Pages

Friday, June 28, 2013

බලතල සංශෝධන යෝජනාව වැඩි ඡන්ද 8 කින් උතුරු මැද සම්මතයි

13 වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයේ ප්‍රකාරව පළාත් සභා දෙකක්‌ හෝ කීපයක්‌ ඒකාබද්ධ කිරීමක්‌ සිදුවුවහොත් පළාත් සභා පිහිටුවීමේ මූලික අරමුණ ඉටු නොවන බැවින් ඒ සඳහා ඇති බලතළ ඉවත් කිරීමට සහ පළාත් සභා ලයිස්‌තුවට ඇති යම් යම් විෂයන් පිළිබඳ තීන්දු ගැනීමේදී සියලු පළාත් සභාවල අනුමැතිය ලබාගැනීම වෙනුවට බහුතර පළාත් සභාවල කැමැත්ත ලබාගැනීම යන බලතළ සංශෝධනය කිරීමේ යෝජනාව ඊයේ (27 දා) උතුරු මැද පළාත් සභාවේදී වැඩි ඡන්ද 08 කින් සම්මත විය.

සභාපති ටී. එම්. ආර්. සිරිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති විශේෂ මහ සභා 

රැස්‌වීමේදී අදාළ යෝජනාව ප්‍රධාන ඇමැති එස්‌. එම්. රංජිත් සමරකෝන් මහතා සභාවට ඉදිරිපත් කරනු ලැබීය. සමුපකාර, වෙළෙඳ, ආහාර, කුඩා කර්මාන්ත, ග්‍රාම සංවර්ධන හා සංචාරක අමාත්‍ය කේ. එම්. නන්දසේන මහතා එය ස්‌ථිර කළේය.

පැය හතරක විවාදයකින් පසු ඡන්ද විමසීම් සිදු කෙරුණු අතර යෝජනාවට පක්‍ෂව ඡන්ද 19 ක්‌ සහ විපක්‍ෂව ඡන්ද 11 ක්‌ ලැබිණි. ඒ අනුව වැඩි ඡන්ද 08 කින් යෝජනාව සම්මත විය. විවාදයෙන් අනතුරුව සභාපති ටී. එම්. ආර්. සිරිපාල මහතා ඡන්ද විමසීමට සූදානම් වූ අවස්‌ථාවේ විපක්‍ෂය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන් සිය අසුන්වලින් නැගිට රහස්‌ ඡන්දයක්‌ විමසන ලෙසට ඉල්ලීමක්‌ කළමුත් සභාපතිවරයා එය ප්‍රතික්‍ෂේප කළේය. එම අවස්‌ථාවේදී විපක්‍ෂ මන්ත්‍රීවරුන්ගේ ඝෝෂා මධ්‍යයේ සභාපතිවරයා විසින් ඡන්ද විමසීම සිදු කරනු ලැබීය.

න්‍යාය පුස්‌තකයට ඇතුළත් කිරීම සඳහා යෝජනාවක්‌ ඉදිරිපත් කළ යුතු පිළිවෙළින් බැහැරව එකී යෝජනාව ඉදිරිපත් කර ඇති බවට චෝදනා කරමින් එක්‌සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරුන් විසින් දිගින් දිගටම බාධා කරනු ලැබූහ. ජනතා විමුක්‌ති පෙරමුණේ මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා රැස්‌වීමට පැමිණ සිටියේ නැත.

අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු
http://www.divaina.com/2013/06/28/news21.html

සබැඳි ලිපි[බලතල සංශෝධනය කිරීමේ යෝජනාවට දකුණු - සබරගමු පළාත් සභාවල අනුමැතියhttp://denethharinna.blogspot.com/2013/06/blog-post_25.html
]

0 comments: