මානව හිමිකම් චෝදනා ගැන සැලකිල්ලක් නොදැක්‌වීම නිසා ඉන්දුනීසියාවට සහ සුඩානයට සිදුවූ දේ ශ්‍රී ලංකාවටත් සිදුවීමේ අභියෝගය ඇති බවට දැන් ප්‍රචාරයක් දියත්වී ඇත. එහෙත් මෙහි සැබෑ යථාර්ථය කුමක්‌ද? මේ සතියේ දිනෙක විපක්‍ෂ මන්ත්‍රීවරයකු වන ලක්‍ෂ්මන් කිරිඇල්ල මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් මෙලෙස කියා සිටියේය. "මානව හිමිකම් ඇතුළු යුද අපරාධ චෝදනා මුල් කාලයේදී සුළු වශයෙන් එල්ලවූ ඉන්දුනීසියාවෙන් නැගෙනහිර ටිමෝරය වෙන් කෙරුණේ යුද්ධයකින් තොරවය. ශ්‍රී ලංකාවට අද එල්ලවී ඇති චෝදනා මෙන් එදා ඉන්දුනීසියාවටත් මානව හිමිකම් චෝදනා එල්ල වුණා. එහෙත් ඉන්දුනීසියාව එම චෝදනා ගැන සැලකිල්ලක් නොදැක්‌වූ නිසා අවසානයේදී නැගෙනහිර තිමෝරය නිර්මාණය වුණා. දකුණු සුඩානය නිර්මාණය වූයෙත් එලෙසයි. එම අභියෝගය අද ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවටත් තිබෙනවා.
මේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ කිසිම මාධ්‍ය පාර්ශ්වයක් නොදැනුවත්කම නිසා එකී ප්‍රකාශයට අභියෝග කළේ නැත. එසේ වුවත් නැගෙනහිර තිමෝරය නිර්මාණය වූයේ කෙසේද යන්න අද අපි ජනතාව හමුවේ ඉදිරිපත් කරන්නෙමු.
දෙවැනි ජගත් සංග්‍රාමයේදී නැගෙනහිර තිමෝරය පාලනය කළේ ජපනුන්ය. ජපානය යටත්වීමෙන් පසු පෘතුගාලය නැගෙනහිර තිමෝරයේ යටත් විජිත පාලනය දියත් කළේය. 1975 නොවැම්බර් 28 දා නැගෙනහිර තිමෝරය පෘතුගාල පාලනයට එරෙහිව ස්‌වයංපාලනය ප්‍රකාශයට පත් කළේය.
එහෙත් දින නවයකට පසු ඉන්දුනීසියාව නැගෙනහිර තිමෝරයට හමුදාව යවා එය තම ප්‍රාන්තයක් බවට පත් කර ගනු ලැබීය. එදා සිට 1999 දක්‌වා කාලය තුළ ඝාතන 18600 ක් සහ විවිධ හේතූන් නිසා 84200 ක පිරිසක් මරුමුවට පත් වී තිබේ. 1999 අගෝස්‌තු 30 දා එක්‌සත් ජාතීන්ගේ සංවිධානය පැවැත්වූ ජනමත විචාරණයේදී බහුතරය නැගෙනහිර තිමෝරය වෙනම රටක් බවට පත්විය යුතු යෑයි අනුමත කළහ. මේ පසුබිම මැද ඉන්දුනීසියානු හමුදාවේ සහාය ලත් අර්ධ හමුදා කණ්‌ඩායම් තිමෝර් ජනතාවට එරෙහිව මෙහෙයුම් ආරම්භ කරනු ලැබීය. එහි ප්‍රතිඵලය වූයේ 1400 ක සිවිල් වැසියන් මියයැමයි. 1999 සැප්තැම්බර් 20 දා ඉන්ටර්සෙට් හෙවත් නැගෙනහිර තිමෝරයේ සාමය ක්‍රියාත්මක කිරීම සඳහා වූ බළකායක් ස්‌ථාපිත කෙරිණි. 2002 සැප්තැම්බර් 20 දා නැගෙනහිර තිමෝරය ස්‌වාධීන රටක් ලෙස ජාත්‍යන්තර ප්‍රජාව විසින් පිළිගනු ලැබීය. නැගෙනහිර ටිමෝරයේ ඉතිහාසය පිළිබඳව තවදුරටත් විමර්ශනය කළහොත් පෘතුගාලයට එරෙහිව නැගෙනහිර තිමෝර් ජනතාව ස්‌වාධීන රටක් බවට ප්‍රකාශ කළ විට අවස්‌ථාව එනතුරු බලාසිටි ඉන්දුනීසියාව මැදිහත්වී 1975 දෙසැම්බර් 7 දා ඉන්දුනීසියානු හමුදාව ඇමරිකානු උපාංගවල සහාය මත කොමෝඩෝ මෙහෙයුම දියත් කළේය. 2001 දී හෙළිවූ ඇමරිකානු ලේඛනවලට අනුව ඇමරිකානු රජය එකී මෙහෙයුමට අනුමැතිය දී තිබිණි. එදා ඉන්දුනීසියානු ජනාධිපති සුහර්තෝය. ඇමරිකානු ජනාධිපති වූයේ ජෙරල්ඩ් ෙෆෝඩ්ය. 1976 දී නැගෙනහිර ටිමෝරයේ යූ.ඩී.අයි. පක්‍ෂයේ නායක ලෝපස් ඩී කෲස් පැවසුවේ ඉන්දුනීසියාව විසින් නැගෙනහිර ටිමෝරය ආක්‍රමණය කිරීමේදී සිවිල් වැසියන් 60,000 ක් මියගිය බවයි.
එහෙත් 1977 අප්‍රේල් මස සිඩ්නි මෝනින් හෙරල්ඩ් පුවත්පතට එවකට සිටි ඉන්දුනීසියානු විදේශ ඇමැති ආදම් මලික් පැවසුවේ මියගිය සංඛ්‍යාව 80,000 ක් විය හැකි බවයි. මේ පසුබිම තුළින් පෙනී යන්නේ ඉන්දුනීසියාව තමන්ට අයිති නැති රටක් ආක්‍රමණය කර එය සිය ප්‍රාන්තයක් බවට පත් කර ගැනීමයි.
එවන් තත්ත්වයක් මැද එක්‌සත් ජාතීන්ගේ මැදිහත්වීම මත ජනමත විචාරණයක් පවත්වා ටිමෝරය වෙනම රටක් ලෙස ප්‍රකාශයට පත්විය.
සුඩානයේ ඇති වූයේ මෙයට වඩා හාත්පසින්ම වෙනස් තත්ත්වයකි. එ ක්‍රිස්‌තියානි හා මුස්‌ලිම් බෙදුම්වාදයයි. දකුණු සුඩානයේ තෙල් සම්පත ඩැහැ ගැනීම උදෙසා නෝර්වේ රාජ්‍යය බටහිර සහාය මැද සුඩානය දෙකඩ කළේය.
දැන් තෙල් සම්පත උදෙසා දකුණු සුඩාන ජනාධිපති සල්වා කීර් හා හිටපු උප ජනාධිපති මචාර් යුද වැදී ඇත. මේ නිසා නැගෙනහිර ටිමෝරය බිහිවීම හා දකුණු සුඩානය බිහිවීම ශ්‍රී ලංකාවේ තත්ත්වයට සම කළ හැකිද? ඇතැම් දේශපාලකයන් සිතන්නේ මෙරට සිටින්නේ මෙලෝ දෙයක් නොදන්නා මාධ්‍ය පාර්ශ්වයන් බවයි. එහෙත් වැරදුනේ ඔවුන්ටය. 2002 ඊනියා සටන් විරාම ගිවිසුම තවදුරටත් ක්‍රියාත්මක වූයේ නම් අද මෙරට බලවතා මිනීමරු ප්‍රභාකරන්ය.
ඇමරිකාවේ හිටපු ජනාධිපති එබ්‍රහම් ලින්කන් වරක් පැවසුවේ මිනිසුන් මෝඩ කළ හැක්‌කේ එක් වරක් මිස හැමදාම නොවන බවයි. නැගෙනහිර තිමෝරය හා සුඩානය යන රටවල්වල සිදුවූ දේ ශ්‍රී ලංකාවටත් සිදුවිය හැකි යෑයි පැවසීම ඊට නිදසුන්ය.
මේ පසුබිම මැද ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දැන් මානව හිමිකම් චෝදනා නගන්නේ ඔවුන්ගේ න්‍යායපත්‍රය ක්‍රියාත්මක කිරීමට රජය ක්‍රියා නොකිරීම නිසාය.
ඇමරිකානු තානාපතිව සිටි රොබට් බ්ලේක් වන්නි මෙහෙයුම නතර කිරීමට දැඩි ප්‍රයත්නයක් දැරීය. හිටපු බ්‍රිතාන්‍ය විදේශ ඇමැති ඩේවිඩ් මිලිබෑන්ඩ් හා ප්‍රංශ හිටපු විදේශ ඇමැති බර්නාඩ් කුෂ්නර් මෙරටට පැමිණ වන්නි මෙහෙයුම අත්හිටුවන ලෙස බලපෑම් කළහ. මේ අතීතය අමතක නැත.
බටහිර රටවල් අද ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් චෝදනා මුවාවෙන් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන්නේ රට දෙකඩ කිරීමේ උත්සාහය පරාජයවීම නිසාය. මේ යථාර්ථය මෙරට ඇතැම් දේශපාලකයන් වසන් කරන බව පැහැදිලි වී ඇත.
කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2014/01/04/feature02.html
Pic Source

0 comments:
Post a Comment