Pages

Tuesday, June 4, 2013

ටී.එන්.ඒ. මන්ත්‍රී පිරිසක්‌ ඉන්දීය රජය සමඟ "13" ගැන කතා කරති

ඉඩම් හා පොලිස්‌ බලතල අඩංගු 13 වැනි සංශෝධනය පිළිබඳව ඉන්දීය රජය සහ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී කණ්‌ඩායම් අතර සාකච්ඡාවක්‌ ලබන සතියේදී නවදිල්ලි නුවරදී පැවැත්වේ.

මෙම සාකච්ඡාවේදී ද්‍රවිඩ සන්ධානයේ ස්‌ථාවරය වී ඇත්තේ ඉඩම් හා පොලිස්‌ බලතල නැතිව උතුරු පළාත් සභාවේ බලය තමන් ලබා නොගන්නා බවයි.

නවදිල්ලිs බලධාරීන් සහ ද්‍රවිඩ සන්ධානය අතර පැවැත්වෙන මෙම සාකච්ඡාව ගැන පෙරේදා යාපනයේදී මාවයි සේනාධිරාජ විසින් හෙළිකර ඇත.

ද්‍රවිඩ සන්ධානයේ අරමුණ ස්‌වයං පාලනය බවත් ඒ නිසා රාජ්‍යයන් මත දේශපාලන විසඳුමක්‌ ලබාගත නොහැකි බවත් සේනාධිරාජා මහතා පැවැසීය.

මේ අතර 13 වැනි සංශෝධනය ගැන ලන්ඩනයේදී ද්‍රවිඩ පක්‍ෂ නායක නියෝජිතයන් අතර සාකච්ඡාවක්‌ පැවැත්වෙනු ඇත.

කිර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/06/04/news16.html

0 comments: