උතුරු නැගෙනහිර දෙපළාත් ඒකාබද්ධ කරමින් පළාත්වලට බලය විමධ්‍යගත කිරීම ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්ණයට විසඳුම් සෙවීමේ මූලික පදනම විය යුතු බව දෙමළ ජාතික සන්ධානය පවසයි.
දෙජාස පාර්ලිමේන්තු මන්ත්‍රී එම්ඒ සුමන්තිරන් ඒ බව කියා සිටියේ, උතුරු පළාත් සභා මැතිවරණයෙන් ජයගෙන පළාත් සභා හරහා ශ්‍රී ලංකාව බෙදා වෙන් කිරීමට සැරසෙන බවට ආණ්ඩුවේ පාර්ශවකාර ජාතික හෙළ උරුමය සහ ජාතික නිදහස් පෙරමුණ සිය පක්ෂයට කරන චෝදනාව සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළ කරමිනි.
“උතුරු නැගෙනහිර ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් තමයි 13 වැනි සංශෝධනය ගෙනාවේ. ඒ ආකාරයට තමයි ඒකාබද්ධ කරන්න ඕනේ. ඒකට නැගෙනහිර පළාතේ ජීවත්වෙන අයත් ඒගොල්ලන්ගේ කැමැත්ත පළ කරන්න ඕනේ.
මේකෙන් හෙලිවෙන්නේ ආණ්ඩුව දෙමළ ජනතාවට බලය බෙදීමට අකමැතියි කියන එක.
අපිට විතරක් නෙවෙයි, ඉන්දියාවට, ජාත්‍යන්තර ප්‍රජාවට දීපු පොරොන්දු සේරම කඩ කරලා ආණ්ඩුව දැන් දහ තුන් වැනි සංශෝධනයත් අයින් කරගන්න යන්නේ” යයිද මන්ත‍්‍රීවරයා කියා සිටී.
- BBC
July 1, 2013 at 4:04 am | lanka C news
http://lankacnews.com/sinhala/news/96579/

0 comments:
Post a Comment