Pages

Saturday, June 15, 2013

බුලත්සිංහලත් ගව මස් විකිණීම, ඝාතනය තහනම්

ගව මස් විකිණීම හෝ ගවයන් මැරීම තහනම් කරමින් බුලත්සිංහල ප‍්‍රාදේශීය සභාව යෝජනාවක් ඒකමතිකව සම්මත කර ඇත. බුලත්සිංහල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකඛාධිකාරී මොරපිටියේ ධම්මතිලක හා සහාපති යටිගම්පිටියේ ඥානාලෝක යන නාහිමිවරු ශාසනාරක්ෂක බල මණ්ඩලය වෙනුවෙන් මෙම ඉල්ලීම ප‍්‍රාදේශීය සභාවට ලිපියක් මගින් ඉදිරිපත් කර තිබුණි.

මෙම යෝජනාව බුලත්සිංහල ප‍්‍රාදේශීය සභාපති දේශබන්දු තුසිත කුලරත්න මහතා විසින් ඊයේ සභාව ආරම්භයේදී ඉදිරිපත් කළ අතර මෙම අවස්ථාව දැක බලා ගැනීමට මහ සගරුවනද සභාවට වැඩමකර සිටියහ.

එහිදී යෝජනාව ඉදිරිපත් කරමින් සභාව ඇමතූ සභාපතිවරයා මෙසේ කීය.

‘මෙය ඉතාමත් කාලෝචිත ආදර්ශවත් ක‍්‍රියාවක් අතිගරු සංඝ රත්නයේ යෝජනාවක් අනුව බුලත්සිංහල ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයේ ගවයන් මැරීම මස් විකිණීම අදින් පසුව තහනම් කරමින් අපි ප‍්‍රතිපත්තිමය තීන්දුවකට එළෙබුණා. මෙම ආදර්ශය අනුමගනය කරමින් කළුතර දිසාවේ අනෙකුත් පළාත් පාලන ආයතනවලත් රටේ අනෙකුත් පළාත්වලත් ගවයන් මැරීම ගව මස් විකිණීම තහනම් කරන්නට කටයුතු කරාවි යැයි අපි බලාපොරොත්තු වෙනවා.

සියයට 90ක් සිංහල බෞද්ධයන් සිටින බුලත්සිංහල ආසනයේ ජනතාව ගව ඝාතනයට විරුද්ධ බව මෙයින් ඔප්පු වෙනවා. අපි වගේ හින්දු ජනතාවත් ගව ඝාතනයට තරයේ විරුද්ධයි. මුස්ලිම් ආගමේත් කියලා තිබෙන්නේ යම් කිසි සතෙක් මරනවා නම් මරන්නට පෙර මරන පුද්ගලයා (ඝාතකයා) රත් වූ යකඩයක් මත සිටගෙන එම ඝාතනය කරන්න් කියලයි’

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අමිල කුඩලිගම මන්ත‍්‍රීවරයා යෝජනාව ස්ථීර කළේය. අනතුරුව එක්සත්  ජනතා නිදහස් සන්ධානයේ එම්. කේ. චන්ද්‍රපාල, සරත් රූපසිංහ ජනකාන්ත වැලිකල සහ එක්සත්  ජාතික පක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම් නායක විපක්ෂ නායක නිහාල් මෙන්ඩිස් තරංග රණවක සුමිත් තිලකරත්න යන මහත්වරුද යෝජනාවට පක්ෂව කතා කළහ.

විපක්ෂ නායක නිහාල් මෙන්ඩිස් මහතා කියා සිටියේ මෙම යෝජනාව මීට පෙර ඉදිරිපත් වන්නට තිබූ එකක් බවයි. මේ යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත කළා. නම් මුළු රටේම ගව ඝාතනය නතර කිරීමට එය විශාල රුකුලක් වෙනවා. කෙසේ වුවත් අපි පුංචි තැනින්ම මේ වැඩපිළිවෙළ ආරම්භ කරමු යැයි හෙතෙම පැවසීය.

එක්සත්  ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන ඒ. ජේ. එම්. බදුර්දීන් මහතා ඊට  විරෝධයක් නොදක්වා යෝජනාව අනුමත කිරීම ස`ගරුවනගේ විශේෂ ප‍්‍රසංශාවට ලක් විය.

June 14, 2013 at 4:07 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/95710/

ගව ඝාතනය ඇතුලු කරුණු කිහිපයක් වෙනුවෙන් ජීවිත පූජා කළ ඉන්ද්‍රරතන යතිවිරු ජීවිත දානය සබැඳි ලිපි -[බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ දේහය කහ පැහැ චිතකයේදී ගිනි දැල්වලින් වෙලා ගත්තේය...http://denethharinna.blogspot.com/2013/05/blog-post_2445.html
බෝසත් මඟ යමින් පරාර්ථය වෙනුවෙන් තම දිවි දන් දුන් මහා යති විරුවාණෝ... බෝවත්තේ ඉන්ද්‍රසාර බුදු පුතුණ්ට අමා මහ නිවන්සුව අත්වේවා!
http://denethharinna.blogspot.com/2013/05/blog-post_2954.html
පූජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ ජීවිත පූජාව හින්දු බෞද්ධ සමගිය සඳහා වූ පාලමක්‌ වේවා! - ධර්මසේකරතුමාhttp://denethharinna.blogspot.com/2013/06/blog-post_1236.htmlබුද්ධ පුත්‍රයාගේ ජීවිත හරණය, මිලිටරි මැදිහත්වීම සහ බොදුනුවන්ගේ අඳුරු අනාගතයhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_1795.htmlඉන්දරතන හිමියන්ගේ අපවත්වීම සිය දිවි හානිකර ගැනීමක්‌ ද?http://denethharinna.blogspot.com/2013/05/blog-post_8830.htmlඉන්ද්‍රරත්න යතිවිරු අවසන් බුහුමන් ගුණකථනhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_5397.htmlකෙටිකලක් තුළ ඉන්ද්‍රරතන හිමි කළ සේවය සලකන කළ, තව වසර කිහිපයක් සිටියානම් මොනතරම් සේවයක් කරයිද? - නාපාන පේමසිරි මහනාහිමිhttp://denethharinna.blogspot.com/2013/06/blog-post_3344.html
බොදු උරුමය වෙනුවෙන් සහ ගව ඝාතනය වැළකුම වෙනුවෙන් පාලකයන්ගෙන් නිසි පිළිතුරක් නොලැබුණු තැන උන්වහන්සේ දිවි පූජා කළා - ඥාණසාර හිමි
http://denethharinna.blogspot.com/2013/05/blog-post_2889.html
ජීවිත පරිත්‍යාගය අවතක්‌සේරු කිරීමට බැහැ - ජාතික සංඝ සම්මේලනය
http://denethharinna.blogspot.com/2013/05/blog-post_3858.html
ඉන්ද්‍රරතන හිමිගේ අරමුණු වෙනුවෙන් ජීවිතය දෙන්න තවත් භික්‍ෂූන් සූදානම් - SR
http://denethharinna.blogspot.com/2013/05/sr.html

භික්ෂූන්ට පහරදී ඉන්ද්‍රසාර යතිවිරුවාණන්ගේ ශ්‍රි දේහය බලහත්කාරයෙන් කහවත්තට
http://denethharinna.blogspot.com/2013/05/blog-post_6989.html
ඉන්ද්‍රරතන හිමිගේ දේහය රත්නපුරයට ගෙනයන හැඩ… මල් ශාලාව ඉදිරිපිට විරෝධතාhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_26.htmlඉන්ද්‍රරතන හිමිගේ දේහය ඉල්ලන භික්ෂූන්ට සලකන්නට කැරළි මර්ධන ඒකකය සූදානම්http://denethharinna.blogspot.com/2013/05/blog-post_1562.html
]

0 comments: