Pages

Wednesday, June 12, 2013

13ට අත තිබ්බොත් උසාවි යනවා - ත්‍රස්ත සාලි ගොරවයි

13 වන සංශෝධනය අහෝසි කිරීමට හෝ එය සංශෝධනය කිරීමට රජය කටයුතු කළහොත් ඊට එරෙහිව අධිකරණයට යන බව අසාද් සාලි මහතා පවසයි.

ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා විසින් ගෙන එනු ලැබූ දහතුන්වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනයට දහතුන ඉක්මවා යන තවත් බලතල ලබා දෙන බව මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළ බව කී ඒ මහතා වසර 25ක කාලයක් පළාත් සභා 8ක මෙපමණ කාලයක් ක‍්‍රියාත්මක වූ දහතුන්වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය උතුරට පමණක් අකැප කුමක් නිසාදැයි ඔහු ප‍්‍රශ්න කරයි.

කෙසේ වෙතත් දහතුන්වැනි සංශෝධය නැවත සංශෝධනය කිරීමට හෝ අහෝසි කිරීමට හෝ ආණ්ඩුවේම අමාත්‍යවරු 20 දෙනකු පමණ මේ වන විටත් සිය විරෝධය ප‍්‍රකාශ කර සිටීම පිළිබඳ තමා සතුටු වන බවද ඔහු කීවේය.

එල්.ටී.ටී.ඊ.යේ හිටපු සාමාජිකයන් ආණ්ඩුව සමග මැතිවරණ සඳහා ඉදිරිපත් වෙද්දී තමන් සහ දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවට මේ වන විට ත‍්‍රස්තවාදීන් ලෙස පෙනී ඇති බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.

June 12, 2013 at 10:14 am | lanka C news

0 comments: