Pages

Wednesday, July 3, 2013

සිංහලයන්ට ජනවාරියේ සිට සිංහල දෙමළ හැඳුනුම්පත්

ලබන වසරේ ජනවාරියේ සිට සිංහල ජාතිකයින් සඳහා ද්විභාෂාවෙන්  (සිංහල/දෙමළ) ජාතික හැඳුනුම්පත් නිකුත් කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් සරත් කුමාර මහතා පවසයි.

අලූතින් නිකුත් කරන හැඳුනුම්පත් පමණක් මෙසේ සිංහල දෙමළ භාෂාවන්ගෙන් යුක්ත වන බවද එය 2016 වසර දක්වා පමණක් කි‍්‍රයාත්මක බවද ඒ මහතා කීය.

දැනටමත් උතුරු නැගෙනහිර දමිළ ජාතිකයින් සඳහා ද්විභාෂා හැඳුනුම්පත් (දෙමළ/සිංහල) නිකුත් කෙරෙන බවද හෙතෙම සඳහන් කෙළේය.

2016 වසරේ සිට ත්‍රෙභාෂාවෙන් යුක්ත විද්‍යුත් ජාතික හැඳුනුම්පත නිකුත් කිරීමට දැනටමත් කටයුතු යොදා ගෙන යන අතර ඒ සමගම සියලූම ශ්‍රී ලාංකිකයින් සඳහා නව හැඳුනුම්පතක්් හිමි වන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

July 3, 2013 at 9:09 am | lanka C news
http://lankacnews.com/sinhala/news/96696/

0 comments: