Pages

Thursday, June 27, 2013

13 සංශෝධනය කල් යයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය නැවත වරක් සංශෝධනය කරමින් ගෙන ඒමට නියමිත ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර නොගැනීමට ආණ්ඩුව තීරණය කර ඇත.

13 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය ලෙස ගෙන ඒමට ආණ්ඩුව සූදානම් වූවේ පළාත් සභා දෙකක් හෝ කිහිපයක් එකතු කිරීම තහනම් කිරීම සහ යම් පනතක් සියලු පළාත් සභාවන්ගෙන් නොව බහුතර පළාත් සභාවන්ගෙන් සම්මත වීම ප්‍රමාණවත්ය කියන සංශෝධනයන්ය.

මෙම සංශෝධනය සම්මත කරගත යුත්තේ තුනෙන් දෙකක ඡන්දයෙන් වුවත් ඊට ඡන්ද තුනක් මුලින්ම ආණ්ඩුවට නොමැතිව පැවැති අතර, පසුව ආණ්ඩුවේ ඇමැතිවරු 06ක්  මීට විරෝධය දැක්වීමත් සමග මෙම පනත සම්මත කර නොගැනීමට ආණ්ඩුව තීරණය කර ඇත.

කෙසේ නමුත් මෙම සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති ආණ්ඩුව එම පනත දින දෙකක් විවාද කොට ඡන්දය නොවිමසා කල් තැබිමටද සැලසුම් කර තිබෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සිදුවන්නේද සංශෝධනයෙන් තොරවය.
මේ අතර, 13 වන සංශෝධනය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ අදහස් දැක්වීමද ජනාධිපතිවරයා විසින් තහනම් කර ඇතැයිද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රකාශකයකු සඳහන් කළේය.

ලසන්ත වීරකුලසූරිය - 2013 ජුනි 27 08:45 a.m
http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=12672:13-&catid=34:news&Itemid=62

0 comments: