ජාතික හෙළ උරුමය විසින් පළාත් සභා ක්‍රමය අහෝසි කිරීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සාකච්ඡා කිරීමට දෙමළ ජාතික සන්ධානය ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවලට ආරාධනා කළ බව විද්‍යා හා තාක්ෂණ ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඊයේ (03 වැනිදා) පැවසීය.
මේ වනවිට 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පතක් ලෙස ජාතික හෙළ උරුමයේ සභාපති අතුරලියේ රතන හිමියන් විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයාට මැයි 29 වැනිදා භාර දුන් බවද ඊයේ (03 වැනිදා) බත්තරමුල්ලේ පිහිටි හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඇමැතිවරයා කියා සිටියේය.
පළාත් සභා සතු පොලිස් බලතල ඉවත් කිරීම, ඉඩම් බලතල ඉවත් කිරීම, එකිනෙකට යාබද පළාත් දෙකකට හෝ තුනකට ඒකාබද්ධව තනි පළාත් සභාවක් පිහිටුවීමට හැකි විධිවිධාන ඉවත් කිරීම, පළාත් සභා ලැයිස්තුවේ විෂයයක් සම්බන්ධයෙන් හෝ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විධිවිධාන සංශෝධනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ගෙනෙන පනත් කෙටුම්පතක්a සරල බහුතරයෙන් සම්මත කර ගැනීම සඳහා සියලු පළාත් සභාවල එකඟතාව ලබා ගත යුතුය යන විධිවිධානය පළාත් සභා බහුතරයක එකඟතාව ලබාගත යුතු බවට සංශෝධනය කිරීම, යම් පළාතක් ජනරජයට එරෙහිව කටයුතු කරන අවස්ථාවක ශ්‍රී ලංකාණ්ඩුවට ඊට සෘජුවම මැදිහත්වීමට හැකිවන අයුරින් ඉන්දියානු ව්‍යවස්ථාවේ 256 සහ 257 වගන්තිවලින් එරට මධ්‍යම ආණ්ඩුවට ලබාදී ඇති බලතල ශ්‍රී ලංකා ආණ්ඩුවට ද ලබාදීම යන සංශෝධන උතුරු පළාත් සභාව පිහිටුවීමට පෙර 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින වගන්ති සංශෝධනය විය යුතු බව ද ඇමැතිවරයා අවධාරණය කර සිටියේය.
මෙම මාධ්‍ය හමුව සඳහා ජාතික හෙළ උරුමයේ සභාපති අතුරලියේ රතන හිමියෝ ද නියෝජ්‍ය ප්‍රධාන ලේකම් බස්නාහිර පළාත් ඇමැති උදය ගම්මන්පිල මහතා ද සහභාගි වූහ.
චමින්ද සිල්වා
http://www.divaina.com/2013/06/04/news06.html

0 comments:
Post a Comment