හලාවත මුන්නේශ්වරම් ශ්‍රී භද්‍රකාලී අම්මාන් දේවාලයේ බිලි පූජා ලෙස සිදුකරන සත්ත්ව ඝාතනය තහනම් කරන ලෙසට පවරා තිබෙන නඩුව ඊයේ (07 දා) විභාගයට කැඳවූ අවස්‌ථාවේ එහි වගඋත්තරකරුවන් දෙදෙනා හලාවත දිසා අධිකරණයේ පෙනී නොසිටියෙන් හලාවත ප්‍රධාන දිසා විනිසුරු ජගත් ඒ. කහඳගමගේ මහතා වගඋත්තරකරුවන්ට වරෙන්තු නිකුත් කර නඩු විභාගය සැප්තැම්බර් 20 වැනිදාට කල් තැබුවේය.
වගඋත්තරකරුවන් වූයේ භද්‍රකාලි අම්මාන් දේවාලයේ ප්‍රධාන පූජක කාලිමුත්තු සිවපාක්‍ය සුන්දරම් සහ සහායක පූජක එම්. මහේන්ද්‍රසාමි යන දෙදෙනාය.
මෙරට සත්ත්ව සුබසාධන කටයුතුවල ක්‍රියාකාරී සාමාජිකාවක් වන නාවල නුවරවත්ත පදිංචි නීතිඥ ලලනී සේරසිංහ පෙරේරා මහත්මිය පෞද්ගලිකව මෙම නඩුව පවරා තිබිණි.
පසුගිය නඩු වාරයකදී 2012-07-13 දින පැමිණිල්ලේ පළමු සාක්‍ෂිකාරිය වන ඇයගෙන් සාක්‍ෂි ලබාගෙන තිබුණු අතර ඊයේ (7 දා) ඇයගෙන් විත්තිය වෙනුවෙන් හරස් ප්‍රශ්න ඇසීමට නියමව තිබිණි.
පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ හර්ෂණ නානායක්‌කාර මහතා පෙනී සිටියේය.
හලාවත අධිකරණ
http://www.divaina.com/2013/06/08/news10.html

0 comments:
Post a Comment