Pages

Monday, July 8, 2013

මහාබෝධි බෝම්බ ප්‍රහාරයට ආගම්වාදී හෝ බෙදුම්වාදී පිරිසක්‌ සම්බන්ධයි

ඉන්දීය ආරක්‌ෂක අංශ සැකකරන බව බානගල හිමියෝ කියති

ඉන්දියාවේ මහාබෝධි විහාරයේ බෝම්බ පිපිරීමට ආගම්වාදී හෝ බෙදුම්වාදී පිරිසක්‌ සම්බන්ධ බව ඉන්දීය ආරක්‌ෂක අංශ සැක පහළ කරන බව ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති බානගල උපතිස්‌ස නාහිමියෝ ඊයේ (7 දා) "දිවයින" ට ප්‍රකාශ කළහ.

මෙම පිපිරීම සිදුවුණේ බැතිමතුන් ඉතා අඩුවෙන් පැමිණෙන වේලාවක නිසා සිදුවීමට ගිය මහා විනාශයක්‌ වැළකී ගිය බව ද උන්වහන්සේ සඳහන් කළහ.

සිද්ධිය පිළිබඳව ඉන්දීය රජය බලවත් කම්පනයට පත්ව ඒ අවට ප්‍රදේශයේ දැනටමත් මෙහෙයුම් සිදුකිරීමට ඉන්දීය පොලිසිය සහ හමුදාව යොදා ඇතැයි තමාට දැනගැනීමට ලැබුණු බව ද උන්වහන්සේ පැවැසූහ.

මෙම බෝම්බ පිපිරීමෙන් ශ්‍රී ලාංකිකයන් කිසිවකුට හානි සිදුවෙලා නැහැ. මහාබෝධි විහාරය බොදු බැතිමතුන්ගේ හදවත වැනි යෑයිද බානගල හිමියෝ පැවැසූහ.

නෝමන් පලිහවඩන
http://www.divaina.com/2013/07/08/news32.html

සබැඳි ලිපි
[

බුද්ධගයා පූජා භූමියට එල්ල වූ ත්‍රස්‌තවාදී ප්‍රහාරය හෙළා දකිති
http://denethharinna.blogspot.com/2013/07/blog-post_3386.html
ඉන්දියාවේ ආරක්ෂක තත්ත්වය නිරුවත් කරමින් බුද්ධගයාවට ත්‍රස්‌ත ප්‍රහාර මාලාවක්...http://denethharinna.blogspot.com/2013/07/blog-post_4379.htmlමහබෝධි ප්‍රහාරය ගැන හෝඩුවාවක් ලැබෙයිhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_5607.htmlබුද්ධගයා පරිශ‍්‍රයේ සහ නගරයේ පිපුරුම්http://denethharinna.blogspot.com/2013/07/blog-post_3267.html
]

0 comments: