Pages

Monday, June 3, 2013

බාල අටපිරිකර සොයා වැටලීම්

තත්ත්වයෙන් බාල අටපිරිකර අලෙවි කරන වෙළෙඳුන් සොයා ඊයේ (02 වැනිදා) සිට පාරිභෝගික අධිකාරිය වැටලීම් ආරම්භ කර තිබේ.

ජනාධිපතිවරයා විසින් සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතාට දුන් උපදෙස්‌ මත මෙම වැටලීම් කිරීම පාරිභෝගික අධිකාරියේ සභාපති රූම් මර්ෂුක්‌ මහතාගේ අධීක්‍ෂණය යටතේ සිදු කෙරේ.

දිවයින පුරා බාල තත්ත්වයේ අටපිරිකර අලෙවි කරන බවට පැමිණිලි ලැබී ඇති බව පවසන ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා විශේෂයෙන් පාත්තර, දැලිපිහිය, සිවුරු, බඳපටිය තත්ත්වයෙන් බාල මට්‌ටමේ පවතින බවට හෙළි වී ඇතැයිද කීය.

ප්‍රථම අදියර යටතේ කොළඹ හා මහනුවර ප්‍රදේශයෙහි මෙම වැටලීම් සිදුකර අනතුරුව අනෙකුත් දිස්‌ත්‍රික්‌කවලද වැටලීම් කරන ලෙස ඇමැතිවරයා පාරිභෝගික අධිකාරියට උපදෙස්‌ දී ඇත. එහිදී අත්අඩංගුවට ගන්නා වෙළෙන්දන්ට එරෙහිව නීතිය දැඩි සේ ක්‍රියාත්මක කරන ලෙස උපදෙස්‌ දී ඇත. බුද්ධශාසන අමාත්‍යංශය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය හා එක්‌ව අටපිරිකර පිළිබඳව ප්‍රමිතියක්‌ සකස්‌ කරන ලෙසද පාරිභෝගික අධිකාරියට ඇමැතිවරයා උපදෙස්‌ දී තිබේ.

චමින්ද සිල්වා

0 comments: