රටක, රාජ්‍යක, සමාජයක හෝ පවුල් සංස්‌ථාවක වුවද සංවර්ධනය පිණිස යහපත් අරමුqණු සහ ඉලක්‌ක තිබිය යුතුය. විරැකියාව, ආර්ථිකය, මානව හිමිකම්, සමාජ අරගල සහ බාහිර බලපෑම්, නමැති ප්‍රධාන අභියෝග පහ ක්‍රමානුකූලව ජය ගැනීම ඕනෑම රටක වැදගත්ම අරමුණ සහ ඉලක්‌කය විය යුතුය. එපරිදිම වහල් භාවයෙන් හා පරගැති භාවයෙන්ද පර වැඩ සඳහා ශ්‍රමිකයින් පිට රට පැටවීමකින්ද බැහැරව තම තමුන්ට දෙපයින් නැගී සිටින්නට හැකි වන පරිදි පළමවුවෙන්ම දේශීය වශයෙන් විරැකියාව ජය ගැනීමටත්, එමගින් ජය ගන්නා ආර්ථිකය සියලු දෙනා අතරේ සාධාරණව බෙදී යන පරිදි සැවොම දායක කර ගැනීමටත්, වගබලා ගන්නේ නම් ඉතිරි අභියෝග තුන නිර්මාණය වන්නට බලපාන හේතුව සහ වටපිටාව ඉබේටම විනාශ වී යනු ඇත. එපමණක් නොව එම අභියෝග පහ එපරිදිම සහ එපිළිවෙලින්ම ජය ගන්නට සමත් වනවා නම්, සමාජයක් තුළ දිනෙන් දින තැනින් තැන හතු පිපෙන්නා සේ විවිධාකාර වූ අර්බුද සහ ගැටලු හට ගැනීමක්‌ද නැත. ඒ සමගම ජාතියක අතීත උරුමයන් සහිත අනන්‍යතාවයන් එලෙසින්ම රැක ගැනීම සංවර්ධනයෙහි ඊළඟ සැබෑ අරමුණ සහ ඉලක්‌කය ද විය යුතුය.
ඒ අනුවම සහ එපිළිවෙලින්ම 100% ක් විරැකියාව ජය ගන්නට නම් පුළුල් දේශීය රැකියා වෙළෙඳපොලක් ද තිබිය යුතුය. එපරිදි අපගේ උරුමයන්ට සහ අනන්‍යතාවයන්ට සරිලන සංවර්ධන මාවත් ලෙස කෘෂිකර්මාන්තය සහ කර්මාන්ත වැඩි දියුණු කර ගැනීම පිණිස ප්‍රමුඛතාවය හිමි විය යුතුය. ඒ මන්ද යත් එම අංශ දෙක වැඩි දියුණු කිරීමට අවශ්‍ය සියලුම සම්පත් සපුරා ගන්නට අපට ඇති හැකියාව සහ අවකාශය වැඩි නිසාත්, ඒ සඳහා අවශ්‍ය සෑම සම්පතක්‌ම ප්‍රමාණවත් වන නිසාත්, එතුළින් විවිධාංගීකරණය වූ සහ අසීමිත රැකියා වෙළඳපලක් බිහි වන නිසාත් සෘජු ඵලදායිතාවයක් ලබන්නට හැකි වන්නේ එලෙසින්ම පමණක් වන නිසාත්, සියලුම පුරවැසියන් ඒ සඳහා දායක කර ගැනීමේ අවකාශ වැඩි වන නිසාත් එයින් ලබන ආර්ථික ප්‍රථිලාභ සියල්ලන් අතර සාධාරණව බෙදී යන නිසාත්ය. එපමණක් නොව එමගින් අප සමාජය තුළ ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජවාදය තහවුරු කරන්නට පිටිවහලක් ද වන නිසාය.
එනිසා මේ රට සංවර්ධනය කරනු පිණිස ඇති බාධක මොනවාද යන්න හඳුනා ගැනීම පළමුව කළ යුතුව ඇත. එහෙත් නිදහස ලැබී වසර 65 ක් ගතවී ඇතත් එම බාධක මොනවාද යන්න හඳුනා ගන්නට අප තවමත් අපොහොසත්ය. අපට වැරදුන එකම දෙයද එකම තැන ද එයමය. එනිසාම අපි විවිධාකාර වූ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කළෙමු. ඒ අනුව එදා අපි කළේ මිනිපේ ව්‍යාපාරය, ගල්ඔය ව්‍යාපාරය, මහවැලි ව්‍යාපාරය, නිදහස් වෙළෙඳ කලාපය වැනි දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමය. ඒ සඳහා කෙටි කාලීන, මැදි කාලීන සහ දිගුකාලීන සැලසුම් සකස් කළේය. විවිධාකාර වූ ණය ගත්තේය. අනතුරුව විවෘත ආර්ථිකය ද හඳුන්වා දුන්නේය. එමගින් සංවර්ධනය සඳහා පුද්ගලික අංශයේ සහභාගීත්වයද වැඩි කර ගත්තේය. එවගේම අපගේ එම අරමුණු සහ ඉලක්‌ක අනුව විශාල වශයෙන් සංවර්ධනය පුලුල් වේයෑයි සිහින දැක්‌කේය. එහෙත් එවන් දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කළද 1950 සිට 2000 දක්‌වා අපගේ සංවර්ධන ප්‍රතිඵලය වූයේ ඇ. ඩො. 89 සිට 881 ක් දක්‌වා වර්ධනය කර ගැනීම පමණි. විදේශීය ණය ගැති භාවය වැඩි කර ගැනීම පමණි. විවිධාකාර වූ අභියෝග, අර්බුද සහ ගැටලු නිර්මාණය කර ගැනීම පමණි.
අනතුරුව අපි කරන්න පටන් ගත්තේ මොනවාද? ගුවන් තොටුපළවල් පුළුල් කිරීම සහ වැඩි කිරීම, වරායවල් පුළුල් කිරීම සහ වැඩිකිරීම මාර්ග සහ වාරි මාර්ග පුළුල් කිරීම සහ වැඩි දියුණු කිරීම, විදුලි බලාගාර වැඩි කිරීම වැනි යටිතල පහසුකම් සීඝ්‍ර ලෙස පුළුල් කිරීම සහ වැඩි දියුණු කිරීම වැනි සංවර්ධන ක්‍රියාවලියන්ය. එහෙත් විශාල කැප කිරීම් කරමින් එපමණ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති සහ යටිතල පහසුකම් වැඩි දියුණු කළද අප අපේක්‍ෂා කළ කෘෂිකාර්මික සහ කාර්මික දියුණුවක් දැනෙන ලෙස අත්පත් කර ගන්නට සහ එමගින් ස්‌වයංපෝෂිත වන්නට අපට තවමත් නොහැකි වී ඇත. එමෙන්ම සංවර්ධනයට එකම බාධකය ලෙස සැලකුව දිගු කලක් පැවති යුද්ධය ද නිම වී වසර හතරකුත් ඉක්‌ම ගිය පසු 2000 සිට තවත් වසර 12 ක් ගතවී ඇතත් අපගේ ඒක පුද්ගල ආදායම වැඩි කරන්නට හැකි වී ඇත්තේ ඇ. ඩො. 2,923 ක මට්‌ටමකට පමණි. එපමණක් නොව අපට එලෙස ගොඩ නැගෙන්නට නොහැකිය යන තැනට අපගේ මානසික මට්‌ටම ද මේ වන විට පහළට අඳවැටී ඇත. එනිසා අපි දැන් සිහින මවන්නේ සංචාරක ව්‍යාපාරය, පිට රට රැකියා අවස්‌ථා, විදේශ ආයෝජකයින්, වෙළෙ¹ම සහ ඒ වටා ගෙතුන පස් පවද සහිතව අඬුව තියාගෙන අත පුච්චා ගන්නට හදන අපට ආවේණික නොවන වැඩිපුර බලාපොරොත්තු තබා නොගත යුතු සහ බැහැර කළයුතු මෙන්ම ඉතාමත්ම අවිනිශ්චිත සංවර්ධන බලාපොරොත්තු කෙරෙහිය. එහෙත් එම බලාපොරොත්තු ද සිහින බවට පෙරළෙන්නට ඇති ඉඩ කඩ වැඩිය. ඒ මන්ද යත් කෘෂිකාර්මික සහ කාර්මික පැත්තෙන් සම්පත් සහ යටිතල පහසුකම් සම්පූර්ණ කර ගන්නට හැකි වුවද එවන් අලුත් සංවර්ධන ඉලක්‌ක සපුරා ගැනීම පිණිස ගෝලීය තරඟකාරිත්වයට ද මුහුණ දෙමින් අදාළ සම්පත් සපුරා ගැනීම සහ යටිතල පහසුකම් නිම කිරීම එතරම් පහසු කාර්යයක් නොවන නිසාය. එනිසා ඔරොත්තු නොදෙන ලෙස තව දුරටත් ණය බර වැඩි කර ගැනීමේ සහ අතර මග නතර වීමේ අවදානම ද වැඩිය.
එසේනම් අපි කෘෂිකාර්මික සහ කාර්මික පැත්තෙන් සංවර්ධනය වන්නේ කෙසේද? වැඩි බරක් නොගෙන ඒ සඳහා උපාය මාර්ගික වශයෙන් අප කළ යුතු වන්නේ මොනවාද? ආහාර හිඟයක් ඇති වන බවට අනාගතය කෙරෙහි මුලු ලොව තුළම ඇත්තේ භීතියකි. වර්තමානය තුළද එම ආහාර හිඟයට ලෝකයම මුහුණ දෙමින් ඇත. එම තත්ත්වය ලෝකය පමණක් නොව අපද මුහුණ දෙමින් ඇත. අප එම අවස්‌ථාවෙන් ප්‍රයෝජන ගන්නේ කෙසේද වැඩි වැඩියෙන් ආනයනය කිරීමෙන්ද අපනයනයට පිවිසීමෙන්ද ඒවගේම කාර්මික නිපැයුම් හිඟයකටද අප මුහුණ දෙමින් ඇත. එනිසා කෘෂිකාර්මික සහ කෘෂිකාර්මික සහ කාර්මික නිපැයුම්වලින් වැඩි ප්‍රමාණයක් මේ මොහොත වන විටත් අපි ආනයනය කරන්නෙමු. එම තත්ත්වය දිගින් දිගටම වැඩිවීම හේතුවෙන් විවිධාකාර පරිබාහිර අභියෝග සහ අර්බුද මෙන්ම ගැටලුවලට මුහුණ පාන්නෙමු. ඒ සඳහා විශාල විදේශ විනිමය ප්‍රමාණයක්‌ද අපට අවශ්‍යය. එම විනිමය හිඟය පියවා ගැනීම මේ වන විට විශාල අභියෝගයක් වී ඇත. එම අභියෝගයට මුහුණ දීම පිණිස ඉහත සහන් පරිදි නුහුරු නුපුරුදු සහ ආවේණික නොවන සංවර්ධන ව්‍යාපෘති කෙරෙහි බලාපොරොත්තු තබා ගන්නටද සිදුවී ඇත. අපි දැන් උත්සාහ කරමින් ඇත්තේ එම බලාපොරොත්තු තුළින් ගොඩ ඒමටය. එහෙත් එය අවිනිශ්චිතය. නිශ්චිතය කියා කිසිවෙකුටත් නිගමනයට එළැඹෙන්නට නොහැකිය. ඒ ගැන තර්කයක්‌ද තිබිය නොහැක.
එහෙත් කෘෂිකාර්මික සහ කාර්මික සංවර්ධනයක් තුළින් අපට ගොඩ එන්නට හැකිය. එය නිශ්චිතය. ඒ සඳහා අප පළමුව කළ යුතු වන්නේ අපගේ විවිධ වූ අවශ්‍යතාවයන් ප්‍රාමාණිකව ගණනය කර ගැනීමය. දෙවනුව අප කළ යුතු වන්නේ එම අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා අප සතු සම්පත් උපරිමයෙන් ප්‍රයෝජනයට ගැනීම සහ නිසි කළමණාකරණයකට බඳුන් කිරීමය. එහෙත් කළ නොහැක්‌කේ එයම බවද පෙනෙන්නට ඇත. ඊට හේතුව අප සතු භෞතික සම්පත් ප්‍රයෝජනයට ගන්නට හැකි වුවත් මානව සම්පත දායක කර ගැනීමට ඇති අපහසුවය. මිනිසුන් වැඩකට ගන්නට බැරිය යනුවෙන් අද වැඩියෙන් කතා බහට ලක්‌ව ඇත්තේ ද එයමය. මෙයයි ප්‍රශ්නය ඇති තැන. යමක් නිෂ්පාදනය කරනු පිණිස කුඹුරකට බස්‌සවන්න, පොල් පාත්තියක් කපා ගන්න රබර් කිරි ටික කපා ගන්න තේ දල්ල නෙලා ගන්නා කම්කරුවෙකු සොයා ගැනීම අපහසුය. එවගේම දිවි නැගුම, කප්රුක, පොහොර වැනි යටිතල පහසුකම් සහිත සහනාධාර ලබා දීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කළත් තම ගෙවත්තේ එළවළු පාත්තියක් දමා ගන්නට, වෙනත් බෝගයක් සිටුවා ගන්නට, ඒ සඳහා කැත්තක් උදැල්ලක් අල්ලන්නට හෝ එවන් ස්‌වයං රැකියාවක නිරත වන්නට මිනිසා කම්මැලිය. එමෙන්ම ලණු කැරැල්ලක් අඹරන්නට, කොස්‌සක් ඉදලක් බඳින්නට, ගරාජයක හෝ කර්මාන්ත ශාලාවකට කොටු වෙන්න ඒ සඳහා අඬුවක් මිටියක් අල්ලන්න හෝ මජං ටිකක් ගා ගන්නට ද මිනිසා අකමැතිය. මෙන්න මේ කම්මැලි කමට සහ අකමැත්තට හේතුව අපි කවුරුත් හඳුනාගෙන තිබෙනවාද? එවන් දේකට මිනිසුන් කම්මැලි හෝ අකමැති වන්නේ අන් කිසිවක් නිසා නොව ඊට වඩා පහසුවෙන් කඩිනමින් පමණක් නොව දහදිය බිඳුවක් නොහෙලා මජං ටිකක් මඩ ටිකක් නොගෑවී, ජැණ්‌ඩි පහට ඇඳ පැළඳ ගෙන කාලයද නොමරා මුදල් සෙවීමේ ක්‍රමවේද අද බහුල නිසාය.
එනිසා එවන් රැකියා වෙළෙඳපලක් පුළුල් වීම යනු නිකමුන් පෝෂණය කෙරෙන "බෙටින් ඇන්ඩ් ගේම්" වැනි එකිනෙකාගේ මුදල් කොල්ල කන සංවර්ධනයකි. එහෙත් ජාතියේ අවාසනාව වන්නේ එවන් රැකියා වෙළෙඳපළක ප්‍රසාරණය ඉතාමත් සුබවාදී සංවර්ධන මිනුම් දණ්‌ඩක් ලෙසින් සිතන සහ දකින දේශපාලනඥයින් වගකිව යුතු නිලදරුවන් අපට සිටීමය. එනිසා මෙහිදී මතුවන ප්‍රශ්නයට හේතුව වන්නේ කුමන සැලසුම් ක්‍රියාත්මක කළන් කෘෂිකර්මාන්තය සහ කර්මාන්ත අතින් මේ රට ස්‌වයං පෝෂිත කරනු පිණිස ඒ සඳහා නිසි වටිනාකමක් ලබා නොදීම පමණි. එය දේශීය සහ විදේශීය වශයෙන් පවතින ඉල්ලුම් සැපයුම් න්‍යායට යටකර තැබීමය. එම න්‍යායෙන් බැහැරව නිසි වටිනාකම තක්‌සේරු නොකර අවතක්‌සේරු වන්නට ඉඩ හැර බලා සිටීමය. දිගින් දිගටම එම න්‍යායන්ගෙන් බැහැර වන්නට නොදන්නා හෙයින් එක්‌තරා ගුරු පඬිරුවනක් මුදල් ඇමැතිකමට පත් වී වැඩි දවසක් යන්නට පෙර ඒ කාර්ය ප්‍රයෝගිකව කිරීම "මම පංති කාමරයේදී හිතපු සහ උගන්වපු ආකාරයට කරන්නට නොහැකිය" යන බව එදා ප්‍රකාශ කළ බව අපට මතකය. එනිසා එම න්‍යායට අනුව නම් කෙදිනකවත් කිසිදු දේශීය නිපැයුමකට නිසි වටිනාකම ලැබේවි යෑයි විශ්වාස කළ නොහැකිය. එනිසා නොවටිනා තැනකට මිනිසුන් බලෙන් ගෙන යන්නට හෝ පොළඹවන්නට ද නොහැකිය. එනිසාම කෘෂිකර්මාන්තය සහ කර්මාන්ත කෙරෙහි විශ්වාසය තබන්නට අපට නොහැකි විය. එනිසාම අපට නුහුරු නුපුරුදු සහ ආවේණික නොවන විකල්ප සොයා යන්නට සිදු වී ඇත. මේ මොහොතේ අප හඹා යන්නේ ඒ අවිනිශ්චිත සංවර්ධන මිත්‍යාව පිටුපසමය. අයහපත් අරමුණු සහ ඉලක්‌ක පසුපසමය.
එහෙත් අප ඊට වඩා දුර දිග සිතිය යුතුය. බුද්ධිමත්ව කල්පනා කළ යුතුය. එම සංවර්ධන ව්‍යාපෘතිවල ඇති අවදානම සහ බරපතළකම කොතරම් ද යන වග තේරුම් ගත යුතුය. මන්ද අපට නුහුරු නුපුරුදු සහ අවේණික නොවන සංවර්ධන අපේක්‍ෂාවන් තුළින් තාවකාලිකව මුදල් ටිකක් රෝල් කර ගන්නට හැකි වුවත් ප්‍රමාණවත් සහ තිරසාර සංවර්ධනයක් කරා යන්නට නොහැකි වන නිසාය. එපමණක් නොව එවන් අලුත් සංවර්ධන මුක්‌කු ගසන්නට ගොස් මතු දවසක සංවර්ධනය කඩා වැටෙන්නට සහ අපට අපේ කියන සියලු දේ නැති වන්නට ඇති ඉඩ කඩ වැඩි නිසාය. කෙසේ වෙතත් එම අලුත් සංවර්ධන අපේක්‍ෂාවන් හරහා මේ රටේ ජනගහනයෙන් 5% ට වත් රැකියා ලැබේවිද, සෘජු වාසි සැලවේවිද යවන්න පවා විශ්වාස කළ නොහැකිය. එනිසා ඔය සිතන අලුත් සංවර්ධනය දෙස කට ඇරගෙන බලාගෙන ඉන්නට වැඩි පිරිසකට සිදු වනු ඇත. එවන් ව්‍යාපෘති ක්‍රියාත්මක කළ හැකි වන්නේ නගරාසන්නව සහ තෝරා ගත් ප්‍රදේශ කීපයක පමණක් වන බැවිනි. එමගින් යම් ආර්ථික ප්‍රතිලාභයක් ලැබුවත් එය සියලු ජන කොටස් අතර බෙදී නොගොස් සුලු පිරිසක් අතර පමණක් සැරි සරන නිසාය. එහෙත් මේ රටේ කෘෂිකර්මාන්තය සහ කර්මාන්තය මේ රටේ අස්‌සක් මුල්ලක් නෑර වැඩි දියුණු කළ හැකිය. ඒ සඳහා අවශ්‍ය සම්පත් ද ඇත. අපගේ උරුමයද එයමය. අපට ආවේණික වන්නේද එයමය. මේ රට දියුණු කරන්නට සම්පත් හිඟයක් ගැන කවුරුන් හෝ කටමැත දොඩවනවා නම් එය පොළව ඇද නිසා නටන්නට බැරිය යන කියමනට සමානය. එමෙන්ම මුලින් සඳහන් කළ පරිදි දියුණු වී ඇති සියලුම රටවල් තුළ පවා සියලු සම්පත් ද නැත.
එනිසා හරියටම ගණනය කර බැලුවොත් වාර්ෂිකව මේ රටට නිකරුණේ (නිෂ්පාදනය කරන්නට හැකියාව තිබියදී) ආනයනය කරනු ලබන කෘෂිකාර්මික සහ කාර්මික භාණ්‌ඩ වල වටිනාකම රු. බිලියන 1500 ට වඩා වැඩිය. එනම් රජයේ මුලු වියදම සඳහා 2014 වසරේ අය වැයෙන් වෙන් කෙරෙන මුදලට ද සමානය. එම වියදම පියවා ගැනීම සඳහා ගන්නට අපේක්‍ෂිත ණය ප්‍රමාණයටද වඩා 50% ක් වැඩිය. එහෙත් මෙම සත්‍ය තේරුම් ගැනීම එතරම් අපහසු කාර්යයක් නොවුණත් එම නිෂ්පාදන ඉලක්‌ක කරා ළඟා වන්නට නොහැකි වටපිටාවක් නිර්මාණය කරගෙන තිබීම එකම ප්‍රශ්නය වී ඇත. ඊටද හේතුව අන් කවරෙක්‌වත් නොව එදා මෙදා තුර මේ රට පාලනය කළ දේශපාලනඥයින් සහ ඔවුන්ට උපදේශනය සැපයූ නිලධාරීන් මෙන්ම විද්වතුන් කිසිවෙකුත් එම යථාර්ථය වටහා ගන්නට තරම් බුද්ධිමත් සහ උපායශීලී නොවීම බව ඉතාමත්ව පැහැදිලිය. හැමදාමත් වමට සහ දකුණට අදිමින් සිටියත් මැද මාවත කුමක්‌ද කියා සොයා ගන්නට වෙනත් විකල්ප කණ්‌ඩායමක් පවා සමත් නොවීම ඊට හේතුව බවද පැහැදිළිය.
එපරිදිම එම අභියෝගය ජය ගන්නට නොහැකිව ලත වෙන්නේ අන් කවර හේතුවක් නිසාවත් නොව අප සතු මානව සම්පත් සහ භෞතික සම්පත් උපරිමයෙන් ප්‍රයෝජනයට නොගැනීම නිසාය. එසේ උපරිමයෙන් එය ඉටු කර ගන්නට නොහැකිව ඇත්තේ ද දහදිය බිඳුවට ශ්‍රමයට සහ දේශීය නිපැයුමට නිසි වටිනාකම ලබා නොදී නිකමුන්ට, කපටි කයිරාටිකයින්ට සහ සියලු දුරාචාරය පතුරුවන පව්කාරයින්ට වැඩි වටිනාකම් ලබාදීමේ පාපකර්මය බව ඉතාමත්ම පැහැදිළිය. එනිසා මේ රටේ වැඩ කරන මිනිසුන්ට තවකෙකුගේ වහලෙක් නොවී ස්‌වාධීනව තම දෙපයින් නැගී සිටින්නට හැකි වටිනාකම තක්‌සේරු කර ඊට අදාළ වටපිටාව සකස් කර දෙනවා නම්, අලුතෙන් දකින දවල් සිහින කෙරෙහි තව දුරත් විශ්වාසය නොතබා කෘෂිකාර්මික සහ කර්මාන්ත පමණක් පදනම් කරගෙන මේ රට නන් අයුරින් ස්‌වයං පෝෂිත කරන්නට හැකි වන බව හෙට උදයේ හිරු පායන්නාක් මෙන් විශ්වාසය.
එනිසා සුපුරුදු පරිදි තව දුරටත් පරගැතිකම් නොකර පරපුටු මානසිකත්වයෙන් ද මිදී පිට රට රැකියා අවස්‌ථා, විදේශ ආයෝජකයින් සහ සංචාරකයින්, විදේශ ණය සහ ආධාර පමණක් නොව අපේකම් විනාශ කෙරෙන පස් පවෙන් පිරුණු සංවර්ධන ක්‍රමෝපායන් සියල්ල බැහැර කර මේ රට ගොඩ නගන්නට යහපත් අරමුණු සහ ඉලක්‌ක ඇතිව ක්‍රියා කරන්නේ නම් අපට උරුම වූ අපේම කියා රටක් ගොඩ නගා ආශ්චර්ය පාන්නට එතරම් කල් ගත නොවනු ඇත.
බී. එම්. එස්. බාලසූරිය
http://www.divaina.com/2014/01/04/feature03.html
Pic Source

0 comments:
Post a Comment