පසුගිය වෙසක් පුන් පෝදා බුදුහිමියන් වැඩම කළ නාගදීපය වැඳපුදා ගන්නට කඩවත ප්‍රදේශයේ පවුල් දහසයක අඹු සැමි දුවා දරුවන් පනස් හතර දෙනෙක් නාගදීපය බලා ගියහ.
දූපතක් බඳු වූ නාගදීපයට යාපනය වෙරළේ සිට ටික දුරක් මුහුදෙන් යා යුතු විය. පාරේ දුවන බස් සේවය මෙන් මේ මුහුදු ගමනට යාන්ත්‍රික බෝට්ටු 13 ක් පමණ යොදවා තිබිණි. යාපනය වෙරළේ සිට නාගදීප වෙරළට යැමට බෝට්ටු ගාස්තුව රුපියල් තිහකි. කාලයක් තිස්සේ වැඩකරන මේ බෝට්ටු අති බහුතරය අබලන් ඒවාය. මගීන් හාරසීයකට පමණ යා හැකි එක් අලුත් බෝට්ටුවක් විය. එය නාගදීප විහාරය සතුබව දැනගන්නට ලැබිණ. යාපනය වෙරළේ සිට නාගදීප වෙරළට යැමට කඩවත නඩයට මේ බෝට්ටුවේ ඉඩකඩ ලැබිණ. ඒ මගින් නාගදීපයට ගොස් වැඳ පුදා ගෙන ආපසු යාපනය වෙරළට යැමට ඔවුහු නාගදීප වෙරළ තීරයට පැමිණියහ. බෝට්ටු කාරයන්ගේ ගමන් වාර බෙදාගැනීම් අනුව මේ පිරිසට ආපසු යැමට ලැබුණේ ඉතාමත් අබලන් තත්ත්වයේ බෝට්ටුවකි.
බෝට්ටුවේ යන මගීන් ජීවිතාරක්ෂාව පිණිස ඒ සඳහා සෑම බෝට්ටුවකම ඇති "ජැකට් ඇඳුම" ඇඳගත යුතුවිය. මේ ජැකට් ඇඳුම ඇඳගත් අය හදිසියේ මුහුදට වැටුණත් මුහුද මතුපිට පාවෙනවා මිස දිය යටට ගිලා බහින්නේ නැත. නමුත් මේ අබලන් බෝට්ටුවේ පැවති ජැකට්ද බෝට්ටුව තරමටම අබලන් ඒවාය. ඒවා ඇඳගත් අය මුහුදට වැටුණ ගමන් මුහුදේ ගිලාබහින බවට සැකයක් නැත. ඒ තරමටම ඒවා අබලන්ය.
කඩවත පිරිස ආපසු ඒමට මේ අබලන් බෝට්ටුවට නැග ගත්හ. සියයක් පමණ යා හැකිවූ බෝට්ටුවට බස් රියක මෙන් හිරවී තදවී හිටගෙන දෙසීයක් පමණ දෙනා නැගගෙන සිටියහ. බෝට්ටුව පිටත්වී මීටර් විස්සක් දුරවත් ගියේ නැත. බෝට්ටුවේ එන්ජිම එක් වරටම නැවතිණ. දැන් බෝට්ටුව මුහුද මැද පැද්දි පැද්දී පවතී. බෝට්ටු හිමියන් එන්ජිම සමග පොරබදා යන්තමින් අමුණාගෙන පණ ගන්වා ඉදිරියට ඇදෙන්නට විය. තවත් මීටර් පනහක් පමණ දුර යද්දී නැවතත් එන්ජිම නැවතිණි. දැන් කළ හැකි කිසිවක් නැත. බෝට්ටුව කාරයන් ගේ අනතුරු සංඥවක් ඇඟවීම නිසා තවත් එබඳුම දිරාපත් බෝaට්ට්ටුවක් පැමිණ, මෙම මගීන් සිටි බෝට්ටුව නාගදීප වෙරළ දෙසට ඇදගෙන යන්නට පටන් ගත්තේය.
නමුත් ඒ ආගන්තුක බෝට්ටුවටද වැඩිදුරක් යන්නට නොලැබිණ. එම බෝට්ටුවේද එන්ජිම නැවතිණ. එය නැවත පණගන්වන්නට බෝට්ටුකාරයන් ටික වේලාවක් උත්සාහ කළත් සාර්ථක වූයේ නැත. ඒ අතර මුහුදේ සුළඟ සැඩ පරුෂ විය. දියරළට මැදිව බෝට්ටු දෙකම මුහුදේ ගසාගෙන යන්නට විය.
බෝට්ටුවේ මගියෝ මර හඬ දෙන්නට වූහ. සමහර මව්වරු දරුවන් තුරුළු කරගෙන අපි බේරා ගනියෝ කියමින් මහ හඬින් විලාප දෙන්නට වූහ. සියලු දෙනා බියෙන් වෙව්ලන්නට වූහ. කළයුතු නොකළ යුතු දේ නොදැන සියලු දෙනා දැඩි කම්පනයකට පත්වූහ. ඇතැම් මව්වරු දරුවන් තුරුළු කරගෙන පර ලොවට කැපවී දෙනෙත් පියා ගත්හ. දැන් මොවුන්ට නාගදීපයේ ගොඩබිම වත් යාපනයේ ගොඩබිමවත් පෙනෙන්නේ නැත. බෝට්ටු සුළඟත් සමග දියඹට පාවී යයි. මේ අතර මේ බෝට්ටු දෙක ඇදගෙන යැම සඳහා කළුÊපැහැති කුඩා බෝට්ටුවක් බෝට්ටු දෙක ළඟට සේන්දුවීමේදී දිරාපත්ව තිබූ ඒ බෝට්ටුවේද කොටසක් කැඩී ගියේය. තුන්වෙනි වරට පැමිණි කළුÊබෝට්ටුවත් ඇන හිටියේය. ඒ අවස්ථාවේ තවදුරටත් මගියෝ කබලෙන් ළිපට වැටුණ තත්ත්වයට පත්වූහ.
බෝට්ටු දෙකම මුහුද මැද අයාලේ පාවෙන්නට විය. මුහුදු රළත් සමග බෝට්ටු පැද්දි පැද්දී පැය බාගයක පමණ කාලයක් අයාලේ පාවෙන්නට විය. තවත් මිනිත්තු දහයකින් පහළොවකින් තමන් මුහුදුබත් වනු ඇතැයි කවුරු කවුරුත් විලාප නගන්නට වූහ.
මේ අතර කඩවත නඩයේ සිටි උපාධිධාරී ගුරුවරයෙකු වූ හරිශ් නන්දන මහතාට නාවික හමුදාවේ සේවයේ යෙදී සිටින සිය මිතුරෙකු මතක් විය. ඔහුට දුරකථන ඇමතුමක් ගන්නට බොහෝ වේලාවක් වෙහෙසෙන්නට සිදුවිය. යාළුවාගේ දුරකථන අංකය සිහියට ගන්නට හරිශ්ට ටික වේලාවක් ගතවිය. අංකය මතක් කරගෙන දුරකථනයට ඇඟිලි තැබූවිට බොහෝ විට ඇඟිල්ල ගියේ නියමිත අංකයට නොවේ. ඒ තරමටම සෙසු අය මෙන්ම හරිශ්ද කම්පනයට සහ අසිහියට පත්ව සිටියේය. කෙසේ හෝ ටික වේලාවක් දැඟලීමෙන් නාවික හමුදාවේ යාළුවාට කථා කර ගත හැකි විය. ඒ වනවිට ඔවුහු ගොඩබිම් වලින් ඈත්ව මුqහුදේ බොහෝ දුර පාවී ගොස් තිබිණ.
හරිශ්ගේ යාළුවා ඇසුරු සැණින් ක්‍රියාත්මක විය. මුහුදු අනතුරකදී ඉව වැටුණ ගමන් අනතුර දෙසට ලුහුබැඳීම නාවික හමුදාවේ සිරිතය. තවත් මිනිත්තු පහළොවක් පමණ ගතවෙද්දී නාවික හමුදා යවත්රාවක් අනතුර සිදුවූ බෝට්ටු අසලට සේන්දුවී බෝaට්ටු දෙකම ඇදගෙන නාගදීපයේ වෙරළට රැගෙන යනු ලැබීය. දෙපැයක පමණ කාලයක් මරණය පෙනී පෙනී මරුවා සමග පොර බදමින් සිටි කඩවත නඩයට නාගදීප ගොඩබිමට පය තබා ගත හැකි විය. ඒ අවස්ථාවේ ඒ අසලින් ප්‍රාඩෝ රථයකින් ගමන් කරමින් සිටි නාගදීප හාමුදුරුවන් ගෙන් එගොඩ යැමට පන්සලේ සුරක්ෂිත බෝට්ටුව හරිශ් විසින් ඉල්ලා සිටින ලද නමුත් ඒ අවස්ථාවේ එය ලබාගත නොහැකි විය. පසුව නාවික යාත්‍රාවේ පසු ගමන් ඇතිව එතැන තිබූ තවත් අබලන් බෝට්ටුවකින් කඩවත නඩයට යාපනයේ වෙරළට පැමිණීමට හැකි විය.
මුහුදේ රළු ගති නිසාද බෝට්ටුවල අබලන් තත්ත්වය නිසාද නැවියන්ගේ නොසැලකිලිමත් කම නිසාද මුහුදු මැද කලාතුරකින් අනතුරු ඇතිවෙති. නමුත් යාපනය වෙරළේ සිට නාගදීප වෙරළට යැමට නිත්‍ය වශයෙන් යොදවා ඇති බෝට්ටු සේවය නම් සැදැහැවත් බෞද්ධ ජීවිත සමග සෙල්ලම් කිරීමකි. යාපනය වෙරළේ සිට නාගදීප වෙරළට යන කුලී බෝට්ටු සේවයත් හරියටම ගොඩබිමේ දුවන පෞද්ගලික බස් සේවාවටත් වඩා අන්තයට පිරිහී ඇත. මෙම බෝට්ටු සේවය පිළිබඳ අධීක්ෂණයක් නිරීක්ෂණයක් නිතර සොයා බැලීමක් මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමක් ඇත්තේම නැත. පාළුගෙයි වළං බිඳින්නාක් මෙන් පෞද්ගලික බෝට්ටු කාරයන්ගේ හිතූ මනාපයට මෙම බෝට්ටු සේවය පවත්වා ගෙන යති. සැබවින්ම මොවුන් කරන්නේ සැදැහැවත් බෞද්ධ ජීවිත සමග සෙල්ලම් කිරීමකි. මේ බෝට්ටුවලට ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාව මගින් වසරක් පාසා ගාස්තු අයකරමින් බලපත්‍ර නිකුත් කරනවා ඇති. නමුත් ගාස්තු අයකරනවා මිස එම ආයතන මගින් මගීන්ගේ ආරක්ෂාව ගැන කිසිදු සොයා බැලීමක් නැත.
දැනට මෙහි සේවයේ යොදවා ඇති සියලුම අබලන් බෝට්ටු ආරක්ෂිත ප්‍රමිතියකට ප්‍රතිසංස්කරණය කරනතුරු මෙහි සේවයේ යොදවන්නට ඉඩ නොදිය යුතුය. වරක් මේ ස්ථානයේදී මේ අන්දමට අබලන් බෝට්ටුවක් පෙරළී ගොස් ජීවිත 72 ක් මුහුදු බත්වූ බව අදටත් මෙහි පවතින කථාවකි. මෙවැනි බිහිසුණු අත්දැකීම් පවතිද්දී මිනිස් ජීවිත සමග මොවුන්ට සෙල්ලම් කිරීමට ඉඩදීම අප්‍රමාදව නැවැත්විය යුතුය. අනතුරට පත්වූ බෝට්ටුවේ සිටි හරිශ් මහතාට ක්ෂණිකව මතුවූ සිහිකල්පනාවෙන් ඒ බෝට්ටුවේ සිටි හැත්තෑවක් පමණ වූ පිරිසගේ ජීවිත අනූනමයෙන් බේරී ඇත. නාවික හමුදාවේ යාළුවා මතක් නොවන්නට මෙහි සිටි හැත්තෑවක් තරම් වූ පිරිසද මුහුදු බත් වනු ඒකාන්තය. මේ නිසා නාගදීප බෝට්ටු සේවය පිළිබඳ දැඩි විමර්ශනයක් හා පාලනයක් කිරීමට වගකිව යුත්තන් වහාම ක්‍රියාත්මක විය යුතුව ඇත.
මස් රාත්තලට ගිජුවු "ෂයිලොක්" මෙන් බෞද්ධ සැදැහැවතුන්ගේ මුදලට ගිජුවී සිටින නාගදීප මුහුදු ගමනේ ෂයිලොක්ලාට මේ අන්දමට මිනිස් ජීවිත සමග සෙල්ලම් කිරීමට තවදුරටත් ඉඩ නොදිය යුතුයි.
මේ අත්විඳීම අපට හෙළිකළ මෙම බිහිසුණු ගමනේ යෙදුණ කඩවත හරිශ් නන්දන මහතාටත් ලකිඳු නානායක්කාර දරුවාටත් පලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පියතිස්ස මහතාටත් අපගේ ස්තුතිය.
පරලොව පෙනි පෙනී දිවි බේරාගත් කඩවත වන්දනා කරුවන්ගේ කතාව
එප්පාවල - රත්න බී. ඒකනායක
http://www.divaina.com/2013/06/08/provin01.html

0 comments:
Post a Comment