Pages

Friday, June 21, 2013

විදෙස් කොටි ශ‍්‍රී ලාංකිකයන්ට පහර දේ! ක‍්‍රීඩා පිටිය මැදටත් පනී.

ඊයේ එංගලන්තයේ කාඩිෆ්හිදී පැවති ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරගය නැරඹීම සඳහා පැමිණ සිටි ශ්‍රී ලාංකිකයන්ට  අසලදී කොටි හිතවාදීන් පහර දී තුවාල සිදුකර ඇතැයි වාර්තා වේ.

ප‍්‍රහාරයෙන් ශ‍්‍රී ලාංකිකයන් 15කට ආසන්න පිරිසක් තුවාල ලැබ ඇති අතර කොටි හිතවාදීන් ශ‍්‍රී ලංකා පේ‍්‍රක්ෂකයන්ට පහරදීම සඳහා යකඩ පොලූ මුගුරු සහ විවිධ පුවරු භාවිත කර තිබෙන බවද පැවසේ.

කොටි හිතාවාදීන් 2000ක් පමණ ක්‍රීඩා පිටියේ රැදී සිට ඇති අතර අතිරේක පොලිස් කණ්ඩායම් එහි පැමිණීමත් සමඟ ගැටුම් තත්වය සමනය වී තිබේ.

මේ අතර තරගයේ ශ්‍රී ලංකා ඉනිමේ තිලකරත්න ඩිල්ෂාන් සහ ලසිත් මාලිංග අවසන්  ඕවරයට මුහුණ දෙමින් සිටියදී එල්ටීටීඊ කොඩි රැගෙන කොටි හිතවාදීන් දෙදෙනකු ක‍්‍රීඩාංගණයට කඩා වැදීම නිසා තරගය මද වේලාවක් නතර කිරීමටද සිදුවිය.

June 21, 2013 at 1:02 am | lanka C news

0 comments: