Pages

Sunday, June 2, 2013

කෙටිකලක් තුළ ඉන්ද්‍රරතන හිමි කළ සේවය සලකන කළ, තව වසර කිහිපයක් සිටියානම් මොනතරම් සේවයක් කරයිද? - නාපාන පේමසිරි මහනාහිමි

කවර දෙයකදී වුවත් අති ධාවනකාරී බව නොවටිනා බැවින් තරුණ භික්ෂූන් වහන්සේ තීරණ ගත යුත්තේ දුරබලා බව ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහා  නායක අග්ගමහා පණ්ඩිත නාපාන පේමසිරි මහනාහිමියෝ පවසති.

ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායට  අයත් භික්ෂුවක් වන බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් ගිනි තබාගෙන අපවත්වීම පිළිබද නිවේදයනක් නිකුත් කරමින් මහානාහිමියෝ මෙසේද පවසති.

‘ගව ඝාතනයට විරෝධය පාමින් වෙසක් පෝහෝ දින මහනුවර දළදා මාලිගාව අභියසදී තම සිරුරට ගිනි තබාගත් පූජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන ස්ථීවරයන් වහන්සේගේ අපවත්වීම ඇසීමෙන් මම අතිශය සංවේගයට පත්වීමි.

අප නිකායට අයත් ඉන්ද්‍රරතන ස්ථීවරයන් තම කෙටි ජීවිත කාලය තුළ ආගමික ජාතික වශයෙන් විශාල  මෙහයක් සිදුකළ තරුණ භික්ෂූන් වහන්සේ නමකි. ජීවිතයේ පෞද්ගලිකත්වයට දෙවෙනි තැන දී සමාජ සුභ සිද්ධිය සදහා ප‍්‍රමුඛත්වය දී කටයුතු කළ යතිවරයෙකු  බව උන් වහන්සේගේ ජීවිත තොරතුරු වලින් හා ආශ‍්‍රිතයෙන් දැන ගතිමි. අප නිකායටත්  සම්බුද්ධ ශාසනයටත් රටටත් ඉතා විශාල මෙහෙවරක් සිදු කිරීමට තිබූ තරුණ භික්ෂූ ජීවිතයක් මෙලෙස අහිමිවීම විශාල පාඩුවකි.

හොදම තරුණ වයසේ  සාසනයට ඇතුළුව අවශ්‍ය අධ්‍යාපනයද ලබා ඉතා කෙටි කාලයක් තුළ උන් වහන්සේ සිදු කර ඇති ආගමික ජාතික මෙහෙවර සලකන විට තව දශක දෙක තුනක් වත් ජීවත් වූවා නම් කෙබදු මෙහෙයක් උන් වහන්සේගෙන් සිදුවන ඇත්ද? යම් යම්  තීරණ ගැනීමේදී තම ගුරුවරුන්ගෙන් කළ්‍යාණ මිත‍්‍රයන්ගෙන් නොවිමසා අන්තනෝමතික ලෙස කටයුතු කිරීම නිසා වටිනා භික්ෂු ජීවිතයක් රටට අහිමි වී ඇත’

තරුණ භික්ෂූන් වහන්සේලා දුර බලා තීරණ ගත යුතුයි
June 2, 2013 at 2:06 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/95025/

ඉන්ද්‍රරතන යතිවිරු ජීවිත දානය සබැඳි ලිපි -[බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ දේහය කහ පැහැ චිතකයේදී ගිනි දැල්වලින් වෙලා ගත්තේය...http://denethharinna.blogspot.com/2013/05/blog-post_2445.html
බෝසත් මඟ යමින් පරාර්ථය වෙනුවෙන් තම දිවි දන් දුන් මහා යති විරුවාණෝ... බෝවත්තේ ඉන්ද්‍රසාර බුදු පුතුණ්ට අමා මහ නිවන්සුව අත්වේවා!
http://denethharinna.blogspot.com/2013/05/blog-post_2954.html

බුද්ධ පුත්‍රයාගේ ජීවිත හරණය, මිලිටරි මැදිහත්වීම සහ බොදුනුවන්ගේ අඳුරු අනාගතයhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_1795.html
ඉන්දරතන හිමියන්ගේ අපවත්වීම සිය දිවි හානිකර ගැනීමක්‌ ද?http://denethharinna.blogspot.com/2013/05/blog-post_8830.html
ඉන්ද්‍රරත්න යතිවිරු අවසන් බුහුමන් ගුණකථනhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_5397.htmlබොදු උරුමය වෙනුවෙන් සහ ගව ඝාතනය වැළකුම වෙනුවෙන් පාලකයන්ගෙන් නිසි පිළිතුරක් නොලැබුණු තැන උන්වහන්සේ දිවි පූජා කළා - ඥාණසාර හිමි
http://denethharinna.blogspot.com/2013/05/blog-post_2889.html
ජීවිත පරිත්‍යාගය අවතක්‌සේරු කිරීමට බැහැ - ජාතික සංඝ සම්මේලනය
http://denethharinna.blogspot.com/2013/05/blog-post_3858.html
ඉන්ද්‍රරතන හිමිගේ අරමුණු වෙනුවෙන් ජීවිතය දෙන්න තවත් භික්‍ෂූන් සූදානම් - SR
http://denethharinna.blogspot.com/2013/05/sr.html

භික්ෂූන්ට පහරදී ඉන්ද්‍රසාර යතිවිරුවාණන්ගේ ශ්‍රි දේහය බලහත්කාරයෙන් කහවත්තට
http://denethharinna.blogspot.com/2013/05/blog-post_6989.html
ඉන්ද්‍රරතන හිමිගේ දේහය රත්නපුරයට ගෙනයන හැඩ… මල් ශාලාව ඉදිරිපිට විරෝධතාhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_26.htmlඉන්ද්‍රරතන හිමිගේ දේහය ඉල්ලන භික්ෂූන්ට සලකන්නට කැරළි මර්ධන ඒකකය සූදානම්http://denethharinna.blogspot.com/2013/05/blog-post_1562.html
]

0 comments: