Pages

Monday, June 3, 2013

ප්‍රථම වරට බෞද්ධ කොඩිය නිර්මාණය කොට එසවූ ඓතිහාසික දීපදුත්තාරාමයට තායිලන්ත අගමැතිනිය පැමිණෙයි

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ තායිලන්ත අගමැතිනි යින්ග්ලක්‌ ෂිනවත්‍රා මහත්මිය කොටහේන දීපදුත්තාරාම තායි රජමහ විහාරය වැඳපුදා ගැනීමට පෙරේදා (1 දා) පැමිණියාය. එම අවස්‌ථාවට ජලසම්පාදන හා ජලාපවහන ඇමැති දිනේෂ් ගුණවර්ධන, එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය, වරාය හා මහා මාර්ග ව්‍යාපෘති ඇමැති රෝහිත අබේගුණවර්ධන යන මහත්වරුද සහභාගි වූහ. 
කොළඹ ඉදිවූ ඉපැරණිම විහාරස්‌ථානය මෙන්ම 1885 ප්‍රථම වරට බෞද්ධ කොඩිය නිර්මාණය කොට එසවූ ඓතිහාසික පුදබිම දීපදුත්තාරාම විහාරස්‌ථානයයි. 

තායිලන්තයේ 8 වැනි රාම රජුගේ මුණුබුරු ප්‍රින්ස්‌ දාන් ජුම්සායි කුමරු 1896 ලංකාවට පැමිණ වස්‌කඩුවේ රාජගුරු ශ්‍රී සුභූති නාහිමියන් යටතේ පී. සී. ජිනවංශ නමින් පැවිදි බිමට පත් වූ අතර 1904 සිට දීපදුත්තාරාම පුරාණ විහාරයේ අධිපතීත්වය දැරූ උන්වහන්සේ 1908 දී ලංකාවේ කිසිදු තැනක දක්‌නට නොමැති රත්න චෛත්‍යය නිර්මාණය කර තිබේ.

තායිලන්තයේ 08 වැනි රාම රජතුමා, 09 වැනි රාම රජතුමා (වත්මන් රජතුමා) රාජකීය මව් බිසව, සිරිකිත් රජ බිසව, රම්බායි දේවිය, කල්‍යාණි කුමරිය, කාම්බෝජ රජතුමා, පුරවත්‍ර කුමරු, චූලාබෝන් කුමරිය ආදී රාජකීයයන් විසින් මදාරා, රත් හඳුන්, සුදු හඳුන් ආදී අගනා වෘක්‌ෂයන් රෝපණය කර ඇති අයුරු අදටත් දක්‌නට පිළිවන. එමෙන්ම වත්මන් අගමැතිනිය වන යින්ග්ලක්‌ ෂිනවත්‍රා මහත්මියගේ සොහොයුරු හිටපු අගමැති තක්‌ෂීන් ෂිනවත්‍රා මහතා ද මැති ඇමැතිවරුන් ද, තායිලන්ත මහ බැංකු අධිපතිනිය ඇතුළු සම්භාවනීයන් ද මෙම විහාරස්‌ථානය වැඳපුදා ආශිර්වාද ලබාගෙන ඇත.

තායිලන්ත අගමැතිනිය දීපදුත්තාරාමයට පැමිණෙයි
http://www.divaina.com/2013/06/03/news19.html

0 comments: