Pages

Tuesday, November 12, 2013

උතුරේ ආණ්‌ඩුකාර චන්ද්‍රසිරි පළාත් සභාව අමතද්දීම ටීඑන්ඒ තිදෙනා නැගිට යති

උතුරු පළාත් සභාවේ දෙවැනි සභාවාරය ඊයේ (11 දා) ආරම්භ කරමින් උතුරු පළාත් ආණ්‌ඩුකාර මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි මහතා සිය කතාව ආරම්භ කිරීමත් සමඟම දෙමළ ජාතික සන්ධානයේ (ටී එන් ඒ) මන්ත්‍රීවරු තිදෙනකු ආණ්‌ඩුකාරවරයාට විරෝධය පළකරමින් සභා ශාලාවෙන් පිටව ගොස්‌ තිබේ.

දෙමළ ජාතික සන්ධානයෙන් උතුරු පළාත් සභාවට තේරී පත්වී සිටින එම්. කේ. ශිවාජිලිංගම්, එස්‌. සුහිර්දන් යන මන්ත්‍රීවරු දෙදෙනා සමඟ ආනන්දි සසිහරන් මන්ත්‍රීවරිය ද මෙසේ පිටව ගොස්‌ තිබේ.

උතුරු පළාත් සභාවේ සභාපති සී. වී. කේ. සිවඥනම් මහතාගේ ආරාධනයකට අනුව උතුරු පළාත් සභාවේ දෙවැනි සැසිවාරයට සහභාගි වූ උතුරු පළාත් ආණ්‌ඩුකාර මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි මහතාව මහත් හරසරින් යුතුව පිළිගෙන සභා ශාලාව වෙත කැඳවාගෙන ගියේය.

ආණ්‌ඩුකාරවරයා සිය කතාව ආරම්භ කරන ලද අවස්‌ථාවේදී ඊට විරෝධය පළකරමින් මන්ත්‍රීවරු තුන්දෙනකු පිටව ගිය නමුත් සෙසු මන්ත්‍රීවරු සභා ගර්භයේ සිට ආණ්‌ඩුකාරවරයාගේ දේශනයට සවන් දී තිබේ.

මෙහිදී ආණ්‌ඩුකාරවරයා ප්‍රකාශ කළේ ජනාධිපතිවරයාගේ දූරදර්ශීභාවය හා නායකත්වය මත ආරක්‍ෂක අංශ ඔවුන්ගේ ජීවිත කැපකරමින් උතුරට සාමය උදානොකරන්නට යාපනයේ කයිතඩි වැනි ස්‌ථානයක උතුරු පළාත් සභා ශාලාව පිහිටුවා මෙවැනි රැස්‌වීමක්‌ පවත්වන්නට හැකියාව නොලැබෙන බවය.

උතුරු පළාත් සභාවට තේරී පත් වූ සියලුම නියෝජිතයන් උතුරු පළාතේ සංවර්ධනය වෙනුවෙන් දැඩි කැපකිරීමක්‌ කළ යුතු බව කී ආණ්‌ඩුකාරවරයා මේ අවස්‌ථාවේදී සෑම මන්ත්‍රීවරයකුම මධ්‍යම රජය සමඟ එක්‌ව රටේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට ගරු කරමින් මහජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කළ යුතු බවය.

දිනසේන රතුගමගේ
http://www.divaina.com/2013/11/12/news04.html

0 comments: