Pages

Friday, June 21, 2013

ගව ඝාතනයට එරෙහිව තව කිහිප නමක් දිවි පුදන සූදානමක | සර්ව ආගමික පූට්ටු ප්‍රෝඩාවක්. අපි පන්සලක් හදන්න යාපනයේ ගිහින් දවස් 03ක් හිරේ හිටියා. එහේ පන්සල් හදන්න බෑ - SR

බෝවත්තේ ඉන්ද්‍රතන හාමුදුරුවන් ජීවිතය පූජා කළා සේ ස්වාමීන් වහන්සේ කිහිප නමක් ජීවිත පූජා කරන්න සූදානම් යයි සිංහල රාවය සංවිධානය පවසයි.

සිංහල රාවය සංවිධානය විසින් කතරගම සිට අරලියගහ මැදුර දක්වා ගමන් කරන පා ගමන ගැන අදහස් දක්වමින් එම සංවිධානයේ මානවසම්පත් කළ්මනාකරණ ලේකම් මාගල්කන්දේ සුදන්ත හිමියෝ එසේ ප‍්‍රකාශ කළහ.

‘ගව ඝාතනය වහා නතර කරන ලෙස හා අන්‍යාගමීකරණය පනත ගෙන එන ලෙස රජයට බල කරමින් ජනාධිපතිවරයාට සන්දේශයක් භාරදීම අපගේ පා ගමනේ අරමුණයි. සිංහල බෞද්ධයා ගැන උණුවන හදවතක් තියෙන්ව නම් මෙම ඉල්ලීම් ඉෂ්ඨ කරයි කියල අපි විශ්වාස කරනවා. එහෙම නොවුණොත් බෝවත්තේ ඉන්ද්‍රතන හාමුදුරුවන් ජීවිතය පූජා කළා සේ අපේ සිංහල රාවය ජාතික සංවිධානයේ ස්වාමීන් වහන්සේ කිහිප නමක් ජීවිත පූජා කරන්න සූදානම් කියන එකත් මේ වෙලාවේ කියන්න  ඕන’ යයිද උන් වහන්සේ සඳහන් කලහ.

එම සංවිධානයේ උපසභාපති පුලියද්දේ සුධම්ම හිමියෝ අදහස් දක්වමින් ‘අපි මුස්ලිම් ආගමට, මුස්ලිම් ජාතියට කිසිසේත් විරුද්ධ නෑ. අපි කියන්නේ මුස්ලිම් ත‍්‍රස්තවාදයය් ක‍්‍රියාත්මක වෙනවා. ඒක නැති කරන්න කියලයි. අපි ඉල්ලන්නේ. ඒ වගේම සර්ව ආගමික පූට්ටු හදාගෙන තියෙනවා. එහෙම කිව්වම හිතෙන්නේ ආගම් අතර සහජීවනය කියල. නමුත් මේ පූට්ටු බුද්ධාගමට වින කරන තත්ත්වයට පත්වෙලා. කෝ යාපනයේ සහජීවනය. අපි පන්සලක් හදන්න යාපනයේ ගිහින් දවස් 03ක් හිරේ හිටියා. එහේ පන්සල් හදන්න බෑ. ඒ නිසා සර්ව ආගමික පූට්ටු ප්‍රෝඩාව නතර කරන්න’ යයි සඳහන් කලහ.

ගව ඝාතනයට එරෙහිව තව කිහිප නමක් දිවි පුදන සූදානමක
June 21, 2013 at 11:53 am | lanka C news
http://lankacnews.com/sinhala/news/96102/

සබැඳි ලිපි -[ගව ඝාතනයට සහ අන්‍ය ආගම්කරණයට එරෙහි අධිෂ්ඨාන පාගමන ඇරැඹෙයිhttp://denethharinna.blogspot.com/2013/06/blog-post_554.html

ඉන්ද්‍රරතන යතිවිරු ජීවිත දානය සබැඳි ලිපි -[අන්‍යාගමිකකරණයට එරෙහි පනතට මෙතරම් බය ඇයි?http://denethharinna.blogspot.com/2012/09/blog-post_5.html
බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ දේහය කහ පැහැ චිතකයේදී ගිනි දැල්වලින් වෙලා ගත්තේය...http://denethharinna.blogspot.com/2013/05/blog-post_2445.html
]

0 comments: