Pages

Tuesday, June 11, 2013

ඉන්දියාවේ බලහත්කාරය යලිත්. දෙජාස ඉන්දියාවට කැඳවයි!

13 වැනි සංශෝධනය මගින් පළාත් සභාවලට  ලබාදුන් ඇතැම් බලතල ඉවත් කිරීමට ශ‍්‍රී ලංකා රජය තීරණය කිරීමෙන් 1987 දී අත්සන් කළ ඉන්දු ලංකා ගිවිසුම ඒකපාක්ෂිකව උල්ලංඝනය කිරීමක් සිදුවන බව පවසමින් ඒ පිළිබද ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා සහ කොස්ග‍්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි මහත්මිය සමග වහාම සාකච්ජා කිරීමට පැමිණෙන ලෙස ඉන්දීය රජය දෙමළ ජාතික සන්ධානයට ආරාධනා කර ඇත.

මෙම ආරාධනාව අනුව දෙමළ් ජාතික සංධානයේ නායකයන් සියලූ දෙනාම ඉදිරි දින කීපය තුළදී නවදිල්ලිය බලා පිටත්ව යෑමට නියමිතය.

දෙමළ සන්ධානයේ නියෝජිත පිරිස නවදිල්ලියට  ළගා වූ විට අගමැති මන් මෝහන් සිං, කොංග‍්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි, විදේශ ඇමති සල්මන් කුර්ෂිඞ් සහ මුදල් ඇමති පී. චිදම්බරම් යන නායකයින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ඔවුන් සමග තීරණාත්මක සාකච්ජාවකට සහභාගීවීමට නියමිත බව රාජත‍්‍රාන්තික ආරංචි මාර්ග වලින් පැවසේ.

වාර්තාවන අන්දමට ඉන්දු ලංකා ගිවිසුමට අදාළ බලතල වෙනස් කිරීමට ශ‍්‍රී ලංකා රජය දරන උත්සාහය පිළ්සබදව රාජත‍්‍රාන්තික මට්ටමින් සාකච්ජා පැවැත්වීම  සදහා ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂ නියෝජිතයෙකු පත්කිරීම කෙරෙහි ඉන්දියාවේ අවධානය යොමුව තිබේ.

13න් දළ කැඞීම ගැන හදිසි සාකච්චාවකට ඉන්දියාව දෙමළ සන්ධානය කැඳවයි
June 11, 2013 at 10:15 am | lanka C news
http://lankacnews.com/sinhala/news/95533/

0 comments: