Pages

Wednesday, July 3, 2013

88‍%ක්ව පැවති මෙරට සිංහල ජන අනුපාතය මේ වන විට 76‍% දක්වා පහත වැටී තිබෙනවා - මහීපාල

සිංහල ජන අනුපාතය පෙර තිබූ තත්ත්වයට ගෙන ඒම සදහා පුංචි පවුල රත්තරන් යන ඊනියා වැඩපිලිවෙළට තිත තබමින් සිංහල දෙමාපියන් දිරිගැන්වීම මෙරට  පවුල් සෞඛ්‍ය නිලධාරිනියන්ගේ වගකීම යැයි සබරගමු මහ ඇමති සහ පළාත් සෞඛ්‍ය ඇමති මහීපාල හේරත් මහතා පැවසීය.

ඔහු එසේ පැවසූවේ රත්නපුර නව නගරයේ සමුදි උත්සව ශාලාවේ පැවති රත්නපුර දිස්ත‍්‍රික්කයේ  පවුල් සෞඛ්‍ය නිලධාරීන් සදහා ඩිප්ලෝමා ප‍්‍රදානය කිරීම නිමිත්තෙන් පැවති උත්සවයේදීය.

මහ ඇමතිවරයා එහිදී මෙසේද කීය.

‘අපි කිසිසේත් ජාතිවාදීන් නොවෙමු ජාතීන් අතර සහ ආගමිකයන් අතර සමගිය සහ සහයෝගය  සදහා කටයුතු කරන්නෙමු එහෙත් සිංහලයන් වන අපට ලොව ඇති එකම රට මේ ශ‍්‍රී ලංකාවයි කෙසේ වෙතත් 88‍%ක්ව පැවති මෙරට සිංහල ජන අනුපාතය මේ වන විට 76‍% දක්වා පහත වැටී තිබෙනවා’

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් 200කට වැඩි පිරිසකට ඩිප්ලෝමා සහතික ප‍්‍රදානය මහඇමතිවරයා  අතින් සිදුවිය.

සිංහලයන් වැඩි කරන්න මහ ඇමතිගෙන් උපදෙස් July 3, 2013 at 10:48 am | lanka C news
http://lankacnews.com/sinhala/news/96715/

0 comments: