Pages

Sunday, June 16, 2013

ඉඩම් පොලිස් බලතල ඉවත් නොකීරිමට උපදෙස් දී ඇත්තේ ජී.එල්.

දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් පොලිස් ඉඩම් බලතල ඉවත් නොකරන ලෙසට ආණ්ඩුවට උපදෙස් ලබා දී ඇත්තේ, අධිකරණ ක්ෂේත‍්‍රයේ ඉහළම තනතුරක් දරන තැනැත්තෙකු සහ බෙදුම්වාදයට සහය දෙන මහාචාර්යවරුන් දෙදෙනෙකු බවට කරුණු අනාවරණය වී ඇතැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පැවසීය.

ඔවුන්ගේ උපදෙස් අනුව කටයුතු කරමින් දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනයේ පොලිස් හා ඉඩම් බලතල ඉවත් නොකර, කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇතැයිද මහලේක්ම්වරයා සඳහන් කළේය.

‘විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්.පීරිස්ගේ හා දැනට කැනඩාවේ පදිංචි වී සිටින මහාචාර්යවරයෙක් මෙහි මූලිකත්වය ගෙන සිටිනවා. ඔවුන් ආණ්ඩුවට කියල තියෙන්නේ ඉඩම්,පොලිස් බලතල දැනට පළාත් සභාවට තිබුණට එය පාලනය කිරීමට මධ්‍යම රජයේ අනුමැතිය අවශ්‍ය බවයි. ඒනිසා එම බලතල අහෝසි කරන්න අවශ්‍ය නැති බව මේ අය පවසලා තියෙනවා.

මෙහි ප‍්‍රධාන භූමිකාවක් හොබවන ජී.එල්.පීරිස් බෙදුම්වාදී මතවාදයේ භෞතිස්ම වෙලයි ආණ්ඩුවට ආවේ. ඔහු පැකේජවලට, සටන් විරාම ගිවිසුම්වලට සහාය දුන් අයෙක්.

අනෙක් කෙනා මීට පෙර චන්ද්‍රිකා පාලන සමයේ තාවකාලික ආණ්ඩුව කියන එක ගෙනැවිත් කොටින්ට අවශ්‍ය පාලනයක් හදන්න න්‍යාය සපයපු කෙනයි.

දැනට කැනඩාවේ ඉන්න ඒ මහාචාර්යවරයා තමයි කොටින්ට විදේශ ණය දිය යුතු බවටත්, ඒ ණය වලට මධ්‍ය රජය ඇප විය යුතු බවටත් යෝජනා කළේ. කොටින් එම ණය ගෙව්වෙ නැත්නම් මධ්‍යම රජය එය ගෙවිය යුතු බවටත් ඔහු එදා පැවසුවා’ යයිද ඒ මහතා කියා සිටියේය.

June 16, 2013 at 1:04 am | lanka C news

0 comments: