Pages

Tuesday, July 2, 2013

සිංහල මව්වරුන්ට දරුවන් ලැබීමේදී ඇතැම් මුස්‌ලිම් වෛද්‍යවරුන්ගෙන් කාරුණික සැලකිලි ලැබෙන්නේ නෑ - තුෂාර ස්‌වර්ණතිලක

ජාති, ආගම් භේද නොසලකා සිංහල විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු රෝහල් සේවක සේවිකාවන් මුස්‌ලිම් කාන්තාවන්ගේ නිවුන් දරුවන් හතර පස්‌දෙනා නිරුපද්‍රිතව ලබාදෙන නමුත් ඇතැම් කුරිරු මුස්‌ලිම් වෛද්‍යවරුන්ගෙන් සහ වෛද්‍යවරියන්ගෙන් සිංහල මව්වරුන්ට දරුවන් ලැබීමේදී කාරුණික සැලකිලි ලැබෙන්නේ නැතැයි ජාතික හෙළ උරුමයේ මධ්‍යම පළාත් මන්ත්‍රී ජාතික හෙළ උරුමයේ මහනුවර දිස්‌ත්‍රික්‌ සංවිධායක තුෂාර ස්‌වර්ණතිලක මහතා ඊයේ (28 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

මධ්‍යම පළාත් සභාවේ පල්ලේකැලේ මූලස්‌ථානයේදී මාධ්‍ය හමුව පැවැත්විණි.

මහනුවර මහ රෝහලේදී මුස්‌ලිම් කාන්තාවකට පස්‌ නිවුන් දරුවන් ලැබීමේදී සියලු වෛද්‍ය හා සැත්කම් ආදිය සිදු කරන ලද්දේ සිංහල විශේෂඥ නාරිවේදී වෛද්‍යවරයකු හා තරුණ සිංහල වෛද්‍යවරුන් හා වෛද්‍යවරියන් කණ්‌ඩායමක්‌ බව පැවසූ තුෂාර ස්‌වර්ණතිලක මහතා සිංහල ජනතාව කිසිදු අවස්‌ථාවක ජාතිවාදීන් ලෙස කටයුතු කරන්නේ නැතැයි කීවේය.

පස්‌ නිවුන් දරු උපත ඒ පිළිබඳ මනා උදාහරණයක්‌ යෑයි ද පැවසූ තුෂාර ස්‌වර්ණතිලක මහතා එහෙත් පේරාදෙණිය ශික්‍ෂණ රෝහලට දරුවන් ලැබීම සඳහා ගොස්‌ වේදනාවෙන් හඬන සිංහල මව්වරුන්ට මුස්‌ලිම් වෛද්‍යවරියන් පහර දීම පමණක්‌ නොව අනවසරයෙන් වඳ සැත්කම් ද කරන බව කීවේය.

මීට දෙසතියකට පමණ පෙර පේරාදෙණිය ශික්‍ෂණ රෝහලේදී එවැනි අනවසර වඳසැත්කම් කිරීමක්‌ සහ ගැබිනි මවකට පහර දීමක්‌ සම්බන්ධයෙන් කළ චෝදනාවක්‌ විභාග කර වාර්තාවක්‌ ඉදිරිපත් කිරීමට පත් කළ මහනුවර මහ රෝහලේ අධ්‍යක්‍ෂවරයා තවම එම වාර්තාව ඉදිරිපත් කර නැතැයි ද ස්‌වර්ණතිලක මහතා කීවේය.

ලබන පළමු වැනිදා විශ්‍රාම යැමට නියමිතව සිටින මහනුවර මහ රෝහලේ අධ්‍යක්‍ෂවරයා ඉදිරි දෙදින තුළදී එම වාර්තාව ඉදිරිපත් නොකළහොත් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇතැයි ද ස්‌වර්ණතිලක මහතා කීවේය.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව පැවති අවස්‌ථාවට මහනුවර දිස්‌ත්‍රික්‌ ජන සභාවේ නියෝජ්‍ය ලේකම් පූජ්‍ය හෙට්‌ටිපොල ධීරානන්ද හිමියෝ ද සහභාගි වූහ.

සිරිල් විමලසුරේJද්‍ර, කුණ්‌ඩසාල - ජයවීර බණ්‌ඩාර අතපත්තු
http://www.divaina.com/2013/06/29/news27.html

සබැඳි ලිපි
[

බොදු ගැබිණි මවුන්ට පහර දෙන, වසර 10කට බලෙන් දරුඵල අහිමි කරන පේරාදෙණිය රෝහලේ මුසලු දොස්තර යුවලhttp://denethharinna.blogspot.com/2013/06/10.html
ගැබිණි මව්වරුන් රකින්න හෙළ උරුමයේ කමිටුවක්
http://denethharinna.blogspot.com/2013/06/blog-post_8663.html
]

0 comments: