මෙහිදී බෝම්බ ප්රහාරයන් නවයක් සිදුවූ අතර ඉන් හතරක්ම මහා බෝධි විහාර පරිශ්‍රය තුළ සිදුවිය.
එක් බෝම්බයක් අනිමිසලෝචන චෛත්‍යය අසලත් අනෙක් බෝම්බය ජයශ්‍රී මහා බෝධිය අසලත් පිපිරී ඇත. මෙම ප්‍රහාරවලින් බුරුම බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් හා තවත් බුරුම සංචාරකයෙක් තුවාල ලබා සිටිති. ඉන්දීය රජයේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මෙය ත්‍රස්ත ප්‍රහාරයක් යෑයි නිවේදනය කර ඇති අතර බිහාර් ප්‍රාන්ත පොලිසිය පවසන්නේ මෙම ප්‍රහාරය පිටුපස ඉන්දීය මුජහිඩීන්වරු නම් සංවිධානය සිටින බවයි.
ඊයේ අලුයම 5.15 ත් 6 ත් අතර මෙම බෝම්බ ප්‍රහාර වැල සිදුව ඇත. බුද්ධගයා විහාර කමිටුවේ ලේකම් ඩොර්පි "ටයිම්ස් ඔµa ඉන්දියා" පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ මේ බෝම්බ ප්‍රහාරවලින් ජයශ්‍රී මහා බෝධියට හෝ විහාරයට හානියක් සිදුවී නොමැති බවයි.
බුද්ධගයා මහා බෝධි විහාරය බිහාර් ප්‍රාන්තයේ අගනුවර පැට්නා නුවර සිට කිලෝමීටර් 110 ක් ඈතින් පිහිටා ඇත. මෙම විහාරය 2002 වසරේදී ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝ සංවිධානය මගින් ප්‍රකාශයට පත් කෙරිණි.
බුද්ධගයාවේ සිදුවූ බෝම්බ ප්‍රහාරයෙන් පසුව ඉන්දු - නේපාල දේශසීමාවේද ආරක්ෂාව තර කර ඇත.
මෙහිදී සිදුවූ බෝම්බ ප්‍රහාරවලින් කිහිපයක් ටිබෙට් විහාරස්ථානයකත් බුද්ධගයාව අසල ඇති අඩි 80 ක් උසැති ජපන් බුදුපිළිමය අසලත් තවත් බෝම්බයක් හිස් බස්රථයක් තුළත් පුපුරා ගොස් ඇත. එක් බෝම්බයක් ආරක්ෂක අංශ මගින් නිෂ්ක්‍රීය කර ඇත.
බිහාර් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය නිටිෂ් කුමාර් මහතා මහා බෝධිය වෙත පැමිණ මේ ප්‍රහාරය පිළිබඳ පරීක්ෂා කර ඇති අතර මෙහි ආරක්ෂාව සඳහා මධ්‍යම රජයෙන් හමුදාව යෙදිය යුතු බව පවසා ඇත.
මේ ප්‍රහාරය දැනගැනීමෙන් තමා බෙහෙවින් කනගාටුවටත් කම්පනයටත් පත්වූ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනය කර තිබේ.
ජනාධිපතිවරයා මේ පිළිබඳව දිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ප්‍රසාද් කාරියවසම් මහතා සමගත් මහා බෝධි විහාරස්ථානයේ හිමිවරුන් සමගත් සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි. ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන භාරතීය ජනතා පක්ෂය පවසන්නේ බුද්ධගයාවට නිසි ආරක්ෂාව සැලසීමට බිහාර් ආණ්ඩුවත් මධ්‍යම රජයත් අපොහොසත් වී ඇති බවයි.
බුද්ධගයාවට ත්‍රස්ත ප්‍රහාර
http://www.divaina.com/2013/07/08/news28.html
සබැඳි ලිපි
[
මහබෝධි ප්‍රහාරය ගැන හෝඩුවාවක් ලැබෙයිhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_5607.html
බුද්ධගයා පරිශ්‍රයේ සහ නගරයේ පිපුරුම්http://denethharinna.blogspot.com/2013/07/blog-post_3267.html
]

0 comments:
Post a Comment