Pages

Tuesday, June 4, 2013

සීතාගේ දේවාල හදන්න කලින් රාවණා පිළිරුවක් හදනු – රාවණ බලය

නුවරඑළිය දිවුරුම්පොළ ප‍්‍රදේශයේ දී සීතා දෙවොලක් ඉදිකිරීමට ප‍්‍රථම එහි රාවණා රජුගේ පිළිරුවක් ඉදිකළ යුතු බවත්, එසේ නොකළ හොත් එය ඉදිකරන්නේ කවුරුන්ද යන්න නොබලා ඊට එරෙහිව දැඩි පියවර ගන්නා බවත් රාවණා බලය සංවිධානයේ කැඳවුම්කරු ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ අවධාරණය කරති.

උන්වහන්සේ මේ බව පැවසුවේ සීතා දේවීය සිහිපත් කර දෙවොලක් සෑදීමට ප‍්‍රථම ශ‍්‍රී ලංකාවේ ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කියන බලවත් හා ප‍්‍රබල වෙදැදුරකු වන රාවණා රජුගේ පිළිරුවක් නිර්මාණය කිරීම අනිවාර්යයෙන් කළ යුතු බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි මෙසේ ද පැවසුහ.

‘රාවණා රජු සීතා දේවියව පැහැර ගන්න මුල් වුණේ රජ්ජුරුවන්ගේ සහෝදරියට සිදු කළ අසාධාරණයක්. ඒ වගේම රජ්ජුරුවෝ සීතා දේවියව පැහැරගෙන ආවත් ඇයට බොහෝම හොඳින් සලකලා තිබෙනවා. ඒ පැහැර ගැනීමට යන්ත‍්‍රයක් නිර්මාණය කරන්න තරම් හැකියාවක් රජුට තිබුණා. ඒ වගේම ඔහු ප‍්‍රබල වෙදෙක්.

රාම කුමාරයට සීතා දේවිය දිනා ගන්න රාවනා රජුත් එක්ක අවුරුදු 12 ක් යුද්ධ කරන්න සිදු වුණා. ඒ තරමට රාවණා රජුගේ පිළිමයක් හදලා ගිනි තියනවා.

නමුත් අපි රාමත් එක්ක ශ‍්‍රී ලංකාවට ආව හනුමන්තාගේ නැටුම් පවා විවිධ උත්සවවලට යොදා ගන්නවා. අපි අපේ රජුට නිසි ගෞරවය දීලා තමයි අනෙක් දේවල් කරන්න අවශ්‍ය. ඒ නිසා රාවණා රජුට සාධාරණය ඉටු කර අනෙක් දේවල් කළාට අපිට ප‍්‍රශ්නයක් නැහැ’

කෙසේ වෙතත් ඉන්දීය මධ්‍ය ප්‍රෙද්ශ ප‍්‍රාන්තයේ ප‍්‍රධන අමාත්‍ය සිව්රාජ් සිං වව්චාන් මෙරට සීතා දෙවොලක් ඉදිකිරීහ සඳහා සැලසුම් කර ඇති බව පවසා ඇති බවත්, මේ වන විට ඒ සඳහා ශ‍්‍රී ලංකා රජයේ අනුමැතිය ලැබී ඇති බවත් සඳහන් වේ.

June 4, 2013 at 12:59 pm | lanka C news
http://lankacnews.com/sinhala/main-news/95142/

සබැඳි ලිපි[
ඉන්දියාවෙන් නුවරඑළියට සීතා කෝවිලක්‌http://denethharinna.blogspot.com/2013/06/blog-post_8208.html
ලොව මවිත කල හෙළ සුරුකම් කාටත් නොදැනී වැනසුනිද?
http://denethharinna.blogspot.com/2012/06/blog-post_5225.html
ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙළයන්http://denethharinna.blogspot.com/2012/06/blog-post_15.html
]

0 comments: