Pages

Sunday, November 10, 2013

හිටපු නායක හකිමුල්ලා ඝාතනයෙන් පසු තලෙබාන් සංවිධානයට නව නායකයෙක්‌

පකිස්‌තාන තලෙබාන් කණ්‌ඩායම සිය නව අන්තර්වාර නායකයා ලෙස අෂ්මතුල්ලා ශාෂින් බිතානි පත්කර ඇත.

නොවැම්බර් 01 වැනිදා එල්ල වූ ඩ්‍රෝන් ප්‍රහාරයකින් හිටපු නායක හකිමුල්ලා මෙෂුඩ් ඝාතනය වීමෙන් පසු මෙලෙස නව නායකයකු පත්කර ඇත.

පකිස්‌තාන රජය සමග සාම සාකච්ඡා ආරම්භ කිරීමට අදාළව සාකච්ඡාවකට ගොස්‌ නිවසට පැමිණි අවස්‌ථාවේ හකිමුල්ලාගේ කාරයට ඩ්‍රෝන් ප්‍රහාර එල්ල විය. මිසයිල ප්‍රහාර දෙකකින් මේ තලෙබාන් නායකයා ඉතිහාසයට එක්‌විය.

හකිමුල්ලා මෙෂුඩ්ගේ හිසට ඇමරිකන් ඩොලර් මිලියන 5 ක වටිනාකමක්‌ ලබාදී තිබූ අතර මොහු ඝාතනය කිරීමට හැකිවීම සී.අයි. ඒ. සංවිධානය ලැබූ විශේෂ ජයකි.

කෙසේ නමුත් මේ ඝාතනය පකිස්‌තාන රජය උරණ කිරීමට හේතුවක්‌ද විය.

පකිස්‌තාන අගමැති නවාෂ් ශරීෆ් බලයට පැමිණියේද තලෙබාන් සංවිධානය සමග සාම සාකච්ඡා අරඹන බව ප්‍රකාශ කරමිනි.

පකිස්‌තාන අභ්‍යන්තර කටයුතු ඇමැති චෞද්රි නිසාර් අලි ඛාන් පුවත්පත් සාකච්ඡාවක්‌ පවත්වමින් හකිමුල්ලාගේ ඝාතනය තරයේ හෙළා දැකි අතර සාම සාකච්ඡා කඩාකප්පල් කිරීම ගැන ඇමරිකාවට දොස්‌ නැගීය.

මෙෂුඩ් ඝාතනය වූයේ උතුරු වසිරිස්‌තානයේ ඩන්ඩා දර්ණ කේල් නම් ගම්මානයේ පිහිටි තම නිවස ඉදිරිපිටදිය. 2009 වසරේදී මෙෂුඩ්ට පෙර සිටි තලෙබාන් නායකයා ජැනට්‌ බයිතුල්ලා මෙෂුඩ්ද ඩ්‍රෝන් ප්‍රහාරයට ලක්‌ව අවසන් ගමන් ගියේය.

http://www.divaina.com/2013/11/09/forign02.html

0 comments: