2012 දෙසැම්බරයේදී අල්ලා ගනු ලැබූ ඇමරිකානු ඩ්‍රෝන යානාවක් ඉරානය විසින් ප්රතිනිෂ්පාදනය කරන ලදුව රුසියාව වෙත ලබාදී ඇතැයි වාර්තා වේ. ඔක්තෝබර් 22දා ඉරාන ගුවන් හමුදා ප්‍රධානි ෆර්සාඞ් එස්මයීලි විසින් ඉරානයේ සංචාරයක නිරතවී සිටි රුසියානු ගුවන් හමුදා ප්‍රධානි ලූතිනන් ජෙනරාල් වික්ටර් බොන්දරෙව් වෙත ස්කෑන්ඊගල් නම් මෙම යානාව ලබාදී ඇති අතර මෙම අවස්ථාව ඉරාන රූපවාහිනි නාලිකා විසින් විකාශනය කර ඇත.
දෙපාර්ශ්වය විසින්ම සතුරු අවි තාක්ෂණ පෙරළා නිපදවීමේ ඉරාන හැකියාව අගයකර ඇති අතර ඇමරිකානු ඩ්‍රෝන යානා පිටපත නිරීක්ෂණය කළ රුසියානු ගුවන් හමුදාපතිවරයා ඉරානය විසින් එහි ඇතැම් අංග වර්ධනය කර තිබීම පිළිබඳව ප්‍රශංසා කර ඇතැයි පැවසේ. කෙසේවෙතත් විචාරකයන් පවසන්නේ මෙම මාධ්‍ය සන්දර්ශනය වඩාත් වැදගත් යුධ තාක්ෂණික ප්‍රදානයක් සැගවීමේ අරමුණින් පවත්වා ඇති බවයි.
ස්කෑන්ඊගල් යානාව ලබාදීමට පෙර රුසියාව විසින් දිගු කලක සිට බලාපොරොත්තුවෙන් සිටි ඇමරිකානු නිෂ්පාදිත RQ-170 සෙන්ටිනල් යානාවක් ඉරානය විසින් ලබාදී ඇතැයි පැවසේ.
මෙම යානය 2011 දෙසැම්බර් 13දින ඉරානයේ සිදුකළ සී.අයි.ඒ මෙහෙයුමකදී අත්පත් කරගෙන ඇති අතර ඊටම ආවේණික ගුවන් යානා රහිත යානා තාක්ෂණය සහ මිලිටරි චන්ද්‍රිකා වෙත සම්බන්ධ වී ඇති තොරතුරු රැස් කරන උපකරණ හේතුවෙන් මෙම යානය යුධ තාක්ෂණිකව අතිශයින් වැදගත් බව පැවසේ.
මෙම අත්පත් කරගැනීම සඳහා චීනයේ සහය ලැබීම හේතුවෙන් එහි තාක්ෂණය චීනය විසින් ලබාගෙන ඇතැයි සිතූ රුසියාව දිගු කලෙක සිට මෙය ඉරානයෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.
මේ සිදුවීම පිළිබඳ ඇමරිකාව කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති අතර රුසියාව සහ ඉරානයේ මිලිටරි සබඳතාවය ඉදිරියේ නිහඬව සිටීම හේතුවෙන් සවුදි අරාබිය සහ ඊශ්‍රායලය යන මිතුරන් වොෂින්ටන් පාලනය සමග උරණ වී ඇතැයි පැවසේ.
එසේම මෙම යානා තාක්ෂණය පිළිබඳ රුසියාව විසින් දක්වා ඇති දැඩි අවධානය මගින් එවැන්නක් රුසියාව විසින් මෙතෙක් නිර්මාණය කර නොමැති බව හෙළිදරව් වන බව විචාරකයන්ගේ අදහසයි.
http://lankacnews.com/sinhala/foreign-news/103992/

0 comments:
Post a Comment