බුද්ධශාසන අමාත්‍යංශයක් තිබුණාට ශත පහක වැඩක් නැහැ. ඒ අමාතයංශයෙන් නොයෙකුත් නීතිරීති දමලා භික්ෂූන් වහන්සේලා මර්දනය කිරීමට උත්සාහා කරනවා යැයි ගාල්ල තල්පේ පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක සද්ධර්ම කීර්තශ්රී පවරකිත්ති මතුගම ගුණරත්න නාහිමියෝ පැවසීය.
උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අක්මීමන තල්ගස්යාය ශ්‍රී අශ්වස්ථාරාම විහාරයේ පැවති දහම් හමුවකදීය.
තවදුරටත් අදහස් දැක් වූ උන්වහන්සේ,
”බුද්ධශාසන අමාත්‍යංශය තියෙන්නේ නමට පමණයි. ශාසනයටවත් බෞද්ධයාටත් සත පහක වැඩක් නැහැ. භික්ෂූන් වහන්සේලාට ලැබෙන පිරිකර ගණන් කරන්න නීතිරීතී දානවා. භික්ෂූන් වහන්සේලාගේ අධ්‍යාපනය ගැන අඩුපාඩු ගැන විහාර්ස්ථානවල පවතින අඩුපාඩු ගැන සොයන්නේ නැහැ. විහාරස්ථාන විශාල සංඛ්‍යාවක් වැසීගොස් තියෙනවා. අද රටට සිංහල බෞද්ධ නායකත්වයක් නැහැ.
දහම් පාසල් පොත් ටිකවත් හරියට දෙන්නේ නැහැ. නමුත් බුද්ධශාසන අමාතයංශයෙන් අපට ලැබෙන අටපිරිකර ගැන හොයන්න එනවා. ශාසනික සේවය හරියට කරනවා නම් භික්ෂූන් වහන්සේලා ගිනි තියාගන්නේ නැහැ.” යැයි පැවසූහ.
”ජනාධිපතිතුමා වටේ ඉන්න භික්ෂූන් වහන්සේලා තමයි යමක් කරගත්තේ. අපි ලියුමක් යොමුකළ විට අතනට යොමු කළ කියලා නැවත ලියුමක් එනවා. නමුත් වැඩක් කෙරෙන්නේ නෑ. මහානායක හිමිවරුන් මේ ගැන හොයන්නෙත් නෑ. බෞද්ධ කටයුතු අමාත්‍යංශය වෙසක් පෝයට පමණක් චක්‍රලේඛ එවනවා. බැනර් දමන්න. මේ පාඨය ගහන්න. අර පාඨය ගහන්න කියලා” යැයිද ගුණරතන හිමියෝ වැඩිදුරටත් පැවසූහ.
June 8, 2013 at 4:05 am | lanka C news

0 comments:
Post a Comment