Pages

Tuesday, July 2, 2013

ව්‍යවස්තාවේ නීති රෙගුලාසි බෞද්ධ අයිතිවාසිකම් උල්ලංඝණය කරනවා - ඥානසාර හිමි

රටේ ව්‍යවස්ථාවෙහි පවතින නීති රෙගුලාසි මගින් බෞද්ධ ජනතාවගේ අයිතිවාසිකම්  උල්ලංගණය කරන බවත් සිංහල බෞද්ධ ජනතාව මුලා කරමින් රට පුරා ඉතා සූක්ෂම අයුරින් කි‍්‍රයාත්මක වන වෙනත් අන්‍යාගමීකරණ කි‍්‍රයාවලිය පොලිස්පතිතුමාගේ මැදිහත්වීම මත වහාම නතර කළ යුතු බවත් බොදුබලසේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.

බුද්ධශාසනය යන්න නිර්වචනය කිරීමටවත් නොහැකි මෙරට බුද්ධශාසන අමාත්‍යාංශය හරහා අවම වශයෙන් රටෙහි ඇති මෙවැනි අන්‍යාගම්කරණ මධ්‍යස්ථාන සම්බන්ධයෙන් ගෙන ඇති තීරණ මොනවාදැයි උන්වහන්සේ විමසති.

හංවැල්ල කඳාන බේරුවල ඇතුලූ රටේ බොහෝ ප‍්‍රදේශවල මෙවැනි අන්‍යාගමික යාච්ඥා මධ්‍යස්ථාන වල කි‍්‍රයාකාරකම් හේතුවෙන් බොහෝ බෞද්ධ ජනතාව හිංසාවට හා මුලාවට පත් වී ඇති බවද පවසන උන්වහන්සේ මෙම අන්‍යාගමික කණ්ඩායම්  මිනිසුන්ගේ අසරණ බවට දුගී බවට දරිද්‍රතාවට පිහිට වන මුවාවෙන් පැමිණ ඔවුන්ට විවිධ දේ ලබා දෙමින් ආගම්  වලට බඳවා ගැනීම අතිශයින්ම සදාචාරාත්මක විරෝධී බව ද පෙන්වා දෙති.

මෙවැනි මූලධර්මවාදී කණ්ඩායම්  ලෝකයේ වෙනත් රටවල තහනම්  කර තිබියදී ලංකාවේ   කි‍්‍රයාත්මක වීම ඉතාමත් ඛේදනීය තත්ත්වයක් බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.

June 30, 2013 at 9:20 am | lanka C news
http://lankacnews.com/sinhala/news/96528/

0 comments: