Pages

Sunday, January 5, 2014

සම්මානයෙන් පිදිය යුතු ගොවියා දඟගෙයි දමන යෝජිත බීජ පනත බීජ අයිතිය

2013 යෝජිත බීජ පනතට මේ වන විටත් විරෝධතා රාශියක්‌ එල්ල වී ඇත. එසේම ඒ මගින් කරන්නට යන්නේ ගොවියාගේ සුජාත අයිතියක්‌ වන බීජ අයිතිය ප්‍රබල බහුජාතික සමාගම්වල භුක්‌තියට සවිකර දීමක්‌ බවට ප්‍රබල චෝදනා එල්ල වී ඇත. මෙම ප්‍රබල විරෝධතා සහ චෝදනා හුදු ආණ්‌ඩු විරෝධීන්ගේ හෝ රාජ්‍ය නොවන සංවිධානවල බාල වැඩ ලෙස හංවඩු ගසා කිසිවකුටවත් අත සෝදා ගත නොහැක්‌කේ ජාතික නිදහස්‌ පෙරමුණ, හෙළ උරුමය වැනි ආණ්‌ඩුවේ පාර්ශවයන් විසින්ද මෙම යෝජිත බීජ පනත ප්‍රබල ලෙස ප්‍රශ්න කෙරී ඇති බැවිණි. එසේම පාරම්පරික වී ගොවිතැන රැකගැනීම වෙනුවෙන් බොහෝ දුෂ්කරතා මධ්‍යයේ ඇප කැපවී සිටින මතුගම සෙනවිරුවන් වැනි මහත්වරුන් සහ එම මහත්වරුන් නියෝජනය කරන සංවිධානද, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතු`එ ප්‍රබල වෘත්තීය සමිති විසින්ද මෙම බීජ පනතට සිය දැඩි විරෝධය පළකර ඇත. 

අප රටේ මෙන්ම ලෝක වශයෙන් සළකා බැලුවද අවුරුදු දස දහසකට ආසන්න කාලයක සිට පරපුරෙන් පරපුරට බීජ ආරක්‌ෂා කරගෙන රැගෙන විත් ඇත්තේ ගොවියන් විසිනි. ගංවතුර නිය`ගය වන සතුන් ආදී ස්‌වභාවික විපත්වලින්ද, සොර සතුරන් යුද්ධ කලකෝලාහල ආදී මිනිසා විසින්ම නිර්මිත විපත්වලින්ද බීජ විනාශ වෙන්නට ඉඩ නොදී වර්තමාන පරපුර කරා මෙම බීජ දායාද කරන්නට ඔවුන් හෙළු ලේ, දහඩිය, ක`දුළුවල සීමාවක්‌ නැත. බීජ සහ ගොවිතැන රැකගන්නට අපේ මුතුන් මිත්තන් පුජා කළ ජීවිත මෙතෙකැයි කියා ගණන් ඉදිරිපත් කළ නොහැකිය. මෑත කාලීනව ගොවියන්ට බීජ ආරක්‌ෂා කරගන්නට සටන් කරන්නට සිදු වූයේ බීජ අයිතිය මේ වන විටත් උදුරාගෙන ඇති බහුජාතික සමාගම් සමග සහ ඔවුන්ට සෑම විටම සෑම බැලමෙහෙවරක්‌ම කරන්නට සැදී පැහැදී සිටින සමාගම් ගැති නිලධාරී පන්තිය සමගයි. මෙවර ඉදිරිපත් කෙරී ඇති බීජ පනත පරාජය කිරීමම එම සටනේ ප්‍රධාන කොටසක්‌ බවට පත් වනු ඇත. 

හැට දශකයේ ආරම්භ කෙරුණු ඊනියා හරිත විප්ලවය යනු ලෝකයේ සාගිනි නිවන්නට දියත් කළ ව්‍යාපෘතියක්‌ නොව ගොවියාගේ බීජ අයිතියත් ඉඩම් අයිතියත් අත්දැකීම් මත පදනම් වූ ගොවියාගේ පාරම්පරික ඥානයත් ආහාර සුරක්‌ෂිතතාවයත් මහ දවල් කොල්ල කන්නට සහ විනාශ කරන්නට ඇටවූ මර උගුලකි. අවාසනාවට අප වැනි රටවල බොහෝ පාලකයෝ මෙම මර උගුලට ස්‌වේච්ඡාවෙන්ම තම රටවල් සහ ජනතාව ගොදුරු කළහ. එහි අනිවාර්ය ප්‍රතිඵලයක්‌ ලෙස සෞඛ්‍යාරක්‌ෂිත සම්ප්‍රදායික ආහාර රටාවෙන් සහ ගොවිතැන සමග බැ`දුණු සම්ප්‍රදායික ජීවන රටාවෙන් ඈත්වී වස විෂ කමින් දියවැඩියාව, හෘදයාබාධ, පිළිකා, වකුගඩුරෝග ආදිය වැළ`දගෙන ජීවිතයෙන් තුනෙන් එකක්‌වත් හරියට ගෙවා ගන්නට බැරි අකාලයේ මරුවා වැළ`දගන්නා තත්වයට ලෝකවාසී ජනතාව පත් කෙරී ඇත. බෝ නොවන රෝග වසංගතය යනු එයම මිස අනිකක්‌ නොවේ. අධිරාජ්‍යවාදීන් හරිත විප්ලවයෙන් බලාපොරොත්තු වු අරමුණු අප රට තුළ කූටප්‍රාප්තියට පත්කිරීම යෝජිත බීජ පනතේ සැබෑ අරමුණ වේ.

ඉහත ස`දහන් කළ පරිදි ස්‌වභාවික විපත්වලින්ද යුද සොර සතුරු විපත්වලින්ද බහුජාතික සමාගම්වල සහ ඔවුන්ගේ සකළවිධ බැලයන්ගේ අනේකවිධ තාඩන පීඩන සහ හිරිහැරකිරීම් වලින්ද නොසැලී නොපසුබටව ආදි මුතුන් මිත්තන් විසින් පවත්වාගෙන ආ බීජ අයිතිය වත්මන් පරපුර දක්‌වා රැකදෙන්නට ඇප කැපවූ සියලු දෙනාම සමස්‌ත ජාතියේම ගෞරව බහුමාන සම්මානයට පාත්‍ර විය යුතුය. නමුත් යෝජිත බීජ පනතින් කරන්නට යන්නේ කුමක්‌ද? 

යෝජිත බීජ පනතට අනුව බීජ සහ සියලුම රෝපණ ද්‍රව්‍යවල මහා බලධාරියා බවට කෘෂිකර්ම අධ්‍යක්‌ෂ ජනරාල්වරයා පත් වෙයි. ඔහුගේ අනුමැතියෙන් තොරව බීජ හා රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය, ළ`ග තබාගැනීම, බෙදාහැරීම, හුවමාරු කිරීම, විකිණීම සහ බීජ පිළිබ`දව කථිකා කිරීම පවා සපුරා තහනම් වෙයි. එම කටයුතු අරඹයා කෘෂිකර්ම අධ්‍යක්‌ෂ ජනරාල්වරයා ඇතු`එ නිලධාරී මණ්‌ඩලයට අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය යටතේ පොලිස්‌ නිලධාරීන් සතු බල තල හිමිවෙයි. එහි අරුත වන්නේ කෘෂිකර්ම අධ්‍යක්‌ෂ ජනරාල්වරයාගේ අභිමතයට යම් ආකාරයකට හෝ පටහැනිව කටයුතු කරන්නන් දරුණු ගණයේ අපරාධකරුවන් බවට පත් වන බවයි. ඒ අනුව ඔවුන් අත් අඩංගුවට ගැනීමට රුපියල් 50000 ක්‌ දක්‌වා දඩ නියම කිරීමට පමණක්‌ නොව මාස 6ක්‌ දක්‌වා සිපිරි ගෙට යෑවීමට පවා කාෂිකර්ම අධ්‍යක්‌ෂ ජනරාල්වරයාට බලය හිමිවෙයි. කුඩා බීජ පැකැට්‌ටුවක්‌ ප්‍රවාහණය කරන වාහනය පවා රාජසන්තක කිරීමටද ඔවුන්ට බලය හිමි වෙයි. බොහෝ පාර්ශවයන් විසින් මේ වන විටත් පෙන්වා දී ඇත්තේ මත්කුඩු ජාවාරම, හොර මත් දියර ජාවාරම, පාතාල ක්‍රියාකාරකම් ආදී අතිශයින් දරුණු ගණයේ අපරාධ මැඩීමටවත් පොලිසියට මේ තරම් නීත්‍යානුකූල බල තල ලබා දී නොමැති බවයි.

මෙම තත්ත්වයන් විසින් පෙන්වා දෙන්නේ ඉහතින් දැක්‌වු පරිදි සමස්‌ත ජාතියේම ගෞරවයට සහ සම්මානයට භාජනය විය යුතු දේශීය බීජ මේ දක්‌වා රැකගෙන ආ දේශයේ සැබෑ ගොවි රජවරුන් දරුණු ගණයේ අපරාධකරුවන්ටත් වඩා අතිශයින් දරුණු අපරාධකරුවන් බවට පත් කොට ඔවුන් ද`ගගෙයට දැක්‌කවීම යෝජිත බීජ පනතේ මුඛ්‍ය පරමාර්ථය බවයි. ඒ වෙන කවුරු වෙනුවෙන්වත් නොව සමස්‌ත බීජ හා සියලුම රෝපණ ද්‍රව්‍යවල පූර්ණ අයිතිකරුවා බවට බහුජාතික සමාගම්කරුවන් පත් කිරීම වෙනුවෙනි. පනත ආරම්භයේ දැක්‌වෙන පරිදි එහි පරමාර්ථ ගුණාත්මක බීජ සපයා දේශීය කෘෂිකර්මය නගාසිටුවීම සහ යුගයට ගැළපෙන පරිදි බීජවල ගුණාත්මක තත්ත්වය ඉහළ දැමීම ආදිය හුදු කිඹුල් ක`දුළුම පමණි .

මෙම බීජ පනතේ නිර්මාතෘවරුන් ඉතා අකාරුණික ලෙස මෑත අතීතය පවා අමතක කර තිබේ. ජපන් ආධාර මත ගන්නෝරුවේ පිහිටුවා ඇති ජාන සම්පත් මධ්‍යස්‌ථානයට පමණක්‌ නොව පිලිපීනයේ පිහිටුවා ඇති ජාත්‍යන්තර සහල් පර්යේෂණායතනයට පවා තිර කරගැනීමට දේශීය සම්ප්‍රදායික බීජ ලබාගෙන ඇත්තේ ගම්වල ජිවත්වන ගොවියන්ගෙනි. අද එසේ ජාන සම්පත් කොල්ලකන ලද පාර්ශවයන් විසින්ම උත්සාහ කරන්නේ එම ජාන සම්පත් ප්‍රතික්‌ෂේප නොකර ලබාදුන් ගොවියන් ද`ගගෙට දැක්‌වීමටය. මෙය කාටත් තේරෙන භාෂාවෙන් කියනවානම් තමන් හදා වඩා පෝෂණය කළ මව්පියන්ගේ දේපළ සියල්ල ඔවුන් සට කපට ලෙස රවටා ජීවිත භුක්‌තියවත් නොමැතිව බලහත්කාරයෙන් ලියවාගත් පසු මව්පියන් අතින් පයින් පමණක්‌ නොව පොලු මුගුරුවලින් ද ගසා මහ පාරට ඇද දැමීම වැනි අවජාතක දරුවන්ගේ ක්‍රියාවකි. මෙම බීජ පනතේ නිර්මාතෘවරුන් ජනතාවට හෙළිදරව් කෙරී නැතත් තිරය පසුපස සිට කටයුතු කරන ඔවුන්ට මතක්‌ කර දිය යුත්ත නම් මෙම බීජ පනත මීට අවුරුදු 50 කට කලින් සම්මත කරගෙන ක්‍රියාත්මක කළානම් නුඹලාට කොල්ල කන්නටවත් බිජයක්‌ හෝ ජාන සම්පතක්‌ අපේ ගොවියන් අත ඉතිරි නොවන බවයි.

වස විෂෙන් තොර බත්පතක්‌ සාදාගැනීමට මං පාදන්නා වූත් අතිශයින් සෞඛ්‍යාරක්‌ෂිත වූත් දේශීය සම්ප්‍රදායික බීජ එහි සුජාත අයිතිකරුවන් වූ ගොවීන්ගෙන් උදුරාගෙන ඒවා විනාශ කොට ඒවායේ ජාන අයිතියද මංකොල්ල කාගෙන බීජ ඒකාධිකාරිය සම්පූර්ණයෙන්ම බහුජාතික සමාගම් කීපයකට පැවරීමේ මෙම යෝජිත බීජ පනතට සියලුම බත් කන ජනතාව විසින් පාට පක්‌ෂ බේද නොසලකා එකහ`ඩින් විරුද්ධ විය යුතුය. යෝජිත 2013 බීජ පනත සම්පූර්ණයෙන්ම හකුලා ගන්නට බල කළ යුතුය. නව බීජ පනතක්‌ අවශ්‍ය නම් ගොවියාගේ බීජ අයිතිය සුරක්‌ෂිත වන පරිදි ද දේශීය ගොවියාගේ අවශ්‍යතා පරිදි ද එය සකස්‌ කළ යුතුය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියන පරිදි බීජවල ගුණාත්මකභාවය වැඩිකරගන්නට උවමනාම නම් ගොවියාගේ බීජ අයිතියට අත නොතබා ඒ ස`දහා අවශ්‍ය ප්‍රතිපාදන සැලසෙන පරිදි 2003 බීජ පනතට අවශ්‍ය සංශෝධනයන් ද ගෙන ආ හැකිය.

වෛද්‍ය පාලිත සමන් ජයකොඩි
http://www.divaina.com/2014/01/05/feature11.html

0 comments: