Pages

Tuesday, June 25, 2013

පොසොන් සිරියෙන් මොනරාගල බැබළෙයි. තොරණ 3 ක්‌ දන්සල් 200 ක්‌!!!!! !!..

මෙවර පොසොන් උත්සවය මොනරාගල දිස්‌ත්‍රික්‌කයේ ඉතාම උත්කර්ෂවත් අන්දමින් පැවැත් විණි. දිස්‌ත්‍රික්‌කය පුරා දන්සල් 200 කට අධික ප්‍රමාණයක්‌ පැවැත් වූ අතර විශේෂිත වූ දන්සල පැවත් වූයේ හුලංදාව වේරපිටිය ප්‍රදේශයේයි. අටවැනිවරටත් සංවිධානය කර තිබූ මේ දන්සලේ අංග සම්පූර්ණ ආහාර වේලක්‌ ලබා දුන් අතර ලක්‍ෂයකට අධික පිරිසක්‌ ආහාර ගැනීමට පැමිණ ඇත.

මේ අතර තැරෑලදී භික්‌ෂූන් වහන්සේ 49 නමක්‌ පිණ්‌ඩපාත චාරිකාවේ වැඩම කළ අතර මග දෙපස සැදැහැවත්හු දන් පැන් පිරිනැමූහ. මේ අතර දඹගල්ල පියරතන විද්‍යාලයේ සිසුන්, ගුරුවරුන් හා දරු දැරියන් විසින් බැති ගී වැඩසටහනක්‌ පැවැත්වූ අතර ආදී සිසු බැති ගී කණ්‌ඩායම සඳහා සමාජයේ විවිධ තරාතිරම්වල නිලධාරීහු සහභාගී වූහ. 

මොනරාගල බිබිල සහ පැල්වත්ත යන ප්‍රදේශවල තොරණද ඉදිකර තිබිණි. මීට අමතරව දිස්‌ත්‍රික්‌කයේ සෑම විහාරස්‌ථානයකම දාන සීල භාවනා වැඩසටහන් පැවැත්විණි.

මොනරාගල - නයන ඉහළගෙදර
http://www.divaina.com/2013/06/25/news17.html

0 comments: