Pages

Tuesday, July 2, 2013

උතුරු-දකුණු සහයෝගිතාව වෙනුවෙන් හිටපු මාධ්‍ය ප‍්‍රකාශක දයා මාස්ටර් 20ක් සමඟ උතුරට

එළැඹෙන පළාත් සභා මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ  උතුරු පලාතට තමා ඇතුළු 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන බවත්, තම ජයග‍්‍රහණය ස්ථීර සේම, එය කිසිසේත්ම උතුරු පළාත දකුණින් වෙන්වීමක් නොවන බවත්, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු මාධ්‍ය ප‍්‍රකාශක වේලායුධන් දයානිදි හෙවත් දයා මාස්ටර් පැවසීය.

තමා මැතිවරණයට ඉදිරිපත්වීමට තීරණය කළේ යුද්ධයෙන් පසු පීඩිතව සිටින හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජික සාමාජිකාවන් මෙන්ම සාමාන්‍ය සිවිල් ජනතාව යන දෙපිරිසටම සුබසාධනය සැපයීමට බවත් ඔහු සඳහන් කළේය.

ඒ සඳහා දකුණේ ජනතාවගේ මෙන්ම රජයේ පූර්ණ සහාය ද උතුරු පළාත් මැතිවරණය ජයගැනීම තුළින් ලබාගැනීමට හැකි බවද ඔහු පවසා සිටියේය.

එක්සත් රාජ්‍යයක් තුළ කටයුතු කිරීම තම අරමුණ බවත්, උතුරු පළාත් සභාව පිහිටුවීම තුළ රටේ සෙසු පළාත් සභා සේ මධ්‍යම රජය සමග සුහද පාලනයක් ගෙනයාමට හැකි බව තමා විශ්වාස කරන බවත්, ඔහු සඳහන් කළේය.

උතුර අපි දිනනවා. ඒත් දකුණින් වෙන් වන්නේ නෑ – දයා මාස්ටර්
June 29, 2013 at 8:38 am | lanka C news
http://lankacnews.com/sinhala/news/96482/

0 comments: