Pages

Thursday, June 27, 2013

ඉන්දු - ලංකා ගිවිසුම සංශෝධනයට ඉන්දියාවේ කැමැත්ත අනවශ්‍යයි - රජය

ඉන්දු - ලංකා ගිවිසුම සංශෝධනය කිරීම සඳහා ඉන්දියාවේ කැමැත්ත අවශ්‍ය නොවන බවත් ස්‌වෛරී රටක්‌ ලෙස ඒ ගැන ක්‍රියාකිරීමට රජයට හැකි බවත් රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග ඊයේ (26දා) පැවසීය.

ඉන්දීය ජාතික ආරක්‍ෂක උපදේශක සිවශංකර් මෙනන් මෙරටට පැමිණ 13 වැනි සංශෝධනය ගැන සාකච්ඡා කිරීමට ඉදිරිපත් වූවත් ජාතික ආරක්‍ෂාව සම්බන්ධව කිසිදු එකඟතාවක්‌ ඇති කර නොගන්නා බව එම ආරංචි මාර්ග කියා සිටියේය.

රටේ ජාතික ආරක්‍ෂාවට හානියක්‌ සිදුවේ නම් ඒ ගැන ක්‍රියා කිරීමට රජයට හැකි බවත් සටන් විරාම ගිවිසුම අහෝසි කළේත් ඒ අනුව බවත් එම ආරංචි මාර්ග කීවේය.

ඉන්දු ලංකා ගිවිසුමට එවකට ජනාධිපති වු ඡේ. ආර්. ජයවර්ධන මහතාට අත්සන් කරන ලෙස ඉන්දීය රජය කියා සිටි බව ඉන්දීය සාම හමුදාවේ හිටපු බුද්ධි නිලධාරී කර්නල් හරිහරන් විසින් ප්‍රකාශ කර ඇත.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/06/27/news04.html

0 comments: