Pages

Thursday, August 1, 2013

සුන්නි-ෂියා ගැටුම්. ඉරාකයේ පිපිරූ බෝම්බ වැලකින් 58 ක්‌ මරුට...

ඉරාකයේ සිදුවූ බෝම්බ ප්‍රහාර ගණනාවකින් අවම වශයෙන් පුද්ගලයින් පනස්‌ අටදෙනකු මියගොස්‌ ඇති බව වාර්තාවේ.

ජුනි මාසය තුළ මෙවැනි ප්‍රහාරවලින් මියගිය ගණන හත්සීය ඉක්‌මවා ඇත. දොළහකට අධික කාර් බෝම්බ සංඛ්‍යාවකින් මෙම ප්‍රහාර සිදුකර ඇත.

අප්‍රේල් මාසයේ සිට මෙවැනි ප්‍රහාර දිගින් දිගටම එල්ල වී ඇති අතර මියගිය සංඛ්‍යාව තුන්දහස ඉක්‌මවා ඇත.

ෂියා මුස්‌ලිම්වරුන්ගේ පාලනය යටතේ පවතින ඉරාක රජයට එරෙහිව සටන් වැදී සිටින්නේ සුළුතරයක්‌ වන සුන්නි මුස්‌ලිම්වරුන්ය.

ඉරාකයේ පැවැති යුද සමයෙන් පසු නැවත වරක්‌ එම රට අස්‌ථාවර වෙමින් පවතින බව මෙහිදී පෙනෙන්නට ඇති බව විචාරකයන්ගේ මතයයි.

මෙම ප්‍රහාරය පිළිබඳව වගකීම කිසිම සංවිධානයක්‌ මෙතෙක්‌ භාරගෙන නොමැත. එහෙත් ඉරාකයේ අභ්‍යන්තර අමාත්‍යාංශය පවසන්නේ ඉරාකයේ අල් කයිඩා ශාඛාවේ ක්‍රියාකාරකමක්‌ බවය. ඔවුන් තවදුරටත් පවසන්නේ සුන්නි සහ ෂියා මුස්‌ලිම්වරුන් අතර ඇති ගැටුම් තවදුරටත් වර්ධනය කිරීම නිසා මෙවැනි ක්‍රියාමාර්ග ගන්නා බවය.

(බැග්ඩෑඩ්)
http://www.divaina.com/2013/08/01/forign02.html

0 comments: