Pages

Thursday, June 6, 2013

"ඩයස්‌ටත් එපා වූ 13" - 13 වන සංශෝධනය - දිවයින කතුවැකිය

ඉස්‌සර එක්‌තරා සෙරෙප්පු වර්ගයක්‌ වික්‌කේ රුපියල් අනූනවයයි ශත අනූවකට ය. අනූනවයයි ශත අනූව යනු රුපියල් සියය නොවන නිසා සෙරෙප්පු ලාභයෑයි කල්පනා කළ මිනිස්‌සු ලහි ලහියේ සෙරෙප්පු මිලදී ගත්තෝය. ලාභයට ලැබෙන්නේ යෑයි කල්පනා කළ නිසා සමහර මිනිස්‌සු ගමන් යැමට පමණක්‌ නොව තම්බා කෑමටද, සුප් සාදා බීමටද මේ සෙරෙප්පුම භාවිතා කළෝය. යමකට අවහිරයක්‌, බාධකයක්‌ නොමැතිවීම සේම ඊට ලාභයක්‌ ද එක්‌වීම තරම් අපේ මිනිසුන් ආකර්ශනය කෙරෙන වෙනත් දෙයක්‌ නැත. වර්ෂ 1815 මහනුවර මඟුල් මඩුවේදී ගිවිසුමක්‌ මගින් මුළු රටම ඉංග්‍රිසීනට භාරදුන්නේද, වර්ෂ 2002 වව්නියාවේදී සාම ගිවිසුමක්‌ මගින් රටේ ප්‍රශ්නයකට මුළු ලෝකයම පටලවා ගත්තේද අපේ මිනිසුන් සතු මේ ලාභ මනෝභාවයම මිස අනෙකක්‌ නොවන බව අපගේ විශ්වාසය ය.

13 වන ව්‍යවස්‌ථා සංශෝධනය නමැති දේශපාලන කෙමනද අහෝසි කරනු වෙනුවට බලාත්මක කිරීම, අර වෙළෙඳ ප්‍රයෝගයක්‌ වූ සෙරෙප්පු වැඩේ තරම්ම සමාන දේශපාලන ප්‍රයෝගයක්‌ වන නමුදු, සෙරෙප්පු වැඩේදී ලාභය වෙළෙන්දාට ලැබුණාක්‌ මෙන් මෙහිදී මේ වැඩේ ලාභය රජයට ලැබෙන්නේ නැත. එය දොaත පුරා ලැබීමට නියමිතව සිටින්නේ බෙදුම්වාදය ය.

ශ්‍රී ලංකාවේ මිනිසුන් ගෙවල් තූළ රඳවා ගනිමින්ද, එක්‌සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොළඹ හෝටල් තුළ බලහත්කාරයෙන් රඳවා ගනිමින්ද වර්ෂ 1987 ජූලි 29 දින අත්සන් කරන ලද ඉන්දු - ලංකා ගිවිසුම අධ්‍යක්‍ෂණය කළ ඉන්දියාවද ශ්‍රී ලංකාවේ 13 වන ව්‍යවස්‌ථා සංශෝධනය තමන්ට ලාභයක්‌ යෑයි සිතා සිටින්නේ නම් ඒ ඊටද හොඳටම වැරදිලාය.

මක්‌නිසාද, අනම්‍ය බෙදුම්වාදයකට, සියයට අනූවක පමණ වාසියක්‌ අත්කර දෙන දේශපාලන ව්‍යqහයක්‌ පිරිනැමීමෙන් අලාභය සිදුවන්නේ ඔවුනට අනුව හොඳටම මුරණ්‌ඩු ශ්‍රී ලංකා රජයට පමණක්‌ නොවන නිසාය. එය තම රටේ බෙදුම්වාදී කල්ලි සමඟද අත්වැල් බැඳගත් බෙදුම්වාදී - ත්‍රස්‌තවාදී කල්ලියක ජයග්‍රහණයක්‌ වීම තමන්ටද නිසැක තර්ජනයක්‌ වන නිසාය. මේ වූකලී සර්වසම නිsවුන් සර්පයන් දෙදෙනකුගෙන් එකකු තම ඔඩොක්‌කුවේ රඳවාගෙන අනෙකා අසල්වාසියාගේ ඔඩොක්‌කුවට දමා හොඳින් බලාගන්න යෑයි කීම වැනි ක්‍රියාවකි.

අප අද මේ සටහන තබන්නේ අප හැමදාම සඳහන් කළ ඉහත සඳහන් සත්‍යය නැවත වරක්‌ සිහි කැඳවීමටම නොවේ. ඒ සත්‍යයට එකතුවන තවත් සත්‍යයක්‌ සාකච්ඡාවට ගැනීමටය.

ශ්‍රී ලංකා රජය එකල මෙකල වෙමින් සිටින 13 වන ව්‍යවස්‌ථා සංශෝධනය තමන්ද ප්‍රතික්‌ෂේප කරන බව එල්. ටී. ටී. ඊ. ඩයස්‌පෝරාවේ ප්‍රධාන නිල සංවිධානය වන ඊළාම් ද්‍රවිඩයන්ගේ ජාත්‍යන්තර කවුන්සලය ඊයේ නිවේදනය කර සිටියේය. ශ්‍රී ලංකාවේ දැනට ස්‌ථාපිතව තිබෙන ඒකීය රාජ්‍යය තත්ත්වය යටතේ ඉදිරිපත් කරන 13 වන ව්‍යවස්‌ථා සංශෝධනය තමන් නොපිළිගන්නා බව ප්‍රකාශ කරන එම සංවිධානය ඉන් දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳිය නොහැකි බව ප්‍රකාශ කරන්නේය. තමන්ට අවශ්‍යවන්නේ ස්‌වයං පාලනයක්‌ බවත් එහි මුල් පියවර වශයෙන් මේ මොහොතේ කළ යුතු වන්නේ උතුරු - නැගෙනහිර ජනමත විචාරණයක්‌ පැවැත්වීම බවත් එහි අදහසය.

ඊළාම් ද්‍රවිඩයන්ගේ ජාත්‍යන්තර කවුන්සලය, මේ ආකාරයෙන් දෙකඩ කෙරුණු සුඩානය හෝ වෙනත් අපායක්‌ හෝ පරමාදර්ශ කොට මේ යෝජනා ගෙන එනවා විය හැකිය. තමන්ට ආධාර සැපයීමට ප්‍රතිඥ දී සිටින කාලකණ්‌ණිම වර්ගයේ අධිරාජ්‍යවාදී රටවල උපදෙසකට අනුව මේ යෝජනාව ඉදිරිපත් කරනවා විය හැකිය. එහෙත්, ඒ කුමන ක්‍රමයෙන් හෝ ප්‍රකාශ වන්නේ ෙමිනිසා 13 වන සංශෝධනය බලාත්මක කිරීමට රජයට දැඩි පීඩනයක්‌ යොදවන "පුස්‌ - ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ සහ "කාල් (1/4) මාක්‌ස්‌වාදීන්" ගේ උමතු විශ්වාසයන් "හොම්බෙන් යෑවෙන බවය".

මොළේ මඤaඤං නොමැති ඕනෑම කෙනකුට මෙහිදී සිහිපත් විය යුත්තේ සාම සාකච්ඡා පැවැති හැම කාලයක්‌ මුළුල්ලේම එල්. ටී. ටී. ඊ. ය කියා සිටියේද මේ කතාවම බවය. අර අරුම පුදුම සාම ව්‍යාපාරිකයන්ගේ බලවත් ඉල්ලීම පරිදි ශ්‍රී ලංකාවේ කිසියම් හෝ ආණ්‌ඩුවක්‌ සාමය ස්‌ථාපිත කරනු පිණිස "යුද්ධයෙන් ඉල්ලාගෙන පැරදී" එදා මේ ඉල්ලීම් ඉටු කළේ නම් මේ වන විට අප කවුරුත් සිටින්නේ දෙකඩ වූ රාජ්‍යයක බවට සැකයක්‌ නැත.

පැරැණි මියගිය එල්. ටී. ටී. ඊ. යට සේම අද සිවිල් දේශපාලන ඇඳුමෙන් සැරසුණු එල්. ටී. ටී. ඊ. යටද පළාත් සභාවකින් ඇති වැඩක්‌ නැත. මධ්‍යම රජයක පාලනය යටතේ ක්‍රියාත්මක වන පොලිස්‌ බලතල හෝ ඉඩම් බලතලවලින්ද වැඩක්‌ නැත. එහෙත්, ඒවා හෝ ඔවුනට දැන් අවශ්‍ය කෙරෙයි. මක්‌නිසාද, පොලිස්‌ බලතල රජයට එරෙහි හමුදා බලතල බවට පත්කර ගන්නා සරල ක්‍රමය ඔවුන් දන්නා නිසාය. සිංහල - මුස්‌ලිම් වැසියන් උතුරු - නැගෙනහිරෙන් එළවා දැමිය හැකි සරලම ක්‍රමය ඔවුන් දන්නා නිසාය.

තතු එසේ තිබියදී වුව තම අවංක ෙච්තනාව නොපැකිලිව ප්‍රකාශ කිරීම පිළිබඳව අපගේ ස්‌තුතිය ඊළාම් ද්‍රවිඩයන්ගේ ජාත්‍යන්තර කවුන්සලයට පිරිනැමීමට අප කැමැති ය.

http://www.divaina.com/2013/06/06/editor.html

0 comments: