Pages

Wednesday, July 3, 2013

වාසු ඉල්ලා අස්වන බව කියන්නේ පළාත් සභා අහෝසි නොකරන බව දන්න නිසා - කිරම විමලජෝති හිමි

පළාත් සභා අහෝසි කළ හොත් අමාත්‍ය පදවියෙන් ඉල්ලා අස්වන බව ඊයේ කියා සිටි ජාතික භාෂා පිලිබඳ අමාත්‍ය වාසුදේව නානායක්කාර තමන් එසේ අභියෝග කරන්නේ ආණ්ඩුව පළාත් සභා අහෝසි නොකරන බව හොඳින්ම විශ්වාස බව බොදු බල සේනා ප‍්‍රධානී කිරම විමලිජෝති හිමියෝ පවසති.

උන් වහන්සේ මේ අදහස් පල කලේ ඊයේ පස්වරුවේ පළාත් සභා අහෝසි කරන ලෙස රජයට බල කරමින් පැවති මහජන රැස්වීමක් අමතමිනි.

පළාත් සභා ක්‍රමයට පක්ෂව අදහස් දක්වන අමාත්‍යවරුන් සහ විරුද්ධ පක්ෂවල මන්ත්‍රීවරුන් වහාම සිය මතය වෙනස් කර ගත යුතු බවද එහිදී පැවසූ අන් වහන්සේ එසේ නොකළහොත් ඉදිරි මැතිවරණයේදී ඔවුන් පරාජය කිරීමට කටයුතු කරන බවට අනතුරු ඇඟවූහ.

පළාත් සභා අහෝසි නොකිරීමට ආණ්ඩුව තීරණය කරන්නේ නම් භික්‍ෂූන් වහන්සේලාගේ ජීවිත පුජාවෙන් එම තීරණය වළක්වන බවද කීහ.

July 3, 2013 at 1:02 am | lanka C news
http://lankacnews.com/sinhala/news/96694/

සබැඳි ලිපි
[

13 අහෝසි කළොත් ආණ්‌ඩුවෙන් යනවා - වාසුhttp://denethharinna.blogspot.com/2013/07/13.html
]

0 comments: