තම ප්‍රතිපත්තිය ගමින් ගමට දේශනා කරමින් උන් වහන්සේ වැඩම කළෝය. හරක් මරන්නට රැගෙන යනවිට මහ රෑ යාමේ ඒවා සොයාගෙන එම ගවයන් උන්වහන්සේ මුදා ගත්තෝය. පත්‍රිකා බෙදමින් හන්දි ගානේ යමින් ගව ඝාතනයට එරෙහිව හඬ නැගුවෝය. වරක් ඇඹිලිපිටියේ බෝධිරාජාරාමයේ සිට රුවන්වැලි මහා සෑය හා ජයසිරි මහා බෝධීන් වහන්සේ වෙත උන්වහන්සේ දින 18 ක පාගමනකින් වැඩිසේක. කිලෝ මීටර් 355 ක් වූ එම දුර ප්‍රමාණය උන්වහන්සේ ගම් නියම් ගම් සැරිසැරුවේ ගව ඝාතනය මෙම ධර්ම ද්වීපයෙන් තුරන් කිරීමටය. ගව ඝාතනය නැති කිරීම උන් වහන්සේගේ ජීවිතයේ ප්‍රධාන මාතෘකාව වුවද උන්වහන්සේ අනිකුත් ජාතික ශාසනික කටයුතුවලදී ද උජුපටිපන්න ගුණයෙන්ම සිටියහ. එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන්ට එරෙහිව රණවිරුවන් සටන් වදින විට බල සෙනඟට සෙත් පිරිත් දෙසමින් පිරිත් නූල් ගැටගැසීම සඳහා උන්වහන්සේ උතුරු නැගෙනහිර හමුදා කඳවුරු ගානේ වැඩම කළහ. ඒ යනවිට තමන්ට පිරිකරට හමු වූ බිස්කට් පැකැට්ටුව, තේ කොළ පැකට්ටුව ආදියද ගෙන ගොස් රණවිරුවන්ට ලබාදීමට උන්වහන්සේ ක්‍රියා කළ සේක.
දුප්පත්කම පදනමක් කර ගනිමින් සිංහල බෞද්ධයන් මිත්‍යා දෘෂ්ඨීන්ට දැක්කීමට එරෙහිව උන්වහන්සේ සටන් කළහ. සැකෙවින්ම ගතහොත් උන් වහන්සේගේ ව්‍යායාමය වූයේ සිංහල බෞද්ධ රාජ්‍යයක් යළි පිහිටුවීමය. තම ප්‍රාර්ථනය ඉෂ්ඨ සිද්ධ කර ගැනීමට උන්වහන්සේ දරන ලද ප්රයත්නයන් සියල්ල අවසානයේ, ඒ වෙනුවෙන් ජීවිතය දානය කිරීමට උන්වහන්සේ තීරණය කළහ.
බෝවත්තේ ඉන්දරතන හිමියන් මහනුවර නගරයට වැඩම කළේ වෙසක් පොහෝ දින උදැසනය. කොහොමටත් උන්වහන්සේ පරාර්ථ චර්යාව සිය ජීවිතය කරගෙන උන්හ. 1999 වසරේදී උන් වහන්සේගේ පියා මිය ගියේය. එකළ උන්වහන්සේ ගතකළේ පාසල් සිසුවකු ලෙසය. ඉන්දික බණ්ඩාර පාසල් සිසුවා සාමනේර නමක් වීමට තීරණය කරන්නේද 1999 වසරේදීය. ඉන්දරතන හිමියන්ගේ මෑණියන් වූ එම්. ඒ. මැගිලින් නෝනා මහත්මිය හඬා වැටෙමින්, සිහිසුන්ව ඇද වැටෙමින් උන්වහන්සේගේ ළමා අවධිය පිළිබඳව මෙසේ සිහිපත් කළේය.
"ඉන්දරතන හාමුදුරුවෝ මගේ බාල පුතයි. උන්වහන්සේට වැඩිමහල් සහෝදරයන් තිදෙනකුත් එක් සහෝදරියකුත් සිටිනවා. ගිහි කාලේ ඉන්දරතන හාමුදුරුවන්ගේ නම ඉන්දික බණ්ඩාර.
උන්වහන්සේගේ එක් සහෝදරයෙක් 2008 වසරේ යුද්ධයෙන් මියගියා. මගේ සැමියා මියගියේ 1999 අවුරුද්දේ. අ.පො.ස. (සා/පෙළ) ලියපු ගමන් බාල පුතා කිව්වේ මහන වෙන්න ඕන කියා. ඒ අනුව බෝවත්ත ඉන්දරතන හිමියන් හැටියට පැවිදි වෙලා කහවත්ත පොරෝනුව ශ්‍රී සුගත පන්සලේ කාලයක් වැඩ වාසය කළා. උපසම්පදාවෙන් පසුව තමයි විවිධ සංවිධානවලට එකතුවෙලා කටයුතු කරන්න පටන් අරගත්තේ. ගව ඝාතනයට විරුද්ධව උන්වහන්සේ නොයෙකුත් විරෝධතා කළ බව දන්නවා. මගේ අනෙක් දරුවෝ විවාහ වෙලා වෙන්වුණාට පසුව නැගණියගේ ගෙදරයි මම ජීවත් වුණේ. මහන වෙලා කාලයක් යනතුරු අපේ හාමුදුරුවෝ අවුරුද්දට කිහිප වරක් ගෙදර ආවා. ඒත් අවුරුද්දකින් විතර අපට දුරකථනයෙන්වත් කතා කළේ නෑ. මෑතකදී දැනගත්තා උන්වහන්සේ වීරවිල පන්සලකත් වැඩ වාසය කළා කියලා."
ඇගේ කඳුළු මවුවත්කමේ ජීවමාන සාක්ෂියකි. බුදු පුතෙක් බවට පත්වූ සිය පුතාගේ ජීවිත දානය ගැන විස්තර අසන වාරයක් වාරයක් පාසා ඇය සිහිසුන්ව ඇද වැටෙයි. "විස්තර අහන්න එපා මහත්තයෝ" යෑයි අපගේ කතාවට බාධා කරමින් එම මෑණියන්ව දෙවුරෙන් ඔසවා ගත් දෙදෙනකු ඇය ඉවතට ගෙන යද්දීත් ඇය අපට ඉතිරි විස්තරයද කිය කියාම නික්ම ගියාය.
"තාත්තාගේ මරණයෙන් පස්සේ මල්ලීට ඕන වුණේම මහන වෙන්න. කොහොම හරි පොඩි හාමුදුරුවෝ ගමේ ඉන්න කාලෙත් සමිති සමාගම්වලට කැමතියි. කෘෂිකර්මාන්තයට වැඩි ඉඩක් තියෙන ගමක් නිසා සතා සිව්පාවාට ගවයාට උන්වහන්සේ කුඩා කාලේ ඉඳලම ආදරෙයි. ගව ඝාතකයන්ට විරුද්ධයි. ඒ අනුව සමිති සමාගම්වලට එක්වෙලා වැඩ කළා. පැවිදි උප සම්පදාව ලබාගත්තු දවසේ උන්වහන්සේ කියපු දෙයක් අද වගේ මතකයි. උන්වහන්සේ එදා කිව්වේ මේ රටට ආගමට මෙහෙවරක් කරන්න බැරිනම් ජීවිතේවත් පැවිදිකමෙන්වත් වැඩක් නෑ කියලයි. උන්වහන්සේ මෑතකදී අප සමග ඇසුරක් නොවුණේ සමිති සමාගම්වල කටයුතු නිසා කාර්යබහුලකම නිසයි."
මවගේ කතාවේ ඉතිරි කොටස එසේ අපට සම්පූර්ණ කර දුන්නේ ඉන්දරතන හිමියන්ගේ ගිහි ජීවිතයේ සොහොයුරකු වූ එම්. ඒ. සේනක බණ්ඩාර මහතාය.
පැවිදි ජීවිතයට ඇතුල් වීමෙන් පසු උන්වහන්සේ සිය ජීවන මාතෘකාව කරගත්තේ ගව ඝාතනය නතර කිරීම, සුරාසල් වසා දැමීම, ත්‍රස්තවාදය පරාජය කිරීම ආදී ජාතික මතවාදයන්ය. තමන්ට කාගෙන් හෝ ලැබෙන සුළු පිරිකරක් හෝ උන්වහන්සේ උපයෝගී කරගත්තේ ඒ සඳහාය. ගිහි ගෙයින් නික්ම ගිය පසු උන්වහන්සේ තම ඥතීන් ගැනවත් වැඩිපුර සොයා බැලුවේ නැත. තමන් මහන දම් පිරූ පන්සල උන්වහන්සේ උපයෝගී කරගත්තේද මෙම පරාර්ථ චර්යාව පිණිසමය. උන්වහන්සේ සතුව කිසිදු ධනයක් නොවීය. කිසිදු දෙයකට ඇල්මක් නොවීය. තිබුණේ, තම ප්‍රතිපත්තිය උදෙසා කැපවීමකි.
තම අරමුණ ඉටුකර ගැනීම සඳහා දේශපාලනයට පිවිසීමට වරක් උන්වහන්සේ තීරණය කර තිබුණි. ඒ සඳහා උන්වහන්සේ අපේක්ෂකත්වය ඉල්ලා තිබුණේ ශ්‍රී ල. නි. ප යෙන්ය. රත්නපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී.ල.නි.ප. නායකයා වූ අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න සමඟ වන කිට්ටු සම්බන්ධයක් උන්වහන්සේට තිබුණි. සත්ත්ව හිංසාව පිටුදැකීමේ සටන සඳහා කොළඹ ප්‍රදේශයේ එවැනි සංවිධානයක් ඉන්දරතන හිමියන්ට හඳුන්වා දී තිබුණේ ඇමැතිවරයා විසිනි. ඉන්දරතන හිමියන්ට, ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා අපේක්ෂකත්වය දෙන ලෙස අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න තම පක්ෂයෙන් ඉල්ලීමක් කළේය. ශ්‍රී.ල.නි.ප ය, පැවිදි පක්ෂය සඳහා නාම යෝජනා නොදෙන ප්රතිපත්තියක සිටි නිසා පක්ෂය විසින් අදාළ ඉල්ලීමට ඉඩ ලබා දුන්නේ නැත. උත්සාහය අත් නොහළ උන්වහන්සේ හෙළ උරුමයෙන් නාම යෝජනා ලබාගෙන එ.ජ.නි.ස ය යටතේ පැල්මඬුල්ල ප්‍රාදේශීය සභාවට තරග කළේය. මනාප ඡන්ද 3033 ක් ලබාගෙන පැල්මඬුල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු වීමට උන්වහන්සේ සුදුසුකම් ලබන්නේ ඒ අනුවය. මන්ත්‍රී ධුරයෙන් සිය කර්තව්‍යය ඉටු නොවන විට උන්වහන්සේ එයද අත්aහැර දැමුවේය. අඛණ්ඩව සභා රැස්වීම් ගණනකට සහභාගි නොවීම නිසා උන්වහන්සේට ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධුරයද අහිමි විය.
පසු කාලයේදී උන්වහන්සේ සිංහල රාවය
සංවිධානයට සම්බන්ධ වී ක්‍රියා කළේය. මේ කාලය වන විට වීරවිල ප්‍රදේශයේ පන්සලක ඉන්දරතන හිමියන් වැඩ වාසය කළේය. එම පළාතේ සිටි බෞද්ධයන් මුදල් තෑගි ආදිය ලබාදී මිත්‍යා දුෂ්ඨින්ට හැරවීමට එරෙහිව එම පළාත තුළ උන්වහන්සේ විරෝධයක් දියත් කරමින් උන්හ.
ජාතික බලවේගයේ ක්‍රියාකාරීව උන්වහන්සේ ගව ඝාතනය තදින් පිළිකුල් කරන ලද්දේ අතීත ජාතික ව්‍යාපාරයේ නායකයන් වූ අනගාරික ධර්මපාලතුමා වැන්නන්ගේ පූර්වාදර්ශය අනුවම විය. රටම උන්වහන්සේ ගැන කතා කරන්නට පටන් ගත්තේ, වෙසක් පොහෝදා මධ්‍යාහනයේ ඇතිවූ සිද්ධියත් සමගය.
වෙසක් සිරියට රටම සැරසෙමින් තිබුණි. ලහි ලහියේ වෙසක් සැරසිලි කරමින් හැන්දැවට ඒවායින් තම ගෙවත්ත සරසන්නට පිරිසක් පියවර ගනිමින් සිටියෝය. දන්සැල්, තොරණ ආදියට තව පිරිසක් ලක ලෑස්ති වූහ. ඒ ආමිස පූජාවන්ය. සිල් ඇත්තෝ බුදුන් දෙසූ මග අනුව දිනක් ගත කරමින් ප්‍රතිපත්ති පූජාවේ යෙදී සිටියෝය. සියල්ල අතරේ ඉන්දරතන හිමියෝ උත්තම පූජාව වන ජීවිත පරිත්‍යාගයෙන් තම ප්‍රතිපත්තිය දිනවන්නට සම්මා සතියට සම වැදී සිටියෝය.
උන්වහන්සේගේ උත්තම පූජාව රහසක් වී තිබුණි. තමන් නුවර යන ගමන අවසන් ගමනේම මුල් කොටස බව දැන සිටින්නේ ඉන්දරතන හිමියන්ම පමණි. ඒ සඳහා වැඩියේද තනියමය. තම උත්තම පූජාව තවකෙකුට කරදරයක් නොවීම සඳහා මෙසේ උන්වහන්සේ තනි සිතින් එය විඳගන්නට ඇත.
ශ්‍රී දළදා මැඳුර අසල දන්සලක නැවතී ගව ඝාතනයේ විපාක උන්වහන්සේ වදාරන්නට පටන් ගත්සේක. තමන් වහන්සේ විසින් ගව ඝාතනයට එරෙහිව අත්සන් දස ලක්ෂයක් එක් කර පෙත්සමක් ඉදිරිපත් කළ බවත්, අදාළ අංශවලට මේ ගැන අවධාරණය කරමින් ලිපි ලියූ බවත් උන්වහන්සේ අවධාරණය කළහ. විද්‍යුත් නාලිකාවක මාධ්‍යවේදියකු උන්වහන්සේට හමුවී ඇත්තේ මේ අතරේය. කමල් ලක්ෂ්මන් සුරවීර මාධ්‍යවේදියාට උන්වහන්සේ පවසා ඇත්තේ ගව ඝාතනය නීතියෙන් නතර නොකරන්නේ නම් තමන් වහන්සේ සියදිවි නසාගන්නා බවය.
තමන් වහන්සේ එක්වී වැඩකළ සිංහල රාවය සංවිධානයටවත් මෙම උත්තම පූජාව ගැන උන්වහන්සේ දන්වා තිබුණේ නැත. සිංහල රාවය සංවිධානයේ ලේකම් මැඩිල්ලේ පඤ්Æලෝක හිමියන්ගේ පන්සලට ඉන්දරතන හිමියන් දුරකථන ඇමතුමක් දී තිබුණි. මැඩිල්ලේ හිමියෝ ඒ අවස්ථාවේ පන්සලේ නොසිටි අතර, පන්සලේ සිටි ගිහියෙකු දුරකථනය රැගෙන තිබේ. "අද නුවරදී ලොකු වැඩසටහනක් කරනවා මාධ්‍යයෙන් බලන්න පුළුවන් වෙයි" කියා පණිවුඩයක් කියා ඉන්දරතන හිමියන් දුරකථනය විසන්ධි කර තිබේ.
උත්තම පූජාවේ යෙදෙන්නට උන් වහන්සේ සැරසෙන්න මොහොත උදාවී ඇත්තේ දැන්ය... දහසක් බුදුවරු බුදු වූ උදැසන පසුවී යමින් තිබේ. ගෞතම බුදු රජාණන්ගේ ඉපදුණු, බුදුවුණු, පිsරිනිවන් පෑ දිනය උදා වී තිබේ. බුදුරජාණන්ගේ සඳහම් පණිවුඩ සියල්ලේම පහස ලැබූ දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කළ දළදා මැඳුර එක් පසෙකය. නිලෙන් කළ සිත්තමක් බඳු නුවර වැව අනෙක් පසය. සැදැහැබැතියෙන් හා සිල් සුවඳින් රටක් නැහැවී තිබේ. දෙව් ලොව දෙවියන් මිහි බසින දිනයක් තරමට රටම සිල්වත්ය. 2013 වෙසක් පොහොය ඉතිහාසයට එක් වීමේ නිමේෂය එළඹ තිබේ.
තම ප්‍රතිපත්තිය, අසල ගැවසෙන ජනතාවට ඉන්දරතන හිමියෝ හඬගා සිටියේ "ගව ඝාතනය නීතියෙන් තහනම් කරන්න" උන්වහන්සේගේ පණිවුඩය එයය. තමන් අත තිබූ පෙට්ට්‍රල් ගැලුමෙන් සිරුරට පෙට්ට්‍රල් හලා ගනිමින් උන්වහන්සේ තම පණිවුඩය වදාළ සේක. ඒ සැනින්ම උන් වහන්සේ අත වූ ලයිටරය පත්තු වූ අතර අග්නි ජාලාවක් දළදා මැඳුර ඉදිරිපිට දිස්වන්නට විය. අවට සිටි දනන් මේ ගිනි බෝලය කුමක්දැයි තේරුම් ගන්නට වැර වෑයම් කරමින් සිටියේය. වෙනදාට සියදිවි හානි කර ගන්නවුන් නඟනා, බේරා ගනියෝ.... වැනි ලතෝනි වෙනුවට ගිනි ජාලාවක් වූ ඉන්දරතන හිමියන්ගෙන් නිකුත් වූයේ ගව ඝාතනය එපා... එපා... යන වචනමය.. පාරමිතාවක් බඳු උත්තම පූජාවක් කරමින් සෘජු කාලවිලාසයෙන්ම තම සමාප්තියට උන්වහන්සේ සමවැදී සිටියෝය. වියට්නාමයේ කුවාන් ඩක් හිමි සේම සස ජාතකයේදී ගින්නට බිලිවූ බෝධි සත්ත්වයන් සේම බෞද්ධ පාරමිතා මාර්ගයේ යමින් පරාර්ථ චර්යාව වෙනුවෙන් අග්නි දාහයක් උන්වහන්සේ වටකර උන්හ.
අවට පිරිස්, පොලිසිය, හමුදාව ආදිය එක්ව උන්වහන්සේගේ ජීවිතය බේරා ගන්න ඉදිරිපත් වන්නේ මේ අතරේය. දන්සල්වලට ගෙනා වතුර බාල්දි ගණන් උන් වහන්සේගේ ඇඟට වක්කරමින් පිරිස උත්සාහ දැරුවේ උන්වහන්සේ බේරා ගැනීමටය.
ඒ වන විටත් උත්තම පූජාව පුර්ණ කිරීම හෙවත් තම මරණය වෙත ඉන්දරතන හිමියන් ළංවෙමින් සිටියේය. පොලිස් විශේෂකාර්ය බළකායේ සාමාජිකයන් විසින් ජීප් රියක උන්වහන්සේගේ දැවුණු සිරුර දමාගෙන මහනුවර මහ රෝහල වෙත වහාම ඇතුල් කළේය. "තත්ත්වය බරපතළයි" රෝහල් වෛද්‍යවරුන්ගේ වචන වූයේ ඒවාය. ඉන්දරතන හිමියන්ගේ ගින්න, වෙසක් සිල් සුවඳ දෙබෑ කරමින් රට පුරාම "ලැව් ගින්නක්" සේ පැතිර ගියේය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරංචිය ලැබුණු සැනින් විශේෂ හෙළිකොප්ටරයක් මගින් උන්වහන්සේ කොළඹ මහ රෝහලට ඇතුල් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය.
බරපතළ තත්ත්වයේදීත් උන්වහන්සේට වැදගත් වූයේ සිය පණනළ නොවේ. සංසාරය, විශ්වාසය කළ උන්වහන්සේගේ මෙය එක් නවාතැනක් පමණක් බව, සම් සිඳ මස්, මස් සිඳ ඇට, ඇට සිඳ ඇට මිදුළු තුළම ගබඩා කරගෙන තිබුණි. මරණයෙන් පුද දිය හැකි උත්තම පූජාව උන්වහන්සේ වැදගත්කොට සලකන්නට ඇත්තේ එහෙයිනි. වචන එකිනෙක ගැට ගසමින් උන් වහන්සේ දේශනා කරන ලද්දේ තම උත්තම පූජාවේ අරමුණමය. "ගව ඝාතනය නීතියෙන් නතර කරන්න" සම්මා සතියක ප්‍රබල බවට මෙයිට වඩා උදාහරණයක් තිබේද?
වෙසක් සඳ බැස ගියේය. පසුදා උදාවිය. තොරණ් බැබලෙමින්, දන්සල් පවත්වමින් රටම වෙසක් සිරි පතුරවමින් සිටියේය. නමුත් සැමගේ සිත් හි තිබුණේ "ගිනි තියා ගත්ත හාමුදුරුවන්ගේ තත්ත්වේ මොකද" යන්නය.
උත්තම පූජාව පරිපූර්ණ වී තිබුණි. පරාර්ථයේ යෙදෙන්නට ගිහි ගෙය අතහැරි බුදු පියාගේ පුතණුවන් බුදු මගේ යමින් වෙසඟ සැමරූ වග ඉතිහාස ගතවිය. උන්වහන්සේ සිය උත්තම පූජාවේ අරමුණ ලිපියකින් ඉදිරිපත් කර තිබුණි. ගව ඝාතනය නතර කිරීම ඇතුළු කාරණා පහක් ඉටු කර ගැනීම සඳහා ඉන්දරතන හිමියෝ දිවි තොර කරගෙන තිබුණි. එම කාරණා ඉටු නොවේනම් "බලවේගයක් වී හෝ රජයට බලපෑම් කරමි" යනුවෙන් අදිටන් කර ගනිමින් ඉන්දරතන හිමියෝ අපවත් වී වදාළහ.
ඉන්දරතන හිමියන්ගේ දේහය කොළඹ ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තිබුණේ ඉදිරි කටයුතු සඳහා සූදානම් වන විමටය. එතැනදී මතභේදකාරී තත්ත්වයක් ඇති වී තිබුණි.
කෙසේහෝ අවසානයේ ඉන්දරතන හිsමියන්ගේ දේහය, කහවත්ත පනාවැන්න සිරිසුමන විහාරස්ථානයේ තැන්පත් කිරීම සඳහා කටයුතු යෙදී තිබුණි.
මනහර කඳුකර ප්‍රදේශයක පිහිටා තිබූ පනාවැන්න සිරිසුමන විහාරය කුඩා පන්සලකි. පසුගිය අඟහරුවාදා වනවිට රටම කතා කරන තැනක් බවට පත් වුවද, එයට අයත්ව තිබුණේ අලුaතෙන් ඉදිකළ ලැගුම් ගෙයක් හා පරණ ගොඩනැඟිලි කිහිපයක් පමණයි. අප එම ස්ථානයට ළඟාවන විටත් ආරක්ෂක අංශ පොදි පිටින් ප්‍රදේශයේ රැකවල්ලා සිටියෝය. සැදැහැවත් කැළ තම පුහුදුන් සිරිත නිසාදොa කනස්සල්ලෙන් බරව සිටියෝය. ඉන්දරතන හිමියන්ගේ දේහය වටා එකම පඬුවන් යායකි. ඒ තරමට මහා සඝ ගණ, තම සොහොයුරාට උපහාර පිණිස වැඩමවා සිටියෝය. අනූතුන් වියෑති ඉන්දරතන හිමියන්ගේ ගුරු හිමියෝ වයසට ඔරොත්තු නොදෙන මෙම සිද්ධියෙන් වික්ක්ෂිප්ත වී සිටියෝය. වජිරඥණ නායක හිමියන් බණපොත කියවා දැන උගෙන සිටියද පුහුදුන් මනසින් උන්වහන්සේට මේ දුක වාවා ගත නොහැකිව සිටියහ. දේහයට අවසන් ගෞරව දක්වන්aනට ඉන්දරතන හිමියන් බිහි කළ මාතාව ධර්ම ශාලාවට පැමිණියාය. මොහොතකින් ඉන්දරතන හිමිගේ මව සිහිසුන්ව ඇද වැටුණාය උන්වහන්සේට කිරි දුන් ළැමට මේ වියෝව ඉවසනු නොහැකිය. ගව ඝාතනයට ඉඩ නොතබන්නට උත්තම පූජාවක් සිය පුතණුවන් සිදු කළත් මවගේ ලැමට ඒ සියල්ල සෙසු කරණාය.
දකුණු පනාවැන්න සුන්දර ගම් පියසම හඬා වැටෙමින් තිබුණි. ඉන්දරතන හිමියන්ම මූලික වී ගමට ඉදිකර දෙන ලද පිට්ටනියේ උන්වහන්සේගේ චිතකය ඉදිකර තිබුණි. සාධුකාර හඬ වටින්ම ඇසේ. දෙවැනි වරටද හිමි දේහය අග්නි ජාලයෙන් වැසී ගත්තේය.
පිට්ටනිය කෙළවර තණ කකා උන් වසු රෑනක් මේ කිසිවක් නොදැනදොa තම කාර්යයේ නිමග්නව වී සිටිති. හිරු රැස් අස්සෙන් සංවේග ජනක පිංවතුන්ගේ සෝ සුසුම්ය. ඒ අතරින් වසු රෑන නඟන උම්බෑ හඬය. හිමියන්ගේ දේහයෙන් ගිනි දැල් නිකුත් වෙයි. හිමියන්ගේ පැවිදි සොහොයුරු පිsරිස උන්වහන්සේ වෙනුවෙන් ලියූ කවි, ලවුස්පීකරයෙන් කියවෙයි.
කහවත දරා ඔබ සිටියද දෙනෙක් පියා
ජීවත් වෙනව තවමත් පා කුළුණු දයා
හිමි එඩි සිරුර බලනාවිට දෙනෙත් අයා
හිමියන් කුඩාපොල පරපුර වෙතම ගියා
සම්බුදු සසුන රට ජාතිය රැක ගන්න
සිහළුනි අවදිවවු සැම පෙරටම එන්න
දුන් ඒ උතුම් විරු අදහස සපුරන්න
අප සැම පෙරට ඉන්නා බව සලකන්න
කේශර රුහිරු බිඳු තාලෙට නටන කොට
ඉවසනු කෝම දැම්මත් කහ සිවුරු පොට
කිරි මව් රැකගන්ට තම දිවි දෙවැනි කොට
දෙව්ලොව වැඩිය සඳ නුඹ බුදුරුවකි හෙට
මනෝඡ් අබයදීර, එරික් ගාමිණී ජිනප්‍රිය
http://www.divaina.com/2013/06/02/feature10.html
ඉන්ද්‍රරතන යතිවිරු ජීවිත දානය සබැඳි ලිපි -
[බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ දේහය කහ පැහැ චිතකයේදී ගිනි දැල්වලින් වෙලා ගත්තේය...http://denethharinna.blogspot.com/2013/05/blog-post_2445.html
බෝසත් මඟ යමින් පරාර්ථය වෙනුවෙන් තම දිවි දන් දුන් මහා යති විරුවාණෝ... බෝවත්තේ ඉන්ද්‍රසාර බුදු පුතුණ්ට අමා මහ නිවන්සුව අත්වේවා!
http://denethharinna.blogspot.com/2013/05/blog-post_2954.html
බුද්ධ පුත්‍රයාගේ ජීවිත හරණය, මිලිටරි මැදිහත්වීම සහ බොදුනුවන්ගේ අඳුරු අනාගතයhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_1795.html
ඉන්දරතන හිමියන්ගේ අපවත්වීම සිය දිවි හානිකර ගැනීමක් ද?http://denethharinna.blogspot.com/2013/05/blog-post_8830.html
ඉන්ද්‍රරත්න යතිවිරු අවසන් බුහුමන් ගුණකථනhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_5397.html
කෙටිකලක් තුළ ඉන්ද්‍රරතන හිමි කළ සේවය සලකන කළ, තව වසර කිහිපයක් සිටියානම් මොනතරම් සේවයක් කරයිද? - නාපාන පේමසිරි මහනාහිමිhttp://denethharinna.blogspot.com/2013/06/blog-post_3344.html
බොදු උරුමය වෙනුවෙන් සහ ගව ඝාතනය වැළකුම වෙනුවෙන් පාලකයන්ගෙන් නිසි පිළිතුරක් නොලැබුණු තැන උන්වහන්සේ දිවි පූජා කළා - ඥාණසාර හිමි
http://denethharinna.blogspot.com/2013/05/blog-post_2889.html
ජීවිත පරිත්‍යාගය අවතක්සේරු කිරීමට බැහැ - ජාතික සංඝ සම්මේලනය
http://denethharinna.blogspot.com/2013/05/blog-post_3858.html
ඉන්ද්‍රරතන හිමිගේ අරමුණු වෙනුවෙන් ජීවිතය දෙන්න තවත් භික්ෂූන් සූදානම් - SR
http://denethharinna.blogspot.com/2013/05/sr.html
භික්ෂූන්ට පහරදී ඉන්ද්‍රසාර යතිවිරුවාණන්ගේ ශ්‍රි දේහය බලහත්කාරයෙන් කහවත්තට
http://denethharinna.blogspot.com/2013/05/blog-post_6989.htmlඉන්ද්‍රරතන හිමිගේ දේහය රත්නපුරයට ගෙනයන හැඩ… මල් ශාලාව ඉදිරිපිට විරෝධතාhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_26.htmlඉන්ද්‍රරතන හිමිගේ දේහය ඉල්ලන භික්ෂූන්ට සලකන්නට කැරළි මර්ධන ඒකකය සූදානම්http://denethharinna.blogspot.com/2013/05/blog-post_1562.html
]

0 comments:
Post a Comment