Pages

Wednesday, July 3, 2013

‘13 ගැන අප ඉන්දියාවට සවන්දිය යුතු නෑ’ – ගෝඨා

13 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම හෝ නොකිරීම  සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව  ඉන්දියාවේ මතයට කන් දිය යුතු නැති බවත් එය ශ්‍රී ලංකාව තුල විසඳාගත යුතු ගැටලුවක් බවත් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

“අප මේ සම්බන්ධයෙන් ඉන්දියාවට සවන් දිය යුතු නෑ.නමුත් එයින් කියවෙන්නේ නෑ අප ඉන්දියාව සමග සියලු සබඳකම් අත් හල යුතුයි කියල. 13 ගැන ප්‍රශ්නයක් තියෙනවනම් එය විසඳාගත යුත්තේ ශ්‍රී ලාංකිකයන් මිස ඉන්දියාව නොවේ” යයි ඔහු අවධාරණය කරයි.

තව දුරටත් අදහස් දක්වන රාජ්‍ය ආරක්ෂක ලේකම්වරයා ජාතික ප්‍රශ්නයට  දිය යුත්තේ අපේම විසඳුමක් බවත් 13 වන සංශෝධනය පිළිබඳ අපගේ විවාදය ඉන්දියව සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතාවයට බාධාවක් කර නොගතයුතු බවත් පෙන්වා දෙයි.

“ඉන්දියාව අපගේ මිත්‍රයෙක්. අපට දිගටම  ඔවුන් සමග යහපත් සබඳතාවයක් පවත්වාගෙන යා  යුතුයි. මෙය අපගේ සම්බන්ධතාවයට බාධාවක් කර ගත යුතු නෑ. මම විශ්වාස කරනව ඉන්දියාවට මේ පිළිබඳ වැටහීමක් ඇති කියල.ඔවුන් අවබෝධකරගත යුතුයි මෙය තනිකරම ශ්‍රී ලංකාවේ ප්‍රශ්නයක් බව. අප එයට විසඳුම් ලබා දිය යුතුයි. නමුත් ජනවර්ග අනුව පළාත් බෙදීම මෙයට විසඳුමක් නොවෙයි. එය අසාර්ථක වෙච්ච ක්‍රියාවලියල්. දෙමළ සහ මුස්ලිම් ජනතාව රටේ සෑම තැනම විසිරී ජීවත් වෙනව.එක් පළාත් සභාවකට බලය බෙදීම මගින් ඔවුන්ට ඇතැයි කිය ප්‍රශ්න විසඳෙන්නේ කොහොමද? මම විශ්වාස කරනව පරිපාලනය විමධ්‍යගත කිරීම තමයි කල යුත්තේ කියල.එහෙම නැතිව ජනවර්ග මත ,ආගම් මත  ප්‍රදේශ සීමා මයිම් ගසා වෙන් කර දීම මෙයට විසඳුමක් නොවේ. මේ රට ශ්‍රී ලාංක්කියන් සියලු දෙනාටම අයිතියි. එක් එක් කොටස් වලට කොටස් බෙදා දිම විසඳුමක් නොවේ” යනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා දීර්‍ඝ ලෙස තම ස්ථාවරය පැහැදිලි කර තිබේ.

- යටියන ප්‍රදීප් කුමාර
July 3, 2013 at 1:00 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/96737/

0 comments: