Pages

Friday, July 5, 2013

ජනාධිපතිතුමනි දැන් වෙලාව පැමිණ ඇත. රණවිරුවන්ට කරන ලොකුම උපහාරය පළාත් සභා අහෝසි කිරීමයි - රතන හිමි

ඉදිරි කාලයේදී අපගේ තේමා පාඨය වන්නේ පළාත් සභා අහෝසි කිරීමයි. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට අපි කියන්නේ දැන් ඔබතුමාට ශක්‌තිය තිබෙනවා. කරුණාකරල දැන් වෙලාව හරි. මේ රටේ රණවිරුවන්ට කරන ලොකුම උපහාරය තමයි පළාත් සභා ක්‍රමය අහෝසි කිරීම බව අපි ආණ්‌ඩුවට කියනවා යෑයි ජාතික හෙළ උරුමයේ සභාපති ගම්පහ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පැවසූහ.

"පළාත් සභා අහෝසි කරනු" තේමාව යටතේ මාතර ප්‍රධාන තැපැල් සංකීර්ණ රැස්‌වීම් ශාලාවේදී පැවැති ජාතික හෙළ උරුමයේ රැස්‌වීම අමතා ඒ හිමියෝ එසේ පැවසූහ. 

රණවිරු ස්‌මාරකයකට මල්වෙඩි සංදර්ශන පැවැත්වීම විසඳුමක්‌ නොවෙයි. 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව අහෝසි කිරීමේ ක්‍රියාව ඔබතුමාට කළ හැකියි.

මේ මුළු ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවම වෙනස්‌ කළ යුතුයි කියලා අපි කියනවා. මේක රට ගැන හිතලා හදපු ව්‍යවස්‌ථාවක්‌ නොවෙයි. ලැබුණු තුනෙන් දෙකක බලය රටට වැඩ ඇති දෙයකට යොදවන්න ඕන. රටට උචිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ ඇති කිරීමේ උදාර කාර්යය ඔබතුමා කළ යුතුයෑයි අපි කියනවා. එය කිරීමට තවමත් කාලය තිබෙනවා. මනාප ක්‍රමය අහෝසි කළ යුතුයි. දිස්‌ත්‍රික්‌ සංවර්ධන ක්‍රමයක්‌, ගම් සභා දක්‌වා බලය ව්‍යාප්ත වන පරිපාලන ව්‍යqහයක්‌ ස්‌ථාපිත කිරීමට දැන් කාලය ඇවිත් තිබෙනවා. 

මේ රටේ යුද්ධය ජයග්‍රහණය කළාට පසුව අපේ ස්‌ථාවරය ලෝකයට කිව්වේ නැහැ. අපේ අනාගත සැලැස්‌මක්‌ නැතුව කටයුතු කිරීම නිසා බලතල පිළිබඳ තත්ත්වයක්‌ ඇතිවී තිබෙනවා. අන්තර් ජාතික දේශපාලනය පිළිබඳ කටයුතු කිරීමේදී රටේ ජනතාවට මොනවා හරි කියලා බේරෙනවා වගේ කරන්න බැහැ. මේ කරුණු පිළිබඳව ආණ්‌ඩුව ස්‌ථිර ප්‍රතිපත්තියකට පිවිසීම අවශ්‍යයි. එක්‌සත් ජාතික පක්‍ෂයේ ඉඳලා ආපු අයට පළාත් සභා බලතල දෙන්න කියා කියන්න අයිතියක්‌ නැහැ. 15 කට වැඩි ප්‍රමාණයක්‌ මන්ත්‍රීවරු අපිත් සමග එකතුවෙලා. පළාත් සභාව අහෝසි කිරීමට ජාතිවාදී කණ්‌ඩායම්වල ඉල්ලීමක්‌ කියලා. දැන් කියනවා. එහෙම නම් ජනමත විචාරණයක්‌ තියලා බලමු මහජනතාව මොකක්‌ද කියන්නේ කියලා ඉන්දු ලංකා ගිවිසුම ගෙනාවේ ත්‍රස්‌තවාදය පරාජය කිරීමට. ඉන්දු ලංකා ගිවිසුම නිසා ත්‍රස්‌තවාදය පරාජය වුණේ නැහැ. පළාත් සභා ක්‍රමයෙන් පරිපාලනය පහසුවක්‌ වන්නේ නැහැ. ඉන් දෙමළ ජනතාවට සේවයක්‌ වෙන්නේ නැහැ. අපි එක්‌සත් ජාතික පක්‍ෂය සමග සාකච්ඡා කළා. එක්‌සත් ජාතික පක්‍ෂය කිව්වේ අපි කියපු කරුණු වැරදියි කියලා. ඔවුන් කිව්වා අපි සාකච්ඡා කරගෙන යමු කියලා. 

යෝධ සංවර්ධන ව්‍යාපෘති කිරීම නොවෙයි. මේ රටේ ප්‍රමුඛතාව විය යුත්තේ. මේ රටේ බත් ටික කන්න පුළුවන් සංවර්ධනයක්‌ ඇති කිරීම වැදගත්.

මේ ආණ්‌ඩුවට අපි ආදරෙයි. හැබැයි ජනතාවත් ආණ්‌ඩුවට ආදරය කරන්න ඕන අපි වැඩියෙන් ආදරය කරන්නේ රටට. රටට ආදරය කරන්නේ නැත්නම් අපට සිදුවෙනවා ආණ්‌ඩුව හරිමගට ගෙන ඒමට විවේචනය කිරීමට. එය අපි කරන්නේ උදාර පරමාර්ථයෙන්. 

ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, ගුණපාල ගංගොඩගම, හෙළ උරුමයේ, මධ්‍යම කාරක සභික ගාමිණී ශාන්ත යන මහත්වරුද මෙහිදී කතා කළහ. 

හෙළ උරුමයේ රැලිය 
මාතර - චන්ද්‍රදාස කොඩිතුවක්‌කු සහ කේ.එච්. පියසේන 
http://www.divaina.com/2013/07/05/news23.html

0 comments: