ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය මගින් ස්ථාපිත පළාත් සභා රටට අහිතකර බව පෙන්වා දී තිබියදීත් ආණ්ඩුවේ කිහිප දෙනෙකුගේ උපදෙස් සලකා රජය අදාළ සංශෝධනය නොසලකා හැරියහොත් ඊට එරෙහිව මහ පාරට බැස සියලූ බලවේග පෙළ ගස්ස්වන බව ජාතික හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ.
13 ට සංශෝධන අවශ්‍ය නැතැයි අමාත්‍යවරුන් කිහිප දෙනෙකු කළ ප්‍රකාශයක් පිළිබද කළ විමසුමකට පිළිතුරු දෙමින් සෝභිත හිමියෝ එසේ පැවසූහ.
රටේ ජනතාව සිටින්නේ කැබිනට් මණ්ඩලයේ ඔය කියන අමාත්‍යවරුන්ගේ තීරණය තුළ නොවන බවත් හැමදාම ජයගන්නේ ජනතා මතය බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ. කැබිනට් මණ්ඩලයේ කිහිප දෙනෙකු අත ඉස්සුව ද සුනාමි සහන මණ්ඩලය ගෙන ආ මොහොතේ ජනතා මතය කෙබදුද යන්න රටට ඔප්පු වූ බවත් කැබිනට් මණ්ඩලයේ කිහිපදෙනෙකුගේ ශබ්දයට රට නැවත අදුරු යුගයකට රැගෙන යාමට ඉඩදිය නොහැකි බවත් උන්වහන්සේ පැවසූහ.
13 සංශෝධනයට විරුද්ධ කිහිපදෙනා එල්ටීටීඊයත් සමග යුද වැදී කෙදිනකවත් ජයගත නොහැකි යැයි කියද්දී ජාතික හෙළ උරුමය එම මතය පුස්සක් බවට පත් කරමින් ඒ සදහා ජනතා මතවාද ගොඩනැංවීමට පියවර ගන්නා බවද උන්වහන්සේ කීහ.
එදා මහින්ද චින්තන ප්‍රතිපත්තියට එරෙහිව කටයුතු කළ එම අමාත්‍යවරුන්ගේ මතවාද ඔස්සේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අක්‍රීය වුවහොත් මහපාරට බැස සියලූ බලවේග එක්තැන් කරන බවත් භික්ෂූන් වහන්සේලා රටේ ජනමතය ගොඩනැගුවේ පාර්ලිමේන්තුවේ සිට නොව මහපාරට බැස බවත් උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.
June 30, 2013 at 7:06 am | lanka C news
http://lankacnews.com/sinhala/news/96526/

0 comments:
Post a Comment