Pages

Tuesday, November 12, 2013

උතුරු අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ලබන ජනවාරියේ

උතුරු අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු 2014 වසරේ ජනවාරි මස ආරම්භ කිරීමට නියමිතව ඇතැයි මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ප්‍රේමසිරි මහතා පැවසීය.

අදියර 04 ක්‌ යටතේ ඉදිකරන උතුරු අධිවේගී මාර්ගයේ පළමු අදියර එඩේරමුල්ල සිට මීරිගම දක්‌වාත්, දෙවන අදියර මීරිගම සිට කුරුණෑගල දක්‌වාත් ඉදිකෙරේ. තෙවන අදියර මීරිගම සිට මහනුවර දක්‌වාද, සිව්වන අදියර කුරුණෑගල සිට දඹුල්ල දක්‌වා ද ඉදිකරනු ඇත. මෙම අදියර 04 ම එකවර ආරම්භ කරන බව ද ප්‍රේමසිරි මහතා පැවසීය.

දකුණු අධිවේගී මාර්ගයේ ගාල්ල සිට මාතර දක්‌වා මාර්ගය 2014 ජනවාරි මස විවෘත කරන බව ද ලේකම්වරයා පැවසීය.

දිවයින පුරා කි.මී. 12,000 ක මාර්ග පද්ධතිය නවීකරණය කිරීමට පියවර ගෙන ඇති අතර ඒ යටතේ ගම් 14,000 ක්‌ සම්බන්ධ කරන ප්‍රවේශ මාර්ග පද්ධතිය නවීකරණය කරන බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

සිරිමෙවන් කස්‌තුරිආරච්චි
http://www.divaina.com/2013/11/12/news05.html

0 comments: