැළකුම වෙනුවෙන් පාලකයන්ගෙන් නිසි පිළිතුරක් නොලැබුණු තැන උන්වහන්සේ දිවි පූජා කළා - ඥාණසාර හිමි
http://denethharinna.blogspot.com/2013/05/blog-post_2889.html
ජීවිත පරිත්‍යාගය අවතක්සේරු කිරීමට බැහැ - ජාතික සංඝ සම්මේලනය
http://denethharinna.blogspot.com/2013/05/blog-post_3858.html
ඉන්ද්‍රරතන හිමිගේ අරමුණු වෙනුවෙන් ජීවිතය දෙන්න තවත් භික්ෂූන් සූදානම් - SR
http://denethharinna.blogspot.com/2013/05/sr.html
භික්ෂූන්ට පහරදී ඉන්ද්‍රසාර යතිවිරුවාණන්ගේ ශ්‍රි දේහය බලහත්කාරයෙන් කහවත්තට
http://denethharinna.blogspot.com/2013/05/blog-post_6989.htmlඉන්ද්‍රරතන හිමිගේ දේහය රත්නපුරයට ගෙනයන හැඩ… මල් ශාලාව ඉදිරිපිට විරෝධතාhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_26.htmlඉන්ද්‍රරතන හිමිගේ දේහය ඉල්ලන භික්ෂූන්ට සලකන්නට කැරළි මර්ධන ඒකකය සූදානම්http://denethharinna.blogspot.com/2013/05/blog-post_1562.html
]

0 comments:
Post a Comment