ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා සහ හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජීවු ගාන්ධි මහතා අතර 1987දී අත්සන් තබන ලද ඉන්දු-ලංකා ගිවිසුමට ප්‍රකාරව උතුරු පළාත් සභාවට ව්‍යවස්ථාවෙන් හිමිව ඇති බලතල අහිමි කලහොත් 1974 ජීනි මාසයේදී ශ්‍රි ලංකාව සහ ඉන්දියාව අතර ඇතිකරගත් ගිවිසුමකින් මෙරටට පවරා දුන් කච්චතිවු දුපතට අදාල ගිවිසුම අහෝසි කරන ලෙස ඉන්දීය රජයට යෝජනාවක් ඉදිරිපත්ව ඇතැයි තානාපති ආරංචි මාර්ග කියයි.
ශ්‍රී ලංකා රජය උතුරු පළාත් සභා මැතිවරණයට පෙර පළාත් සභා විෂයන් ලෙස සැලකෙන ඉඩම් සහ පොලිස් බලතල ඉවත් කිරීමට තීරණය කලහොත් එය ඉන්දු-ලංකා ගිවිසුම ඒකපාර්ශවීයව උල්ලංඝනය කිරීමක් වන බව ඉන්දීය නීති විශාරදයන් විසින් පෙන්වා දී ඇතැයිද වාර්තා වේ.
එවැන්නකට ප්‍රතිචාර දැක්විය යුතු හොඳම ක්‍රමය 1974 ජූනි මස 18 වන දින සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය සහ ඉන්දිරා ගාන්ධි අගමැතිනිය අතර අත්සන් තබන ලද කච්චතිවු දුපත පවරා දීමේ ගිවිසුම ඒකපාර්ශවීයව අවලංගු කිරීම බවද ඔවුන් පෙන්වා දී ඇත.
මෙම ප්‍රශ්ණය උද්ගත වීමත් සමඟ ඉන්දීය රජයද බරපතල රාජතාන්ත්‍රික ගැටළුවකට මුහුණ දී සිටී. මේ පිළිබඳව සාකච්චා කිරීමට ඉදිරි දින කිහිපය ඇතුලත නවදිල්ලියේ විශේෂ සමුළුවක්ද කැඳවා තිබේ. ඉහල පෙලේ රාජ්‍ය අනුග්‍රහය සහිතව මෙම සමුළුව කැඳවා ඇත්තේ තමිල්නාඩුවේ කොංග්රස් පක්ෂ නායකයෙකු වන සුදර්ශන් නාච්චිඅප්පන් මන්ත්‍රීවරයා විසිනි. මෙම සමුළුව සඳහා කොංග්රස් රජයේ ජ්‍යෙෂ්ඨ නායකයන් ගණනාවක් සහභාගී වීමට නියමිතය.
මෙම සමුළුවට සහාභාගී වන ලෙස මෙරට දෙමළ ජාතික සන්ධානයටද ආරාධනා කර ඇතත් ඉන්දු ලංකා ගිවිසුම උල්ලංඝනය කලහොත් ගත හැකි විකල්ප පියවර ගැන තීරණාත්මක සාකච්චාවක් සිදුවිය හැකි බැවින් ඔවුන් ඒ සඳහා සහභාගී වීම අවිනිශ්චිත තත්වයක පවතී.
June 6, 2013 at 12:02 am | lanka C news

0 comments:
Post a Comment