Pages

Sunday, June 16, 2013

මේ රටේ ඓතිහාසික ජාතිය තලා පෙලා දමා සංස්කෘතික ආක්‍රමණ ගෙනත් අපිව නිවටුන් බවට පත්කරන්න ඉඩ දෙනවාද? - ඥාණසාර හිමි

රාජිත සේනාරත්නලාට, වාසුදේව නානායක්කාරලාට, ඩියු ගුණසේකරලාට, තිස්ස විතාරණලාට අවශ්‍ය පරිදි 13 ව්‍යවස්ථා සංශෝධනය ගෙනයන්න ඉඩනොදෙන බවත් ඔවුන්ගේ දේශපාලන ජීවිතය හමාර කල යුතු බවත් බොදු බල සේනා සංවිධානය පවසයි.

එම සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් බදුල්ලේ පැවති බොදුබල සේනා සංවිධානයේ සමුළුව අමතමින් මේ බව කීහ.

රාජිත සේනාරත්නලාට, වාසුදේව නානායක්කාරලාට, ඩියු ගුණසේකරලාට, තිස්ස විතාරණලාට අවශ්‍ය පරිදි 13 ව්‍යවස්ථා සංශෝධනය ගෙනයන්න ඉඩනොදෙන බවත් ඔවුන්ගේ දේශපාලන ජීවිතය හමාර කල යුතු බවත් බොදු බල සේනා සංවිධානය පවසයි.

එම සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් බදුල්ලේ පැවති බොදුබල සේනා සංවිධානයේ සමුළුව අමතමින් මේ බව කීහ.

‘රාජිත සේනාරත්නලා ගේ දේශපාලන ජීවිතය අපි හමාර කල යුතුයි. ඒවගේම වාසුදේව නානායක්කාරලාට, තිස්ස විතාරණලා වැනි අයට මෙරටේ ජනතාවගේ ශුද්ධ අයිතිය කොල්ලකන්න ඉඩ නොදිය යුතුයි.

බෙදුම්වාදීල වාමවාදී පිලි ඉන්න සමහරු අද කියනවා 13 වන සංශෝධනයේ බලතල කප්පාදු කරන්න දෙන්නේ නැහැ කියලා. ඒ බලතල උතුරට නැගෙනහිරට දෙන්න ලුග ඒ වෙනුවෙන් එයාල පෙනී ඉන්නවලු. අපි අභියෝග කරනවා පුලුවන්නම් කරලා පෙන්නපියවූ කියලා.

ජනතා පරිමධිපත්‍ය කොල්ලකාගෙන මැති සබයට ගිය මුන්ට ජනතාවගේ ශුද්ධ අයිතිය කොල්ලකන්න අපි ඉඩදෙන්නේ නැහැ.’ යනුවෙන්ද උන් වහන්සේ එහිදී පැවසූහ.

තවදුරටත් අදහස් දැක්වූ එහිමියන් මෙසේද සඳහන් කලහ.

ලෝකයම පිලිගත් වියතුන්ගේ නිර්ණායකයන්ට අනුව ශිෂ්ටාචාරයක් සහ සංස්කෘතියක් නිර්මාණය කරපු මිනිස්සු තමයි රටේ ඓතිහාසික ජාතිය බවට පත්වෙන්නේ. ඒ අනුව මේ රටේ සැබෑ උරුමකරුමන්, අයිතිකරුවන් වෙන කවුරුවත් නොවෙයි, සිංහල අපි. අද ඒ අයිතිකරුවන්ට, උරුමකරුවන්ට විනකටින්න, ඒ අයිතිය කොල්ලකන්න එදා මේ රටේ පදිංචියට ආපු පදිංචිකරුවෝ ලෑස්තිවෙලා ඉන්නවා. ඒ පදිංචිකරුවෝ කවුද කියන එක අද මේ පොඩි එකාගේ ඉදලා, වැඩිහිටියා දක්වා දැනගත යුතුයි.

පුරවැසියෙකු සතු නොවන ජාතිකයක් පමණක් සතුවන සුවිශේෂී අයිතීන් හතරක් වන බවත්, ඒවා මෙරට උරුමක්කරුවන් වන සිංහල ජාතිය දැනගත යුතුවන බවත්, ඒවා නම් ඉතිහාසයට ඇති අයිතිය, ශිෂ්ටාචාරයට ඇති අයිතිය, සම්පූර්ණයෙන්ම රටට ඇති අයිතිය සහ ජාතික තීරණ ගැනීමට ඇති අයිතිය යන කරුණුයි. ජාතියක් සතු වන මෙම සුවිශේෂි අයිතීන් කිසිවෙකුට නොසලකා කටයුතු කර නොහැකි බවත්, එම අයිතීන් කිසිවෙකුට උල්ලංඝනය කර නොහැකි බවත් මතක තබා ගතයුතුයි.

මේ රටේ පුරවැසියෝ සහ පදිංචි කරුවන් දැනගතයුතුයි මේ රටේ ඓතිහාසික ජාතිය කවුරුන්ද, මේ රටේ ශිෂ්ටාචාරය-සංස්කෘතිය නිර්මාණය කළේ කවුරුන්ද, ඒවාට ගරුකරලා ජීවත්වනවා මිසක ඒවා තලා පෙලා දමලා සංස්කෘතික ආක්‍රමණ ගෙනල්ලා අපිව නිවටුන් බවට පත්කරන්න හදවානම් තමුන්නාසේලා ලෑස්තිද? ඒවාට අපි ලෑස්ති නැහැ. අපි ඒවාට එරෙහිව පෙළ ගැසෙන්න ඕනි. ඒවාට එරෙහිව අපි අභීතව නැඟිටින්න ඕනි.

අපේ රටට, ජාතියට වන මේ මහා ව්‍යයසනය ගැන මේ රට, ජාතිය ගැන ජාතියේ මුරදේවතාවුන් වහන්සේලා වන අපි කතා කරන්න ගත්තාම මේ රටේ ජාතියට විනකටින දේශපාලනඥයෝ, මහා සංඝරත්නය නිර්දය ලෙස විවේචනය කරනවා. මහජනයා ඉස්සරහට ඇවිත් මේ ජාතික ව්‍යාපාර පිටරට කොන්ත්‍රරාත් කියලා මහජනයා ඉස්සරට ඇවිත් කියනවා.මුන්ට තියෙන්නේ ඉරිසියාව, දේශපාලන කුහක කම වෙන කුමක්වත් නොවෙයි. ඉතිහාසය පුරාවට අපේ මේ දේශපාලනඥයෝ අපේ රටට, ජාතියට ඉතුරු කරන දෙයක් නැහැ. ඒ නිසා සැබෑ දේශප්‍රේමීයෝ කවුරුන්ද? රටට වින කටින්නෝ කවුරුන්ද කියලා ඉතා වගකීමෙන් සිහි බුද්ධියෙන් තේරුම් ගත යුතු කාල සමයකයි අපි ඉන්නේ.”

වාසු, තිස්ස, ඩියු, රාජිතලාගේ දේශපාලන ජීවිතය හමාර කල යුතුයි
June 16, 2013 at 11:18 am | lanka C news
http://lankacnews.com/sinhala/main-news/95812/

0 comments: