Pages

Monday, June 24, 2013

රාජිත ඇමැතිතුමනි පළාත් සභා පනත කියවා ඉඩම් හා පොලිස්‌ බලතල ගැන දැනගන්න බැහැ. ඒකට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව කියවන්න. - ගම්මන්පිල

පළාත් සභා පනත කියවලා පොලිස්‌ හා ඉඩම් බලතල ගැන දැනගන්න බැහැ. පොලිස්‌ හා ඉඩම් බලතල තියෙන්නේ පළාත් සභා පනතේ නොව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ යෑයි බස්‌නාහිර පළාත් කෘෂිකර්ම ගොවිජන සංවර්ධන ඇමැති උදය ගම්මන්පිල මහතා පැවසීය.

ඇමැතිවරයා මේ බව කියා සිටියේ මොරටුව රාවතාවත්ත සර්වෝදය විශ්ව සමාධි ශාලාවේ පසුගියදා පැවැති "සුසංහිත ප්‍රතිsදීප්ත විදුලි බුබුළු" ජනතාවට නොමිලේ බෙදාදීමේ උත්සවයට සහභාගි වෙමිනි.

මෙහිදී ඇමැතිවරයා විසින් රුපියල් 1,500 ක්‌ වටිනා විදුලි බුබුළු කට්‌ටල 700 ක්‌ ජනතාවට ලබාදෙන ලදී.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඇමැතිවරයා මෙසේද කීය.

ජනාධිපතිවරයා අභීත තීන්දුවක්‌ ගත්තා වසර 26 ක්‌ තිස්‌සේ එක අකුරක්‌වත් වෙනස්‌ කරන්න බැරිවෙලා තිබ්බ 13 සංශෝධනයට අත තියන්න ගත්තු තීන්දුව. ජනතා විමුක්‌ති පෙරමුණ ජීවිත 66,000 ක්‌ පූජා කරලා එක අකුරක්‌වත් හොලවාගන්න බැරිවෙච්ච 13 සංශෝධනය වෙනස්‌ කරන්න අපි පටන්ගෙන තිබෙනවා. මේක ඇමැති මණ්‌ඩලයට ගෙනාවහම රට ජාතිය ගැන සංවේදී නැති අපේ රටට මොකද වෙන්නේ කියන එක ගැන හිතන්නේ නැති උතුර යළිත් ලේ විලක්‌ වෙලා රටම ලේ විලක්‌ කරන බෙදුම්වාදී යුද්ධය යළි පටන් ගැනීමට තිබෙන අවදානම දකින්නේ නැති පිරිසක්‌ අද මේක කරන්න දෙන්න බැරියෝ කියල බෙරිහන් දෙනවා. 

අපේ හිතමිත්‍ර රාජිත සේනාරත්න ඇමැතිතුමා කියලා තියෙන්නේ "පළාත් සභා රටට අහිතකරයි, ඉඩම් සහ පොලිස්‌ බලතලවලින් රටට හානියක්‌ වෙනවා කියලා කියන්නේ පළාත් සභා පනත කියවලා නැති කට්‌ටිය" කියලයි. මම පළාත් සභා පනත හොඳින් කියෙව්වා කියලා රාජිත ඇමැතිතුමා කියනවා. පළාත් සභා පනතේ තියන පොලිස්‌ හා ඉඩම් බලතලවලින් හානියක්‌ වෙනවා කියලා පුළුවන් නම් ඔප්පු කරන්නලු. ඇමැතිතුමනි, පළාත් සභා පනත කියවලා පොලිස්‌ හා ඉඩම් බලතල ගැන දැනගන්න බැහැ. පොලිස්‌ හා ඉඩම් බලතල තියෙන්නේ පළාත් සභා පනතේ නොවෙයි. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙයි. එයා පළාත් සභා පනත කියවලා තේරුම් ගත්තාලු ඉඩම් හා පොලිස්‌ බලතලවලින් හානියක්‌ වෙන්නේ නැහැ කියලා. ඊට පස්‌සේ එයා ගනු කඩුව එනු සටනට කියලා අභියෝග කරනවා.

ඉතින් ව්‍යවස්‌ථාවේ ඉඩම් හා පොලිස්‌ බලතල තියෙන්නේ කොහෙදවත් දන්නැති උදවිය තමයි අද ඒකෙ හානියක්‌ නැහැ කියලා කියන්නේ. එයා දන්නේ නැති වුණාට අපේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ පළාත් සභා ලැයිස්‌තුවේ පළවැනි පරිෂ්ටයේ තමයි පොලිස්‌ බලතල තියෙන්නේ. ඒකෙ එකොළොස්‌ වැනි වගන්තියේ තියෙනවා පළාතේ තියෙන මධ්‍යම ආණ්‌ඩුවේ තියෙන පොලිස්‌ ඒකකය ද ඇතුළු පළාතේ සියලුම පොලිස්‌ නිලධාරීන් පළාතේ නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගේ විධානයට යටත්ව ක්‍රියා කළ යුතුයි කියලා. නැගෙනහිර පළාතේ තියෙන විශේෂ කාර්ය බළකායේ කඳවුරුවලට එහෙම නැත්නම් STF බළකායේ කඳවුරුවලට අණ දෙන්නේ STF එකේ ලොක්‌කා නෙවෙයි, නැගෙනහිර පළාතේ නැත්නම්, උතුරු පළාත භාර නියෝජ්‍ය පොලිස්‌පතිවරයායි. 11-1 වගන්තියේ කියනවා නියෝජ්‍ය පොලිස්‌පතිවරයා පළාතේ මහ ඇමැතිවරයාගේ විධානයට අනුව කටයුතු කළ යුතුයි කියලා, ඔහුගේ පාලනයට යටත්ව සිටිය යුතුයි කියලා. අපි දැක්‌කා 1988 දෙසැම්බර් මාසේ වර්ධරාජා පෙරුමාල් මහ ඇමැතිවරයා පොලිස්‌ බලතලවලට මුවාවෙලා ස්‌වෙච්ඡා පුරවැසි බළකාය නමින් නිල නොවන හමුදාවක්‌ හැදුවා. ඒ බලය පාවිච්චි කරලා 1990 මාර්තු මාසේ ඒකපාර්ශ්ව ස්‌වාධීනත්වය දෙමළ ඊළම වෙනුවෙන් ප්‍රසිද්ධ කළා. දෙමළ ඊළමක්‌ ප්‍රකාශයට පත් කළා. ඒ මතකය අපට තියෙනවා. ඒක වෙලා බොහොම කෙටි කාලයයි. ඒ නිසයි අපි කියන්නේ උතුරට පොලිස්‌ බලතල දෙන්න එපා, උතුරට නෙවෙයි කොහෙටවත් පොලිස්‌ බලතල දෙන්න එපා කියලා. ඒ වගේම සමහරු අපෙන් අහනවා ඉන්දියාව තරහා වෙයි නේද? ඕවා කරලා ජාත්‍යන්තරය තරහා වෙයි නේද? අවුරුදු ගණනක්‌ ත්‍රස්‌තවාදීන් කොළඹ බෝම්බ පුපුරවලා අපිව කෑලි කෑලිවලට ඉරුවේ නැගෙනහිර තියෙන අනාරක්‍ෂිත ගම්මානවලට පැනලා අහිංසක කිරි දරුවන්ව මොළකැටි එළියට පනින්න ගස්‌වල ගහලා මරලා දැම්මේ, දළදා මාලිගාව කෑලි කෑලිවලට කැඩුනේ, ශ්‍රීමහා බෝධිය ලේවලින් නැහැවුණේ ජාත්‍යන්තරය ගැන සිත සිතා වසර ගණනක්‌ සිටි නිසයි. ඉන්දියාව මොකද කියන්නේ ඇමරිකාව මොකද කියන්නේ කියලා හිතපු නිසයි. බටහිර රටවල තර්ජන ගර්ජනවලට බය නැතිව 2006 යුද පෙරමුණ අපි ඉදිරියට අරන් ගිය නිසයි කොටි ත්‍රස්‌තවාදය පරාජය කරන්න පුළුවන් වුණේ. එදත් මේ වගේ බලපෑම් ආවා. අපි ඒ බලපෑම්වලට යටත් වුණා නම් අඩුම ගානේ ජීවිත පහළොස්‌ දහසක්‌වත් පසුගිය අවුරුදු හතරට ත්‍රස්‌තවාදයට බිලිවෙන්න තිබුණා. අපි රටේ ආරක්‍ෂාව එකට තියලා ජාත්‍යන්තර මතය දෙකට දාපු හින්දා තමයි අපිට රට බේරගන්න පුළුවන් වුණේ. ඒ අභීත තීන්දුව ගත්ත ජනාධිපතිතුමාට තවත් අභීත තීන්දුවක්‌ ගන්න තියෙනවා උදා වූ සාමය රැකගන්න රට යළිත් ලේ විලක්‌ වීම වළක්‌වා ගන්න. ඒක කරන්න නම් අපි උතුරු පළාත් සභාව පිහිටුවන්න කලින් මේ ගෙනත් තියෙන යෝජනා පහ ක්‍රියාත්මක කරන්න ඕනේ. මේකට මේ රටේ ජනතාව එකඟයි. එළියේ උද්ඝෝෂණ තියා කෙඳිරිල්ලක්‌වත් නැහැ මේක කරන්න එපා කියලා. ඇතුළෙ ඉන්න දෙතුන් දෙනෙක්‌ තමයි බොරුවට කෑගහන්නේ. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්‌ඩුවක්‌ විදිහට අපේ ආණ්‌ඩුවට වගකීමක්‌ තියෙනවා ඇතුලේ බොරුවට කෑගහන අයගේ හඬ නෙවෙයි මේ රටේ බහුතර ජනතාවගේ හඬට ඇහුන්කම්දීලා මේ සංශෝධන වහාම අරන් එන්න.

චමින්ද සිල්වා
http://www.divaina.com/2013/06/24/news34.html

0 comments: