Pages

Tuesday, July 2, 2013

පුත්තලමේ මැටි සොහොන් ගැන පුරාaවිද්‍යා පරීක්‍ෂණ

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතාගේ අධීක්ෂණයෙන් ඉදිරි සතියේදී පුත්තලම දිස්ත‍්‍රික්කයට අයත් දුම්මලසූරිය ප‍්‍රදේශයෙන් හමු වූ මැටි සොහොන් පිළිබඳ සංරක්ෂණ කටයුතු ඇරඹීමට කටයුතු සූදානම් කර තිබෙන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මීට ප‍්‍රථම ඇඹිලිපිටිය, රංචමඩම ප‍්‍රදේශයෙන් මෙවැනි මැටි සොහොනක් හමුවූ අතර, එහි කාල නීර්ණ කටයුතුවලින් එය ක‍්‍රි.පූ. 1300 ට පමණ අයත් වන බව හෙළිවී තිබේ. ඉන් පසුව අත්තනගල්ල,  ඕගොඩපොළ ප‍්‍රදේශයෙන් මෙවැනිම මැටි සොහොනක් හමු වූ අතර, එය ක‍්‍රි.පූ. 200 ට පමණ අයත් යැයි සැලකේ.

මෙම ස්ථානයේ පර්යේෂණ කටයුතු භාර ආචාර්ය නිමල් පෙරේරා මහතා පවසන පරිදි සොහොන් සම්ප‍්‍රදාය අනුව දුම්මලසූරියෙන් හමුවූ මෙම මැටි සොහොන ක‍්‍රි.පූ. 1300 – ක‍්‍රි.පූ. 200 අතර කාලය දක්වා දිවෙතැයි අපේක්ෂා කරන බවය.

කෙසේ වුවද ඉදිරි සංරක්ෂණ කටයුතුවලින් පසු විද්‍යාත්මක කාල නීර්ණයෙන් පුරාවිද්‍යාත්මකව මෙහි වටිනාකම තහවුරු කරගත හැකි බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මතයයි.

July 1, 2013 at 5:41 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/96624/

[
සබැඳි ලිපි -
සතර බුදුවරු පා තැබූ අනුරාධපුරේhttp://denethharinna.blogspot.com/2013/06/blog-post_4673.html
පැරකුම් රජුගේ සීත මාලිගාව ළඟ ඉපැරණි මුට්ටියක්
http://denethharinna.blogspot.com/2013/02/blog-post_666.html
සීගිරිය නිර්මාණය තාරකා පිහිටීම අනුව
http://denethharinna.blogspot.com/2013/02/blog-post_650.html
ගොඩවායේ මුහුදු පත්ලෙන් මතුවූ දුටුගැමුණු යුගයේ ඉතිහාස කතාව
http://denethharinna.blogspot.com/2013/01/blog-post_4293.html
කි‍්‍ර.පූ. 200 සිට ශී‍්‍ර ලංකාවෙන් භාණ්ඩ අපනයනය කරන ලද නෞකාවක සුන්බුන් හමුවේ
http://denethharinna.blogspot.com/2013/01/200.html
අනුරාධපුර යුගයේ රෝහලක නටබුන් ථූපාරාමය අසලින් හමුවෙයි
http://denethharinna.blogspot.com/2012/08/blog-post_5888.html
ලොව ඉහලම යකඩ තාක්‍ෂණය අළකොළවැවෙන් හමුවේ
http://denethharinna.blogspot.com/2012/08/blog-post_28.html
නූතන ඉදිකිරීම් ශාස්‌ත්‍රයට අභියෝගයක්‌ වූ ඡේතවන දාගැබ
http://denethharinna.blogspot.com/2012/11/blog-post_5302.html
]

0 comments: