Pages

Thursday, November 7, 2013

සිරියානු අර්බුදය - පුටින් ඉටුකලේ මුළු ලෝකයම රහසේ කොඳුරමින් සිටි බලාපොරොත්තුවයි

සිරියානු අර්බුදය සහ ජාතික ආරක්ෂක ඒජන්සියේ චරපුරුෂ කටයුතු පිළිබඳව පැනනැගුණු ආන්දෝලනාත්මක තත්වයේදී පුටින් චෙස් ක‍්‍රීඩා කළ අතර ඔබාමා තමන් සමගම දාම් සෙල්ලම් කරන්නට ගොස් පැරදුණු බව දේශපාලන විශ්ලේෂක පෙපෙ එස්කෝබාර් පවසයි.

සැබැවින්ම ලෝකය පාලනය කරන රාජ්‍ය නායකයන්, මූල්‍ය යෝධයන් සහ ව්‍යාපාරික අධිරාජ්‍යයන් ගේ ලැයිස්තුවක් සකසන ෆෝබ්ස් සඟරාවට මෙවර ශ්‍රේ’ගත කිරීම් වල අංක 1ට ගෙනඑ්මට සිදුවූයේ රුසියානු ජනාධිපතිවරයාගේ සැහැල්ලූ බලය නම් ක‍්‍රියාකලාපය හේතුවෙන් බව ඔහුගේ අදහසයි.

ලෝකයේ විනාශකාරීම යුධ අවි සංචිතයේ හිමිකරුවා වන ඇමරිකාවේ ජනාධිපතිවරයා එහි මුල්තැන ගැනීම සාමාන්‍ය සම්ප‍්‍රදාය වන අතර මේ වසරේදී මෙන්ම වෝල් ස්ටී‍්‍රට් අර්බුදය පැනනැගි 2010 වසරේ චීන ජනාධිපති හු ජින්ටා ඕ පලමු ස්ථානය ගැනීමත් දෙකම සුවිශේෂී වන බව එස්කොබාර් පවසා තිබේ.  ඔවුන් දෙදෙනාම නැගී එන බි‍්‍රක්ස් රටවලට අයත් වන අතර එම ඇගයීම ඇමරිකානු ආයතනයකින් හිමිවීම තවත් විශේෂත්වයකි.

එඞ්වඞ් ස්නොව්ඩන් සම්බන්ධ අර්බුදයේදී පුටින් විචක්ෂණශීලීව කටයුතු කරමින් සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූලව ගැටළුව සමනය කළ බවත් සිරියාවට සහ අරාබි ලෝකයට එරෙහිව දැවැන්ත යුද්ධයක මුවවිට සිටි ඇමරිකාව ඉන් ගලවා ගැනීමට සමත්වූ බවත් ඔහු පවසා ඇත.

ෆෝබ්ස් සඟරාව දක්වා ඇත්තේ ලෝක දේශපාලන පිටියේ මෙම චෙස් ක‍්‍රීඩාව නැරඹූ  ඕනෑම පුද්ගලයෙකුට පුටින් අතට බලය හුවමාරුවීම නිරීක්ෂණය කළ හැකි බවයි.  රුසියානු ජනාධිපතිවරයා විසින් ඉටුකරන ලද්දේ සමස්ත ලෝකයම රහසේ කොඳුරමින් සිටි බලාපොරොත්තුව බව කියුබානු සම්බාධකවලට එරෙහි යෝජනාව 188-2ක් ලෙස 22වන වසරටත් පරාජය වීම මගින් පැහැදිලි වේ.

ඇමරිකාවේ ඒකාධිපතීත්වයට විකල්පයක් ලෙස පුටින්ගේ බහුපාර්ශ්වික සබඳතා ජාලය මධ්‍යම ආසියාව, යුරෝපය, මැදපෙරදිග සහ චීනය ආදී බොහෝ කලාප වන වර්ධනය වෙමින් තිබෙන බව පෙපෙ එස්කොබාර් පවසා තිබේ.

http://lankacnews.com/sinhala/foreign-news/103941/

0 comments: